Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: رۇم   ئايەت:
وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَا وَلِقَآئِ الْاٰخِرَةِ فَاُولٰٓىِٕكَ فِی الْعَذَابِ مُحْضَرُوْنَ ۟
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමුව බොරු කළ අය වූ කලී ඔවුහු මය දඬුවම් දීමට ගෙන එනු ලබන්නෝ.
ئەرەپچە تەپسىرلەر:
فَسُبْحٰنَ اللّٰهِ حِیْنَ تُمْسُوْنَ وَحِیْنَ تُصْبِحُوْنَ ۟
අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.
ئەرەپچە تەپسىرلەر:
وَلَهُ الْحَمْدُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَعَشِیًّا وَّحِیْنَ تُظْهِرُوْنَ ۟
අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යාහ්න කාලයට එළැඹෙන විටත් (සුවිශුද්ධ කරනු).
ئەرەپچە تەپسىرلەر:
یُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ وَیُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— وَكَذٰلِكَ تُخْرَجُوْنَ ۟۠
ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසුව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
ئەرەپچە تەپسىرلەر:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ اِذَاۤ اَنْتُمْ بَشَرٌ تَنْتَشِرُوْنَ ۟
නුඹලා පසින් මැවීම, පසුව නුඹලා (මහපොළොවේ) මිනිසුන් ලෙසින් විසිර සිටීම ඔහුගේ සංඥා අතරිනි.
ئەرەپچە تەپسىرلەر:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ خَلَقَ لَكُمْ مِّنْ اَنْفُسِكُمْ اَزْوَاجًا لِّتَسْكُنُوْۤا اِلَیْهَا وَجَعَلَ بَیْنَكُمْ مَّوَدَّةً وَّرَحْمَةً ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
තවද නුඹලා ඇය සමඟ වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින් ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේ ය. නියත වශයෙන් ම එහි සිතන ජනයාට සංඥා ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَمِنْ اٰیٰتِهٖ خَلْقُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافُ اَلْسِنَتِكُمْ وَاَلْوَانِكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّلْعٰلِمِیْنَ ۟
තවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَمِنْ اٰیٰتِهٖ مَنَامُكُمْ بِالَّیْلِ وَالنَّهَارِ وَابْتِغَآؤُكُمْ مِّنْ فَضْلِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّسْمَعُوْنَ ۟
තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَمِنْ اٰیٰتِهٖ یُرِیْكُمُ الْبَرْقَ خَوْفًا وَّطَمَعًا وَّیُنَزِّلُ مِنَ السَّمَآءِ مَآءً فَیُحْیٖ بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමඟින් මහපොළොව එය මළ පසුව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: رۇم
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش