Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (44) ߝߐߘߊ ߘߏ߫: ߛߘߍߞߎߘߎ߲ ߠߎ߬
قُلْ لِّلّٰهِ الشَّفَاعَةُ جَمِیْعًا ؕ— لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟
අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සියලු දෑ වෙනුවෙන් වූ මැදිහත්වීමේ අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහුගේ අනුමැතියෙන් තොර ව ඔහු ඉදිරියේ කිසිවකු මැදිහත් වන්නේ නැත. ඔහු පිළිගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත් වන්නේ ද නැත. අහස්හි ආධිපත්යය හා මහ පොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය. පසු ව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.’
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• النوم والاستيقاظ درسان يوميان للتعريف بالموت والبعث.
•මරණය හා යළි අවදි කරනු ලැබීම වටහා ගැනීම සඳහා නින්ද හා අවදි වීම දෛනික පාඩම් දෙකකි.

• إذا ذُكِر الله وحده عند الكفار أصابهم ضيق وهمّ؛ لأنهم يتذكرون ما أمر به وما نهى عنه وهم معرضون عن هذا كله.
•දේව ප්රතික්ෂේපකයින් ඉදිරියේ අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුනට පීඩනයක් හා දුකක් ඇති වන්නේය. ඊට හේතුව සැබවින්ම කවර දෙයක් නියෝග කර ඇත්තේ ද, එමෙන්ම කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එය ඔවුනට මෙනෙහි කරනු ලබන විට ඒ සියල්ල ඔවුන් ප්රතික්ෂේප කරන්නන් වන බැවිණි.

• يتمنى الكافر يوم القيامة افتداء نفسه بكل ما يملك مع بخله به في الدنيا، ولن يُقْبل منه.
•දේව ප්රතික්ෂෙපකයා මෙලොවෙහි මසුරු වූ අයෙකු වුව ද ඔහු සතු සියලු දේ හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වන්දි වශයෙන් දී, මිදෙන්නට බලයි. නමුත් ඔහුගෙන් එය පිළිගනු නොලැබේ.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (44) ߝߐߘߊ ߘߏ߫: ߛߘߍߞߎߘߎ߲ ߠߎ߬
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲