Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Mealler fihristi


Anlam tercümesi Ayet: (46) Sure: Sûratu'l-A'râf
وَبَیْنَهُمَا حِجَابٌ ۚ— وَعَلَی الْاَعْرَافِ رِجَالٌ یَّعْرِفُوْنَ كُلًّا بِسِیْمٰىهُمْ ۚ— وَنَادَوْا اَصْحٰبَ الْجَنَّةِ اَنْ سَلٰمٌ عَلَیْكُمْ ۫— لَمْ یَدْخُلُوْهَا وَهُمْ یَطْمَعُوْنَ ۟
ස්වර්ගවාසීන් හා නිරාවාසීන් අතර අල් අඃරාෆ් නමින් හඳුන්වන උස් බාධකයක් පවතී. එම උස් බාධකය මත තම යහකම් හා පාපකම් සමාන ලෙස තුලනය වූ මිනිසුන් වෙති. මුහුණෙහි පවතින දීප්තිය වැනි ඔවුන්ගේ සළකුණු මගින් ස්වර්ග වැසියන් හඳුනා ගනිති. එමෙන්ම මුහුණෙහි පවතින කළු පැහැය වැනි ඔවුන්ගේ සලකුණු මගින් නිරා වැසියන් හඳුනා ගනිති. මෙම මිනිසුන් ස්වර්ග වැසියන් අමතා ඔවුනට ගෞරවයක් වන පරිදි "ඔබට හා ස්වර්ගවාසීන්ට ශාන්තිය අත්වේවා" යැයි පවසයි. උස් බාධක මත පසුවන ජනයා ඉන්පසු ස්වර්ගයට පිවිසුනේ නැත. නමුත් ඔවුහු අල්ලාහ්ගේ කරුණාවෙන් එහි පිවිසීමට ආශා කරති.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• عدم الإيمان بالبعث سبب مباشر للإقبال على الشهوات.
නැවත නැගිටවනු ලැබීම පිළිබඳ විශ්වාසය නොමැති වීම ආශාවන් ක්ෂණීක ව පිළිගැනීමට හේතුවකි.

• يتيقن الناس يوم القيامة تحقق وعد الله لأهل طاعته، وتحقق وعيده للكافرين.
අල්ලාහ්ට අවනත වූවන්හට ඔහු දුන් පොරොන්දුවේ සත්යබවත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට කළ අවවාදයේ සත්යබවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා ස්ථීර ව දැක ගනු ඇත.

• الناس يوم القيامة فريقان: فريق في الجنة وفريق في النار، وبينهما فريق في مكان وسط لتساوي حسناتهم وسيئاتهم، ومصيرهم إلى الجنة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් කණ්ඩායම් දෙකකට බෙදී සිටිති. කණ්ඩායමක් ස්වර්ගයේද තවත් කණ්ඩායමක් නිරා ගින්නේද සිටිති. ඒ දෙක අතර මධ්යස්ථ ස්ථානයක තවත් පිරිසක් සිටිති. එය ඔවුන් ඔවුන්ගේ යහකම් හා අයහකම් සමාන ව සිදු කර ඇති බැවිණි. ඔවුන්ගේ අවසන් ගමන ස්වර්ගය වනු ඇත.

• على الذين يملكون المال والجاه وكثرة الأتباع أن يعلموا أن هذا كله لن يغني عنهم من الله شيئًا، ولن ينجيهم من عذاب الله.
ධනය කීර්තිය හා අනුගාමිකයින් බොහෝ දෙනෙකු තමන් සතු කරගත්තවුන් වනාහි ඒ සියලු දෑ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොවන බවත් ඒවා ඔහුගේ දඬුවමින් ඔවුන් මුදා නොගන්නා බවත් වටහා ගත යුතු වන්නේය.

 
Anlam tercümesi Ayet: (46) Sure: Sûratu'l-A'râf
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Mealler fihristi

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Kapat