Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (27) ߝߐߘߊ ߘߏ߫: ߌߓߎ߬ߙߊ߬ߤߌߡߊ߫
یُثَبِّتُ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا بِالْقَوْلِ الثَّابِتِ فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ۚ— وَیُضِلُّ اللّٰهُ الظّٰلِمِیْنَ ۙ۫— وَیَفْعَلُ اللّٰهُ مَا یَشَآءُ ۟۠
ස්ථාවර ඒකීයත්වයේ ප්රකාශ තුළින් දෙවියන් විශ්වාස කරන්නන් එම විශ්වාසය මතම මිය යන තෙක් අල්ලාහ් ඔවුන් මෙලොව ජීවිතයේ පරිපූර්ණ දේව විශ්වාසයෙන් ස්ථාවර කරනු ඇත. එමෙන්ම බර්සක් ජීවිතයේ ඔවුන්ගේ මිනීවලවල් තුළ ප්රශ්න විමසන විට ද ඔහු ඔවුන් ස්ථාවර කරනු ඇත. අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා නිවැරදි හා ඍජු මාර්ගයෙන් පෙරළී ඔහුව ප්රතික්ෂේප කරන අපරාධකරුවන් ඔහු නොමග යන්නට ඉඩ හරිනු ඇත. ඔහුගේ යුක්ති ධර්මය අනුව කෙනෙකු නොමග යන්නට අපේක්ෂා කළේ නම් ඔහුගේ අභිමතය ඔහු සිදු කරන්නේය. ඔහුගේ භාග්යයෙන් යමෙකු යහමග යන්නට ඔහු අපේක්ෂා කළේ නම් එය වළක්වන කිසිවෙකු නොවනු ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تشبيه كلمة الكفر بشجرة الحَنْظل الزاحفة، فهي لا ترتفع، ولا تنتج طيبًا، ولا تدوم.
•දේව ප්රතික්ෂේපයේ වදන විහිඳී ගිය කටුක කැකිරි ගසකට සමාන කිරීම. එය ඉහළට වැඩෙන්නේ නැත. එමෙන්ම යහපතක් උපදවන්නේ ද නැත. අඛණ්ඩ ව පවතින්නේ ද නැත.

• الرابط بين الأمر بالصلاة والزكاة مع ذكر الآخرة هو الإشعار بأنهما مما تكون به النجاة يومئذ.
•සලාතය හා සකාතය ඉටු කරන මෙන් වූ නියෝගය මතුලොව මෙනෙහි කිරීමත් සමග සම්බන්ධ කොට පවසා තිබීම සැබැවින්ම ඒ දෙක එදින ජය ලබන්නට හේතුවන බව සංඛේතවත් කිරීමකි.

• تعداد بعض النعم العظيمة إشارة لعظم كفر بعض بني آدم وجحدهم نعمه سبحانه وتعالى .
•මහත් ආශිර්වාදයන් කිහිපයක් ලැයිස්තු ගත කර තිබීම ආදම්ගේ දරුවන් අතරින් ඇතැමෙකු විසින් දරණ දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැකීමේ බරපතල කම පෙන්වා දෙන සංඛේතයකි.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (27) ߝߐߘߊ ߘߏ߫: ߌߓߎ߬ߙߊ߬ߤߌߡߊ߫
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲