Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûratu'l-Bakarah   Ayet:
اُحِلَّ لَكُمْ لَیْلَةَ الصِّیَامِ الرَّفَثُ اِلٰی نِسَآىِٕكُمْ ؕ— هُنَّ لِبَاسٌ لَّكُمْ وَاَنْتُمْ لِبَاسٌ لَّهُنَّ ؕ— عَلِمَ اللّٰهُ اَنَّكُمْ كُنْتُمْ تَخْتَانُوْنَ اَنْفُسَكُمْ فَتَابَ عَلَیْكُمْ وَعَفَا عَنْكُمْ ۚ— فَالْـٰٔنَ بَاشِرُوْهُنَّ وَابْتَغُوْا مَا كَتَبَ اللّٰهُ لَكُمْ ۪— وَكُلُوْا وَاشْرَبُوْا حَتّٰی یَتَبَیَّنَ لَكُمُ الْخَیْطُ الْاَبْیَضُ مِنَ الْخَیْطِ الْاَسْوَدِ مِنَ الْفَجْرِ ۪— ثُمَّ اَتِمُّوا الصِّیَامَ اِلَی الَّیْلِ ۚ— وَلَا تُبَاشِرُوْهُنَّ وَاَنْتُمْ عٰكِفُوْنَ فِی الْمَسٰجِدِ ؕ— تِلْكَ حُدُوْدُ اللّٰهِ فَلَا تَقْرَبُوْهَا ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ اٰیٰتِهٖ لِلنَّاسِ لَعَلَّهُمْ یَتَّقُوْنَ ۟
උපවාස රාත්‍රියෙහි නුඹලාගේ භාර්යාවන් සමඟ ලිංගික ඇසුර නුඹලාට අනුමත කරනු ලැබී ය. ඔවුන් නුඹලාට වස්ත්‍ර (මෙන්) වේ. නුඹලා ද ඔවුනට වස්ත්‍ර (මෙන්) වේ. සැබැවින් ම නුඹලා නුඹලාව ම රවටා ගනිමින් සිටීම අල්ලාහ් දන්නේ ය. එබැවින් ඔහු නුඹලා වෙත පශ්චාත්තාපය පිරිනැමුවේ ය. නුඹලාගේ (වැරැද්ද) නො සලකා හැරියේ ය. එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු. නුඹලා මස්ජිදයන්හි රැඳෙන්නන්ව (ඉඃතිකාෆ්) සිටිය දී ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත නො වනු. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. එබැවින් නුඹලා ඒවාට සමීප නො වනු. ඔවුන් බැතිමත් විය හැකි වනු පිණිස එලෙසය අල්ලාහ් ඔහුගේ වදන් ජනයාට පැහැදිලි කරනුයේ.
Arapça tefsirler:
وَلَا تَاْكُلُوْۤا اَمْوَالَكُمْ بَیْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوْا بِهَاۤ اِلَی الْحُكَّامِ لِتَاْكُلُوْا فَرِیْقًا مِّنْ اَمْوَالِ النَّاسِ بِالْاِثْمِ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟۠
තවද නුඹලාගේ වස්තුව නුඹලා අතර අයුක්ති සහගත ලෙස අනුභව නො කරනු. ජනයාගේ වස්තුවෙන් කොටසක් දැනුවත්ව ම නුඹලා භුක්ති විදිනු පිණිස ඒවා පාලකයින් වෙත යොමු නො කරනු.
Arapça tefsirler:
یَسْـَٔلُوْنَكَ عَنِ الْاَهِلَّةِ ؕ— قُلْ هِیَ مَوَاقِیْتُ لِلنَّاسِ وَالْحَجِّ ؕ— وَلَیْسَ الْبِرُّ بِاَنْ تَاْتُوا الْبُیُوْتَ مِنْ ظُهُوْرِهَا وَلٰكِنَّ الْبِرَّ مَنِ اتَّقٰی ۚ— وَاْتُوا الْبُیُوْتَ مِنْ اَبْوَابِهَا ۪— وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
නව සඳ පිළිබඳව ඔවුන් නුඹගෙන් විමසති. එය ජනයාට හා හජ් (වන්දනාවන්)හි කාල නියමයන් ය. තවද නුඹලාගේ නිවෙස් වෙත නුඹලා එහි පිටු පසින් පැමිණීම යහපත් නො වේ. එහෙත් යහපත වනුයේ බියබැතිමත් වන්නා ය. තවද නුඹලා නිවෙස් තුළට එහි (ප්‍රධාන) දොරටුවෙන් පැමිණෙනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු .
Arapça tefsirler:
وَقَاتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ الَّذِیْنَ یُقَاتِلُوْنَكُمْ وَلَا تَعْتَدُوْا ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْمُعْتَدِیْنَ ۟
තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නො යනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ව ප්‍රිය නො කරන්නේ ය.
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûratu'l-Bakarah
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi - Mealler fihristi

Rowad Tercüme Merkezi Ekibi tarafından Rabvede'ki Tebliğ, İrşat ve Toplum Bilinçlendirme Derneği ve Dünya dillerinde İslami içerik ve hizmet cemiyeti işbirliğiyle tercüme edilmiştir.

Kapat