Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Mealler fihristi


Anlam tercümesi Ayet: (15) Sure: Sûratu'ş-Şuarâ'
قَالَ كَلَّا ۚ— فَاذْهَبَا بِاٰیٰتِنَاۤ اِنَّا مَعَكُمْ مُّسْتَمِعُوْنَ ۟
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා අමතා, "එසේ නොව, ඔවුන් කිසිවිටෙක නුඹ ව ඝාතනය කරන්නේ නැත. එහෙයින් නුඹ හා නුඹේ සහෝදර හාරූන් නුඹලා දෙදෙනාගේ සත්යතාව තහවුරු කරන අපගේ සංඥා සමග පිටත් වනු. නුඹලා කවර කරුණක් කතා කරන්නේ ද, නුඹලාට කවර ප්රකාශයක් සිදු කරනු ලබන්නේ ද එයට අප සවන්දෙන්නන් ලෙසින් උදව් කරමින් හා ස්ථාවර කරමින් සැබවින්ම අපි නුඹලා දෙදෙනා සමග සිටින්නෙමු. ඒ කිසිවක් අපට මග හැරෙන්නේ නැත." යැයි පැවසීය.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• حرص الرسول صلى الله عليه وسلم على هداية الناس.
•ජනයා යහ මග ලැබිය යුතු යැයි දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ උනන්දුව.

• إثبات صفة العزة والرحمة لله.
•අල්ලාහ් සතු කරුණාව හා ගෞරවයේ ගුණංගය තහවුරු කිරීම.

• أهمية سعة الصدر والفصاحة للداعية.
• යහමඟට ඇරයුම් කරන්නෙකු සතු ව තිබිය යුතු හදවතේ පුළුල්භාවය හා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම.

• دعوات الأنبياء تحرير من العبودية لغير الله.
•නබිවරුන්ගේ මග පෙන්වීම වූයේ අල්ලාහ් නොවන වෙනත් අයහට ගැතිකම් කිරීමෙන් ජනයා නිදහස් කිරීමය.

• احتج فرعون على رسالة موسى بوقوع القتل منه عليه السلام فأقر موسى بالفعلة، مما يشعر بأنها ليست حجة لفرعون بالتكذيب.
•මූසා (අලයිහි වසල්ලම්) තුමාගෙන් සිදු වූ ඝාතනය මුල් කර ගනිමින් එතුමාගේ දූත පණිවුඩයට ෆිර්අවුන් විරෝධය දැක්වීය. මූසා (අලයිහිස් සලාම්) තුම එම ක්රියාව පිළිගත්තේය. බොරු කිරීමට එය ෆිර්අවුන්ට සාධකයක් නොවන බව හඟවන්නක් විය.

 
Anlam tercümesi Ayet: (15) Sure: Sûratu'ş-Şuarâ'
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Mealler fihristi

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Kapat