Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (15) ߝߐߘߊ ߘߏ߫: ߟߊ߬ߥߛߊ
سَیَقُوْلُ الْمُخَلَّفُوْنَ اِذَا انْطَلَقْتُمْ اِلٰی مَغَانِمَ لِتَاْخُذُوْهَا ذَرُوْنَا نَتَّبِعْكُمْ ۚ— یُرِیْدُوْنَ اَنْ یُّبَدِّلُوْا كَلٰمَ اللّٰهِ ؕ— قُلْ لَّنْ تَتَّبِعُوْنَا كَذٰلِكُمْ قَالَ اللّٰهُ مِنْ قَبْلُ ۚ— فَسَیَقُوْلُوْنَ بَلْ تَحْسُدُوْنَنَا ؕ— بَلْ كَانُوْا لَا یَفْقَهُوْنَ اِلَّا قَلِیْلًا ۟
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! හුදෙයිබා ගිවිසුමෙන් පසු ව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් කයිබර්හි සතුරන් විසින් දමා ගිය භාණ්ඩ ගැනීම සඳහා, නුඹලා ගමන් ගන්නා විට ‘ඒවායින් කොටසක් ලබා ගැනීම සඳහා නුඹලා සමග අප ද පිටත් වන්නට අපට ඉඩ හරිනු’ යැයි යුද්ධයෙන් පසුබැස්සවුන් පවසා සිටිනු ඇත. හුදෙයිබිය්යා ගිවිසුමෙන් පසුව කයිබර් යුද්ධයේ සතුරා විසින් දමා ගිය භාණ්ඩ ඔවුනට පිරිනමන බවට අල්ලාහ් කවර කරුණක් දේව විශ්වාසීන්හට ප්රතිඥා කළේ ද එය ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුනට පරිවර්තනය කර දෙනු ඇතැයි යුද්ධයෙන් පසුබැස්සවුන් සිතුවෝය. අහෝ ධර්ම දූතය! නුඹ ඔවුනට, ‘එම යුද පිටියේ සතුරා විසින් දමා ගිය භාණ්ඩ ගැනීම සඳහා නුඹලා අප සමග නොඑනු. සැබැවින්ම කයිබර් යුද්ධයේ යුධ භාණ්ඩ විශේෂයෙන් හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අයට පමණක් යැයි අල්ලාහ් ප්රතිඥා දී ඇත’ යැයි පවසනු. එවිට ඔවුහු, ‘කයිබර් වෙත නුඹලා පසුපසින් පැමිණීමෙන් අපව වළක්වාලීයේ අල්ලාහ්ගෙන් වූ නියෝගයකට නොව, නුඹලා අප මත තබා ඇති ඊර්ෂ්යාව හේතුවෙනි’ යැයි පවසති. එම පසුබැස්සවුන් සිතන පරිදි එම කරුණ නැත. ඔවුහු අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ වටහා ගනුයේ ස්වල්පයක් පමණි. එහෙයින් ඔවුහු පාපයෙහි වැටුණෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مكانة بيعة الرضوان عند الله عظيمة، وأهلها من خير الناس على وجه الأرض.
•අල්ලාහ් අබියස ‘රිල්වාන්’ ගිවිසුමේ ස්ථාවරත්වය අතිමහත්ය. එයට අදාළ පුද්ගලයින් මහපොළොව මත සිටින මිනිසුන්ට වඩා උතුම් අය වෙති.

• سوء الظن بالله من أسباب الوقوع في المعصية وقد يوصل إلى الكفر.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම පාපයට ඇද දමනු ඇත. එය දේව ප්රතික්ෂේපය වෙත සේන්දු කරවයි.

• ضعاف الإيمان قليلون عند الفزع، كثيرون عند الطمع.
•දේව විශ්වාසයේ දුර්වලයින් භීතිමත් අවස්ථාවක ස්වල්ප දෙනෙකු වෙති. සතුටුමත් අවස්ථාවක බොහෝ අය වෙති.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (15) ߝߐߘߊ ߘߏ߫: ߟߊ߬ߥߛߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲