Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi * - Mealler fihristi


Anlam tercümesi Ayet: (23) Sure: Sûratu'l-Mâide
قَالَ رَجُلٰنِ مِنَ الَّذِیْنَ یَخَافُوْنَ اَنْعَمَ اللّٰهُ عَلَیْهِمَا ادْخُلُوْا عَلَیْهِمُ الْبَابَ ۚ— فَاِذَا دَخَلْتُمُوْهُ فَاِنَّكُمْ غٰلِبُوْنَ ۚ۬— وَعَلَی اللّٰهِ فَتَوَكَّلُوْۤا اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන, ඔහුගේ දඬුවමට බිය වන, ඔහුට අවනත වීමට ඔහු ආශිර්වාද කළ මූසාගේ අනුගාමිකයින් දෙදෙනෙකු මූසා (අලය්හිස් සලාම්) තුමාගේ නියෝගය පිළිපදින්නට දිරි ගන්වමින් තම සමූහයා වෙත මෙසේ පැවසූහ. "මෙම කෲර පාලකයින් වෙත නගරයේ දොරටුවෙන් ඇතුළු වනු. එම දොරටුව කඩා ඔබ එහි ඇතුළු වූ විට, භෞතික මෙවලම් සූදානම් කර තිබීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම වැනි මූලික සාධකයන් මත අනුපිළිවෙලින් ලැබූ ජයග්රහණය සමගම අල්ලාහ්ගේ න්යායට අනුව (අල්ලාහ්ගේ අනුහසින්) සැබැවින්ම ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඔබ සැබෑ දේව විශ්වාසීන් නම් අල්ලාහ් වෙත සියල්ල භාර කොට ඔහු මත පමණක් රැඳෙනු. දේව විශ්වාසය පාරිශුද්ධ ඔහු වෙත තබන භාරය අනිවාර්යය කරනු ඇත."
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• تعذيب الله تعالى لكفرة بني إسرائيل بالمسخ وغيره يوجب إبطال دعواهم في كونهم أبناء الله وأحباءه.
•ඉස්රාඊල් දරුවන් අතුරින් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ හැඬරුව වෙනස් කිරීම තුළින් හා ඒ හැර වෙනත් දෑ තුළින් අල්ලාහ් ඔවුනට දඬුවම් කර තිබීම තමන් අල්ලාහ්ගේ දරුවන් මෙන්ම ආදරණීයයන් යැයි ඔවුන් තබන වාදය නිෂ්ඵල කිරීමකි.

• التوكل على الله تعالى والثقة به سبب لاستنزال النصر.
•අල්ලාහ් මත සියල්ල භාර කිරීම හා ඔහු පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීම ජයග්රහණය ලබන්නට හේතුවක් වන්නේය.

• جاءت الآيات لتحذر من الأخلاق الرديئة التي كانت عند بني إسرائيل.
•ඉස්රාඊල් දරුවන් වෙත තිබූ පහත් ගුණාංග අවවාද කරමින් මෙම පාඨ පහළ වී ඇත.

• الخوف من الله سبب لنزول النعم على العبد، ومن أعظمها نعمة طاعته سبحانه.
•අල්ලාහ් පිළිබඳ ඇති කර ගන්නා බිය ගැත්තා වෙත ආශිර්වාද පහළ වීමට හේතුවකි. එම ආශිර්වාද අතුරින් වඩාත් වැදගත්ම ආශිර්වාදය වනුයේ ඔහුට අවනත වීමේ ආශිර්වාදයයි.

 
Anlam tercümesi Ayet: (23) Sure: Sûratu'l-Mâide
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi - Mealler fihristi

Kur'an Araştırmaları Tefsir Merkezi Tarafından Yayınlanmıştır.

Kapat