ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
15 : 28

وَدَخَلَ الْمَدِیْنَةَ عَلٰی حِیْنِ غَفْلَةٍ مِّنْ اَهْلِهَا فَوَجَدَ فِیْهَا رَجُلَیْنِ یَقْتَتِلٰنِ ؗ— هٰذَا مِنْ شِیْعَتِهٖ وَهٰذَا مِنْ عَدُوِّهٖ ۚ— فَاسْتَغَاثَهُ الَّذِیْ مِنْ شِیْعَتِهٖ عَلَی الَّذِیْ مِنْ عَدُوِّهٖ ۙ— فَوَكَزَهٗ مُوْسٰی فَقَضٰی عَلَیْهِ ؗ— قَالَ هٰذَا مِنْ عَمَلِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ عَدُوٌّ مُّضِلٌّ مُّبِیْنٌ ۟

ජනයා ඔවුන්ගේ නිවෙස් තුළ විවේකී ව සිටින වේලාවක මූසා නගරයට පිවිසීය. එවිට වාද කරමින් සණ්ඩුසරුවල් කරන මිනිසුන් දෙදෙනෙකු දුටුවේය. ඔවුන්ගෙන් එක් අයකු මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රජාවේ ඉස්රාඊල් දරුවන්ගෙන් කෙනෙකු වූ අතර අනෙකා මූසාගේ සතුරුන් වූ ෆිර්අවුන්ගේ ජනයා වන කිබ්ති වංශයට අයත් කෙනෙකු විය. තම සතුරන් වන කිබ්ති වංශයේ මිනිසාට එරෙහි ව තමන්ට උපකාර කරන්නැයි ඔහුගේ ජනයා අතරින් වූ මිනිසා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම කිබ්තී මිනිසාට තම අත මිට මොළොව මූසා පහරක් ගැසීය. එවිට එම පහරේ බලවත්භාවය හේතුවෙන් ඔහු මැරී වැටුණේය. මූසා (අලයිහිස් සලාම්) තුමා, "මෙය ෂෙයිතාන් විචිත්රවත් කළ දෙයකි. ඔහුගේ වංචාවකි. සැබවින්ම ෂෙයිතාන් ඔහු ව අනුගමනය කරන්නන් නොමග හරින්නාය. සැපැහිදිලි සතුරාය. එහෙයින් ඔහු මට මෙය ඇති කළේ ද ඔහුට මා සතුරු වීම හේතුවෙන් හා සැබවින්ම ඔහු මුළා කරන්නට අපේක්ෂා කරන්නන් ඔහු මුළා කරන්නෙකු ව සිටින බැවිණි." යැයි පැවසීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الاعتراف بالذنب من آداب الدعاء.
•කළ වැරැද්ද පිළිගැනීම ප්රාර්ථනාවෙහි විනය ධර්මයකි. info

• الشكر المحمود هو ما يحمل العبد على طاعة ربه، والبعد عن معصيته.
•ප්රශංසනීය කෘතඥතාව වනාහි එය ගැත්තා තම පරමාධිපතිට යටත් වීමට පත් කරන අතර ඔහු පාපකම් සිදු කිරීමෙන් දුරස් කරනු ඇත. info

• أهمية المبادرة إلى النصح خاصة إذا ترتب عليه إنقاذ مؤمن من الهلاك.
•විශේෂයෙන් දේව විශ්වාසියා විනාශයෙන් මුදවා ගැනීමට ඉඩ ප්රස්තාව ඇති වූ විට උපදෙස් දීම සඳහා යුහුසුලු වීමේ වැදගත්කම. info

• وجوب اتخاذ أسباب النجاة، والالتجاء إلى الله بالدعاء.
•ගැලවීම සඳහා වූ සාධක සූදානම් කර ගැනීමේ අනිවාර්ය භාවය හා ප්රාර්ථනා කිරීමෙන් අල්ලාහ් වෙත යොමු වීම. info