Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi * - Mealler fihristi


Anlam tercümesi Ayet: (22) Sure: Sûratu'n-Nahl
اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ قُلُوْبُهُمْ مُّنْكِرَةٌ وَّهُمْ مُّسْتَكْبِرُوْنَ ۟
සැබෑ ලෙස නුඹලාගේ වන්දනාවට පාත්ර විය යුත්තේ, ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති, නැදුමට සුදසු එකම දෙවිඳුන් අල්ලාහ් පමණය. විනිශ්චය සඳහා යළි අවදි කරනු ලැබීම විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුනට ඒ ගැන බියක් නොමැති බැවින් අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුන්ගේ හදවත් ප්රතික්ෂේප කරති. එම හදවත් කිසිදු විනිශ්චයක් ගැන හෝ දඬුවමක් ගැන විශ්වාස නොකරති. ඔවුහු අහංකාරයෙන් පෙළෙති. සත්ය පිළි නොගනිති. එයට යටහත් නොවෙති.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• في الآيات من أصناف نعم الله على العباد شيء عظيم، مجمل ومفصل، يدعو الله به العباد إلى القيام بشكره وذكره ودعائه.
•අල්ලාහ් තම ගැත්තන් හට කළ විවිධ ආශිර්වාද වර්ග අතරින් පවතින සංඥාවන් තුළ අති වැදගත් පූර්ණවත් පැහැදිලි කරුණක් ඇත. එමගින් ඔහුට කෘතඥ වීමටත් ඔහුව මෙනෙහි කිරීමටත්, ඔහුගෙන් ප්රාර්ථනා කිරීමටත් අල්ලාහ් තම ගැත්තන්ට ඇරයුම් කරයි.

• طبيعة الإنسان الظلم والتجرُّؤ على المعاصي والتقصير في حقوق ربه، كَفَّار لنعم الله، لا يشكرها ولا يعترف بها إلا من هداه الله.
• අයුක්තිය, නිර්භීත ව පාපකම් සිදු කිරීම, තම පරමාධිපතිගේ වගකීම් වල අඩුපාඩු සිදු කිරීම, ඔහුගේ ආශිර්වාද දැඩි සේ ප්රතික්ෂේප කිරීම යනාදිය මිනිස් ස්වභාවයයි. අල්ලාහ් කවරෙකුට මග පෙන්වූයේ ද එවන් අය හැර වෙනත් කිසිවෙකු ඒ සඳහා ඔහුට කෘතඥ වන්නේ නැත. ඒවා පිළිගන්නේ නැත.

• مساواة المُضِلِّ للضال في جريمة الضلال؛ إذ لولا إضلاله إياه لاهتدى بنظره أو بسؤال الناصحين.
•නොමග යෑම යන වරදෙහි නොමග යන්නා මෙන්ම නොමග යවන්නා ද සමාන තත්ත්වයේ පසුවෙයි. ඔහු ඔහු ව නොමග නොයැව්වේ නම් ඔහුගේ දැක්මෙන් හෝ උපදේශකවරුන්ගෙන් විමසීමෙන් හෝ ඔහු යහමග ලබනු ඇත.

• أَخْذ الله للمجرمين فجأة أشد نكاية؛ لما يصحبه من الرعب الشديد، بخلاف الشيء الوارد تدريجيًّا.
•පියවරෙන් පියවර පැමිණෙන දඬුවමට විරුද්ධ ව දැඩි ලෙස භීතියෙන් ඔවුන් වෙළා ඇති බැවින් ක්ෂණිකව වැරදිකරුවන් අල්ලාහ්ගේ ග්රහණයට හසුවීම.

 
Anlam tercümesi Ayet: (22) Sure: Sûratu'n-Nahl
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi - Mealler fihristi

Kur'an Araştırmaları Tefsir Merkezi Tarafından Yayınlanmıştır.

Kapat