Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߛߎ   ߟߝߊߙߌ ߘߏ߫:
فَسَنُیَسِّرُهٗ لِلْعُسْرٰی ۟ؕ
නපුරු ක්රියා සිදු කිරීම සඳහා අපි ඔහුට පහසු කොට යහකම් කිරීම ඔහුට අසීරු කාර්යයක් බවට පත් කරන්නෙමු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَمَا یُغْنِیْ عَنْهُ مَالُهٗۤ اِذَا تَرَدّٰی ۟ؕ
කිසිවක් වියදම් නොකොට ඔහු මසුරුකමින් තබා ගත් ධනය, ඔහු විනාශ වී නිරයට පිවිසෙන විට කිසිදු ප්රයෝජනයක් ඔහුට එයින් ගෙන දෙන්නේ නැත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنَّ عَلَیْنَا لَلْهُدٰی ۟ؗۖ
අසත්යයෙන් වෙන් වූ සත්යය මඟ පැහැදිළි කිරීම අප සතු වගකීමකි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰی ۟
මතුලොව ජීවිතය හා මෙලොව ජීවිතය අප සතුය. එබැවින් අප අභිමත කරනු ලබන පරිදි ඒ දෙක තුළ ක්රියා කරන්නට ඉඩ සලස්සන්නෙමු. අප හැර වෙන කිසිවකුට එහි කිසිදු අයිතියක් නැත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰی ۟ۚ
එබැවින් අහෝ මිනිසාණෙනි! ඔබ අල්ලාහ්ට පිටුපාන්නේ නම් ඇවිළෙන නිරා ගින්න පිළිබඳ ප්රවේසමෙන් සිටිනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
لَا یَصْلٰىهَاۤ اِلَّا الْاَشْقَی ۟ۙ
එම ගින්නේ උණුසුමෙන් අභාග්යවන්තයා මිස වෙන කිසිවකු විඳවන්නේ නැත. ඔහු දෙවියන්ව ප්රතික්ෂේප කරන්නෙකි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
الَّذِیْ كَذَّبَ وَتَوَلّٰی ۟ؕ
ඔහු වනාහි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙන් පිටුපෑවේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَسَیُجَنَّبُهَا الْاَتْقَی ۟ۙ
ජනයා අතර වඩාත් බැතිමත් වූ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ඉන් දුරස් වනු ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
الَّذِیْ یُؤْتِیْ مَالَهٗ یَتَزَكّٰی ۟ۚ
ඔහු පාපයෙන් පිවිතුරු වන්නට දැහැමි අයුරින් තම ධනය වියදම් කළේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰۤی ۟ۙ
තම ධනයෙන් වියදම් කරන කිසියම් හෝ දෙයක් වේවා, ඔහු එය වියදම් කරනුයේ කිසිවකු තමන් වෙත කිසියම් ප්රිති උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰی ۟ۚ
එසේ ඔහු තම ධනය වියදම් කිරීමෙන් අපේක්ෂා කළ ඒකායන අරමුණ, සියලු මැවීම්වලට වඩා ඉහළින් සිටින උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය සදහාම පමණි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَلَسَوْفَ یَرْضٰی ۟۠
අල්ලාහ් ඔහුට පිරිනමන ගෞරවණීය සම්මාන හා ප්රතිඵල පිළිබඳ ඔහු මතු තෘප්තියට පත්වනු ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
• කිසිදු නිලයක් එයට ළඟා විය නොහැකි අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු නිලය.

• شكر النعم حقّ لله على عبده.
•ගැත්තන් හට අල්ලාහ්ගේ වගකීම සම්බන්ධයෙන් වූ ආශිර්වාදයට කෘතඥ වීම.

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
•දුබල අය සමග කාරුණික ව කටයුතු කිරීමේ හා ඔවුන් සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අනිවාර්යයභාවය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߛߎ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲