Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: قەسەس   ئايەت:
قَالَ اِنَّمَاۤ اُوْتِیْتُهٗ عَلٰی عِلْمٍ عِنْدِیْ ؕ— اَوَلَمْ یَعْلَمْ اَنَّ اللّٰهَ قَدْ اَهْلَكَ مِنْ قَبْلِهٖ مِنَ الْقُرُوْنِ مَنْ هُوَ اَشَدُّ مِنْهُ قُوَّةً وَّاَكْثَرُ جَمْعًا ؕ— وَلَا یُسْـَٔلُ عَنْ ذُنُوْبِهِمُ الْمُجْرِمُوْنَ ۟
මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසී ය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන් ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නො දත්තේ ද? තවද ඔවුන්ගේ පාපයන් ගැන මෙම අපරාධකරුවෝ විමසනු නො ලබති.
ئەرەپچە تەپسىرلەر:
فَخَرَجَ عَلٰی قَوْمِهٖ فِیْ زِیْنَتِهٖ ؕ— قَالَ الَّذِیْنَ یُرِیْدُوْنَ الْحَیٰوةَ الدُّنْیَا یٰلَیْتَ لَنَا مِثْلَ مَاۤ اُوْتِیَ قَارُوْنُ ۙ— اِنَّهٗ لَذُوْ حَظٍّ عَظِیْمٍ ۟
ඔහු අලංකාරයෙන් සැරසී ඔහුගේ ජනයා වෙත පිටත්ව පැමිණියේ ය. කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන් ම ඔහු ඉමහත් භාග්‍යය සම්පන්නයකු යැයි මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ පැවසූහ.
ئەرەپچە تەپسىرلەر:
وَقَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ وَیْلَكُمْ ثَوَابُ اللّٰهِ خَیْرٌ لِّمَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا ۚ— وَلَا یُلَقّٰىهَاۤ اِلَّا الصّٰبِرُوْنَ ۟
තවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම් ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නො ලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.
ئەرەپچە تەپسىرلەر:
فَخَسَفْنَا بِهٖ وَبِدَارِهِ الْاَرْضَ ۫— فَمَا كَانَ لَهٗ مِنْ فِئَةٍ یَّنْصُرُوْنَهٗ مِنْ دُوْنِ اللّٰهِ ؗۗ— وَمَا كَانَ مِنَ الْمُنْتَصِرِیْنَ ۟
එහෙයින් අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එවිට අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු උදව් ලබන්නන් අතරින් ද නො වීය.
ئەرەپچە تەپسىرلەر:
وَاَصْبَحَ الَّذِیْنَ تَمَنَّوْا مَكَانَهٗ بِالْاَمْسِ یَقُوْلُوْنَ وَیْكَاَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ وَیَقْدِرُ ۚ— لَوْلَاۤ اَنْ مَّنَّ اللّٰهُ عَلَیْنَا لَخَسَفَ بِنَا ؕ— وَیْكَاَنَّهٗ لَا یُفْلِحُ الْكٰفِرُوْنَ ۟۠
අහෝ! තම ගැත්තන් අතරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නො වූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ.
ئەرەپچە تەپسىرلەر:
تِلْكَ الدَّارُ الْاٰخِرَةُ نَجْعَلُهَا لِلَّذِیْنَ لَا یُرِیْدُوْنَ عُلُوًّا فِی الْاَرْضِ وَلَا فَسَادًا ؕ— وَالْعَاقِبَةُ لِلْمُتَّقِیْنَ ۟
ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නො කරන්නන්හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන්හට ය.
ئەرەپچە تەپسىرلەر:
مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ خَیْرٌ مِّنْهَا ۚ— وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَلَا یُجْزَی الَّذِیْنَ عَمِلُوا السَّیِّاٰتِ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නො ලැබේ.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: قەسەس
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش