Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûratu'l-En'âm   Ayet:
وَقَالُوْا هٰذِهٖۤ اَنْعَامٌ وَّحَرْثٌ حِجْرٌ ۖۗ— لَّا یَطْعَمُهَاۤ اِلَّا مَنْ نَّشَآءُ بِزَعْمِهِمْ وَاَنْعَامٌ حُرِّمَتْ ظُهُوْرُهَا وَاَنْعَامٌ لَّا یَذْكُرُوْنَ اسْمَ اللّٰهِ عَلَیْهَا افْتِرَآءً عَلَیْهِ ؕ— سَیَجْزِیْهِمْ بِمَا كَانُوْا یَفْتَرُوْنَ ۟
මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත් ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නො කළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නො කරනු ඇතැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ඔහු (අල්ලාහ්) ප්‍රතිවිපාක දෙනු ඇත.
Arapça tefsirler:
وَقَالُوْا مَا فِیْ بُطُوْنِ هٰذِهِ الْاَنْعَامِ خَالِصَةٌ لِّذُكُوْرِنَا وَمُحَرَّمٌ عَلٰۤی اَزْوَاجِنَا ۚ— وَاِنْ یَّكُنْ مَّیْتَةً فَهُمْ فِیْهِ شُرَكَآءُ ؕ— سَیَجْزِیْهِمْ وَصْفَهُمْ ؕ— اِنَّهٗ حَكِیْمٌ عَلِیْمٌ ۟
මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතු ය. තවද අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්ව ඥානී ය.
Arapça tefsirler:
قَدْ خَسِرَ الَّذِیْنَ قَتَلُوْۤا اَوْلَادَهُمْ سَفَهًا بِغَیْرِ عِلْمٍ وَّحَرَّمُوْا مَا رَزَقَهُمُ اللّٰهُ افْتِرَآءً عَلَی اللّٰهِ ؕ— قَدْ ضَلُّوْا وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟۠
කිසිදු දැනුමකින් තොරව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින් ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුහු යහමඟ ලද්දන් නො වූහ.
Arapça tefsirler:
وَهُوَ الَّذِیْۤ اَنْشَاَ جَنّٰتٍ مَّعْرُوْشٰتٍ وَّغَیْرَ مَعْرُوْشٰتٍ وَّالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا اُكُلُهٗ وَالزَّیْتُوْنَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَّغَیْرَ مُتَشَابِهٍ ؕ— كُلُوْا مِنْ ثَمَرِهٖۤ اِذَاۤ اَثْمَرَ وَاٰتُوْا حَقَّهٗ یَوْمَ حَصَادِهٖ ۖؗ— وَلَا تُسْرِفُوْا ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُسْرِفِیْنَ ۟ۙ
විහිදී වැඩෙන උයන් ද (ඉඳි ගස් වැනි) විහිදීමකින් තොරව වැඩෙන උයන් ද ඉඳි ද එහි ආහාරය විවිධ වූ පැළෑටි ද ඔලිව් ද දෙළුම් ද එකිනෙකට සමාන වශයෙන් හා එකිනෙකට සමාන නො වන වශයෙන් බිහි කළේ ඔහු ය. නුඹලා එහි පල හට ගැණුනු විට එහි පලදාවෙන් අනුභව කරනු. තවද එහි අස්වැන්න නෙළා ගන්නා දින එහි උරුමය දෙනු. තවද නුඹලා නාස්ති නො කරනු. නියත වශයෙන් ම ඔහු නාස්තිකාරයින්ව ප්‍රිය කරන්නේ නැත.
Arapça tefsirler:
وَمِنَ الْاَنْعَامِ حَمُوْلَةً وَّفَرْشًا ؕ— كُلُوْا مِمَّا رَزَقَكُمُ اللّٰهُ وَلَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟ۙ
ගොවිපළ සතුන් අතරින් පොදි උසුලන්නන් හා පරිබෝජනය සඳහා වූ සත්ත්වයින් ද ඇත. අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûratu'l-En'âm
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi - Mealler fihristi

Rowad Tercüme Merkezi Ekibi tarafından Rabvede'ki Tebliğ, İrşat ve Toplum Bilinçlendirme Derneği ve Dünya dillerinde İslami içerik ve hizmet cemiyeti işbirliğiyle tercüme edilmiştir.

Kapat