Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (27) ߝߐߘߊ ߘߏ߫: ߣߛߌ߬ߡߛߏ
الَّذِیْنَ یَنْقُضُوْنَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِیْثَاقِهٖ ۪— وَیَقْطَعُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیُفْسِدُوْنَ فِی الْاَرْضِ ؕ— اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
එම කුහකයෝ ඔහුට පමණක් නැමදීමටත් පෙර නබිවරුන් දන්වා සිටි ඔහුගේ අවසන් දූතයාණන් පිළිපැදීමටත් ඔහු ඔවුන් සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළෝය. අල්ලාහ්ගේ ගිවිසුම් හෙළා දකින මොවුහු ඥාතී සම්බන්ධකම් මෙන් අල්ලාහ් සම්බන්ධකම් ඇති කර ගන්නට නියම කළ සම්බන්ධකම් බිද දමන මහපොළොවේ පාපකම් සිදු කොට ප්රචණ්ඩත්වය පතුරුවාලන්නට උත්සහ දරන පිරිසක් යැයි වර්ණනා කරමින් පවසයි. එහෙයින් මෙලොව හා මතුලොව ඔවුන් ලබන කොටසින් පාඩු විඳින්නෝ ඔවුහුමය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من كمال النعيم في الجنة أن ملذاتها لا يكدرها أي نوع من التنغيص، ولا يخالطها أي أذى.
•ස්වර්ගයේ ඇති පූර්ණ සැපත: එය භුක්ති විඳීමෙහි කිසිදු ආකාරයේ අඩුවක් ඇති වන්නේ නැත. එමෙන්ම එය කිලිටි හා මිශ්රවද නැත.

• الأمثال التي يضربها الله تعالى لا ينتفع بها إلا المؤمنون؛ لأنهم هم الذين يريدون الهداية بصدق، ويطلبونها بحق.
•අල්ලාහ් ගෙන හැර දක්වන උපමා ප්රයෝජනවත් වනුයේ දෙවියන් විශ්වාස කරන්නන්හට පමණි. එය ඔවුන් සැබෑ ලෙසින් යහමඟ ලබන්නට අපේක්ෂා කරන බැවින් හා සත්යය සොයන බැවිනි.

• من أبرز صفات الفاسقين نقضُ عهودهم مع الله ومع الخلق، وقطعُهُم لما أمر الله بوصله، وسعيُهُم بالفساد في الأرض.
•පාපතරයින්ගේ ගුණාංග අතුරින් බිහිසුණු ගුණාංග වනුයේ අල්ලාහ් සමග හා සෙසු මැවීම් සමග ඇති කරගත් ගිවිසුම් කඩකිරීම, සම්බන්ධකම් පැවැත්වීමට අල්ලාහ් නියෝග කර සිටි සම්බන්ධකම් බිඳ දැමීම හා මහපොළොවේ ප්රචණ්ඩත්වය පතුරවාලන්නට උත්සාහ දැරීම වේ.

• الأصل في الأشياء الإباحة والطهارة؛ لأن الله تعالى امتنَّ على عباده بأن خلق لهم كل ما في الأرض.
•සියලු දෑහී මූලික ස්වභාවය, අනුමතය හා පිරිසිදුය යන්නයි. ඊට හේතුව මහපොළොවේ ඇති සියලු දෑ තම ගැත්තන් වෙනුවෙන් මවා ඒවා ඔවුනට භුක්ති විඳින්නට අල්ලාහ් සලසා ඇති බැවිනි.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (27) ߝߐߘߊ ߘߏ߫: ߣߛߌ߬ߡߛߏ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲