Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ھەدىد   ئايەت:
لَقَدْ اَرْسَلْنَا رُسُلَنَا بِالْبَیِّنٰتِ وَاَنْزَلْنَا مَعَهُمُ الْكِتٰبَ وَالْمِیْزَانَ لِیَقُوْمَ النَّاسُ بِالْقِسْطِ ۚ— وَاَنْزَلْنَا الْحَدِیْدَ فِیْهِ بَاْسٌ شَدِیْدٌ وَّمَنَافِعُ لِلنَّاسِ وَلِیَعْلَمَ اللّٰهُ مَنْ یَّنْصُرُهٗ وَرُسُلَهٗ بِالْغَیْبِ ؕ— اِنَّ اللّٰهَ قَوِیٌّ عَزِیْزٌ ۟۠
සැබැවින් ම අපි අපගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමඟ ධර්ම ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තිය ද මිනිසුනට ප්‍රයෝජන ද ඇත. තවද අදෘශ්‍යමාන තත්ත්වයේ තමන් හා තම දූතවරුන්ට උදව් කරනුයේ කවුරුන් දැ? යි අල්ලාහ් පෙන්වා දෙනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් මහා බලවත් ය; සර්ව බලධාරී ය.
ئەرەپچە تەپسىرلەر:
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا وَّاِبْرٰهِیْمَ وَجَعَلْنَا فِیْ ذُرِّیَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتٰبَ فَمِنْهُمْ مُّهْتَدٍ ۚ— وَكَثِیْرٌ مِّنْهُمْ فٰسِقُوْنَ ۟
තවද සැබැවින් ම අපි නූහ් හා ඉබ්රාහීම් (ධර්ම දූතයින් ලෙස) එව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුර තුළ දූත මෙහෙවර හා දේව ග්‍රන්ථය නියම කළෙමු. එවිට ඔවුන් අතරින් යහමග ලබන්නන් වූහ. එමෙන් ම ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ වූහ.
ئەرەپچە تەپسىرلەر:
ثُمَّ قَفَّیْنَا عَلٰۤی اٰثَارِهِمْ بِرُسُلِنَا وَقَفَّیْنَا بِعِیْسَی ابْنِ مَرْیَمَ وَاٰتَیْنٰهُ الْاِنْجِیْلَ ۙ۬— وَجَعَلْنَا فِیْ قُلُوْبِ الَّذِیْنَ اتَّبَعُوْهُ رَاْفَةً وَّرَحْمَةً ؕ— وَرَهْبَانِیَّةَ ١بْتَدَعُوْهَا مَا كَتَبْنٰهَا عَلَیْهِمْ اِلَّا ابْتِغَآءَ رِضْوَانِ اللّٰهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَایَتِهَا ۚ— فَاٰتَیْنَا الَّذِیْنَ اٰمَنُوْا مِنْهُمْ اَجْرَهُمْ ۚ— وَكَثِیْرٌ مِّنْهُمْ فٰسِقُوْنَ ۟
පසුව අපි ඔවුන්ගේ පිය සටහන් මත අපගේ තවත් දූතවරුන් අනුපිළිවෙළින් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුපිළිවෙළින් එව්වෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහුව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු තපස් භාවය අලුතින් ඇති කර ගත්තෝ ය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නො කළෙමු. එහෙත් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් පිළිපැද්දේ නැත. එහෙයින් ඔවුන් අතරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ ය.
ئەرەپچە تەپسىرلەر:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَاٰمِنُوْا بِرَسُوْلِهٖ یُؤْتِكُمْ كِفْلَیْنِ مِنْ رَّحْمَتِهٖ وَیَجْعَلْ لَّكُمْ نُوْرًا تَمْشُوْنَ بِهٖ وَیَغْفِرْ لَكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟ۙ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහුගේ දූතයාණන් විශ්වාස කරනු. ඔහුගේ කරුණාවෙන් දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා එමඟින් ගමන් කරන ආලෝකයක් ද ඔහු නුඹලාට ඇති කරයි. තවද ඔහු නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
ئەرەپچە تەپسىرلەر:
لِّئَلَّا یَعْلَمَ اَهْلُ الْكِتٰبِ اَلَّا یَقْدِرُوْنَ عَلٰی شَیْءٍ مِّنْ فَضْلِ اللّٰهِ وَاَنَّ الْفَضْلَ بِیَدِ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟۠
අල්ලාහ්ගේ භාග්‍යයට වඩා කිසිවක් මත තමන් ශක්තිය නොදරන බවත් නියත වශයෙන් ම භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අයට එය පිරිනමන බවත් ආගම් ලත් ජනයා දැන ගනු පිණිස ය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යය සම්පන්න ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ھەدىد
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش