Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (211) ߝߐߘߊ ߘߏ߫: ߣߛߌ߬ߡߛߏ
سَلْ بَنِیْۤ اِسْرَآءِیْلَ كَمْ اٰتَیْنٰهُمْ مِّنْ اٰیَةٍ بَیِّنَةٍ ؕ— وَمَنْ یُّبَدِّلْ نِعْمَةَ اللّٰهِ مِنْ بَعْدِ مَا جَآءَتْهُ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
අහෝ! නබිවරය, ඉස්රාඊල් දරුවන්හට අප්රසාදය පල කරමින් ඔවුන්ගෙන් මෙසේ අසනු. රසූල්වරුන් සත්යවාදීන් බව තහවුරු කරමින් කෙතරම් සාක්ෂි හා සාධක අල්ලාහ් නුඹලාට පැහැදිලි කර තිබේද? නමුත් නුඹලා ඒවා බොරු කළෙහුය. ඒවාට පිටුපෑවෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාදය හඳුනාගත් පසු එය හෙළි වූ පසු කවරෙකු එය ප්රතික්ෂේප කොට බොරු කර වෙනස් කරන්නේද සැබැවින්ම අල්ලාහ් බොරුකාර ප්රතික්ෂේප කරන්නන්හට දැඩි සේ දඞුවම් පමුණුවන බව දැන ගත යුතුය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• ترك شكر الله تعالى على نعمه وترك استعمالها في طاعته يعرضها للزوال ويحيلها بلاءً على صاحبها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හට කෘතඥවීමට අතපසු වීමත් ඔහුට යටහත් වීමේ කටයුතුවල දී ඒවා ක්රියාත්මක නොකොට අතහැර දැමීමත් ඒවා අහිමි වීමට හේතු වන්නේය. එමෙන්ම ඒවාහි අයිතිකරුවන්හට පරීක්ෂණයක් බවට පත් වනු ඇත.

• الأصل أن الله خلق عباده على فطرة التوحيد والإيمان به، وإبليس وأعوانه هم الذين صرفوهم عن هذه الفطرة إلى الشرك به.
•මූල ධර්මය වනුයේ අල්ලාහ් තම ගැත්තන් ඒක දේව වාදය මත පිහිටුවා ඔහු පමණක් විශ්වාස කිරීමේ ස්වභාවයෙන් මවා තිබීමය. නමුත් එම මූල ධර්මයෙන් මිනිසා ඈත් කොට ඔහුට ආදේශ කිරීම වෙත ඉබ්ලීස් හා ඔහුගේ හිතමිතුරන් කටයුතු කරනු ඇත.

• أعظم الخذلان الذي يؤدي للفشل أن تختلف الأمة في كتابها وشريعتها، فيكفّر بعضُها بعضًا، ويلعن بعضُها بعضًا.
• පරාජය වෙත ක්රියා කාරීව කටයුතු කරන අතිමහත් ද්රෝහීකම වනුයේ තමන්ට හිමි දේව පුස්තකයේ හා තමන්ගේ ආගමිික කටයුතුවලදී සමූහයා භේදබින්න වී, ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් ප්රතික්ෂේප කරමින් ඔවුන්නොවුන් ශාප කර ගැනීමය.

• الهداية للحق الذي يختلف فيه الناس، ومعرفة وجه الصواب بيد الله، ويُطلب منه تعالى بالإيمان به والانقياد له.
• කවර සත්යයක් සම්බන්ධයෙන් ජනයා භේදබින්න වී සිටින්නේද ඒ සඳහා මඟ ලැබීමත් නිවැරැදිතාව පිළිබඳ දැනුමත් අල්ලාහ් සතුව පවතී. ඔහුව විශ්වාස කිරීමටත් ඔහුට යටහත් වන්නටත් ඔහුගෙන් අයැද සිටිය යුතු වේ.

• الابتلاء سُنَّة الله تعالى في أوليائه، فيبتليهم بقدر ما في قلوبهم من الإيمان به والتوكل عليه.
• අල්ලාහ්ගේ හිතමිතුරන් ඔහු විසින් පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ පිළිවෙතකි. එහෙයින් ඔවුන්ගේ හදවත් තුළ ඔහු සම්බන්ධයෙන් පවතින විශ්වාසයේ තරමට ඔහු ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇත.

• من أعظم ما يعين على الصبر عند نزول البلاء، الاقتداء بالصالحين وأخذ الأسوة منهم.
•පරීක්ෂාවන් ඇති වන මොහොතේදී ඉවසීම සඳහා උපකාර වන වඩාත් වැදගත්ම කරුණු වනුයේ දැහැමින්ගේ පිළිවෙත අනුගමනය කිරිමත්, ඔවුන්ගේ ආදර්ශයන් තම ජීවිතයට ගැනීමත් වේ.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (211) ߝߐߘߊ ߘߏ߫: ߣߛߌ߬ߡߛߏ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲