Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûretu'l-Ahkâf   Ayet:
وَاذْكُرْ اَخَا عَادٍ اِذْ اَنْذَرَ قَوْمَهٗ بِالْاَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖۤ اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
තවද ආද්ගේ සහෝදරයා වැලිකඳු මත සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත්ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) නැමදුම් නො කරනු. නියත වශයෙන් ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
Arapça tefsirler:
قَالُوْۤا اَجِئْتَنَا لِتَاْفِكَنَا عَنْ اٰلِهَتِنَا ۚ— فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Arapça tefsirler:
قَالَ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ؗ— وَاُبَلِّغُكُمْ مَّاۤ اُرْسِلْتُ بِهٖ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟
“නියත වශයෙන් ම එම දැනුම අල්ලාහ් අබියස ය. තවද කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. එහෙත් වටහා නො ගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසී ය.
Arapça tefsirler:
فَلَمَّا رَاَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ اَوْدِیَتِهِمْ ۙ— قَالُوْا هٰذَا عَارِضٌ مُّمْطِرُنَا ؕ— بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهٖ ؕ— رِیْحٌ فِیْهَا عَذَابٌ اَلِیْمٌ ۟ۙ
ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නො ව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
Arapça tefsirler:
تُدَمِّرُ كُلَّ شَیْ بِاَمْرِ رَبِّهَا فَاَصْبَحُوْا لَا یُرٰۤی اِلَّا مَسٰكِنُهُمْ ؕ— كَذٰلِكَ نَجْزِی الْقَوْمَ الْمُجْرِمِیْنَ ۟
“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නො ලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. වැරදි කරන ජනයාහට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙස ය.
Arapça tefsirler:
وَلَقَدْ مَكَّنّٰهُمْ فِیْمَاۤ اِنْ مَّكَّنّٰكُمْ فِیْهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَّاَبْصَارًا وَّاَفْـِٕدَةً ۖؗ— فَمَاۤ اَغْنٰی عَنْهُمْ سَمْعُهُمْ وَلَاۤ اَبْصَارُهُمْ وَلَاۤ اَفْـِٕدَتُهُمْ مِّنْ شَیْءٍ اِذْ كَانُوْا یَجْحَدُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
තවද කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නො දුන්නෙමු ද එවන් දෑහි සැබැවින් ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන්, බැල්ම හා හදවත් ද ඇති කළෙමු. එහෙත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.
Arapça tefsirler:
وَلَقَدْ اَهْلَكْنَا مَا حَوْلَكُمْ مِّنَ الْقُرٰی وَصَرَّفْنَا الْاٰیٰتِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින් ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
Arapça tefsirler:
فَلَوْلَا نَصَرَهُمُ الَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ قُرْبَانًا اٰلِهَةً ؕ— بَلْ ضَلُّوْا عَنْهُمْ ۚ— وَذٰلِكَ اِفْكُهُمْ وَمَا كَانُوْا یَفْتَرُوْنَ ۟
අල්ලාහ් හැර දමා සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නො වේ ද? එසේ නොව ඔවුහු ඔවුන්ගෙන් සැඟවී වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුව හා ඔවුන් ගොතමින් සිටි දෑ ය.
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûretu'l-Ahkâf
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi - Mealler fihristi

Rowad Tercüme Merkezi Ekibi tarafından Rabvede'ki Tebliğ, İrşat ve Toplum Bilinçlendirme Derneği ve Dünya dillerinde İslami içerik ve hizmet cemiyeti işbirliğiyle tercüme edilmiştir.

Kapat