Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى * - تەرجىمىلەر مۇندەرىجىسى

PDF XML CSV Excel API
Please review the Terms and Policies

مەنالار تەرجىمىسى سۈرە: ئەنئام   ئايەت:
هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ تَاْتِیَهُمُ الْمَلٰٓىِٕكَةُ اَوْ یَاْتِیَ رَبُّكَ اَوْ یَاْتِیَ بَعْضُ اٰیٰتِ رَبِّكَ ؕ— یَوْمَ یَاْتِیْ بَعْضُ اٰیٰتِ رَبِّكَ لَا یَنْفَعُ نَفْسًا اِیْمَانُهَا لَمْ تَكُنْ اٰمَنَتْ مِنْ قَبْلُ اَوْ كَسَبَتْ فِیْۤ اِیْمَانِهَا خَیْرًا ؕ— قُلِ انْتَظِرُوْۤا اِنَّا مُنْتَظِرُوْنَ ۟
මලක්වරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපති ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණීම හෝ ඔවුන් බලාපොරොත්තු වන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නො වනු ඇත. මීට පෙර එය විශ්වාස නො කළේ ය. එමෙන් ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින් ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු.
ئەرەپچە تەپسىرلەر:
اِنَّ الَّذِیْنَ فَرَّقُوْا دِیْنَهُمْ وَكَانُوْا شِیَعًا لَّسْتَ مِنْهُمْ فِیْ شَیْءٍ ؕ— اِنَّمَاۤ اَمْرُهُمْ اِلَی اللّٰهِ ثُمَّ یُنَبِّئُهُمْ بِمَا كَانُوْا یَفْعَلُوْنَ ۟
සැබැවින් ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් වනාහි ඔවුන් අතරින් නුඹ කිසිදු කරුණක නො වන්නෙහි ය. සැබැවින් ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙත ය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ عَشْرُ اَمْثَالِهَا ۚ— وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَلَا یُجْزٰۤی اِلَّا مِثْلَهَا وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්‍රතිඵල) දහයක් හිමි ය. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්‍රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නො ලබති.
ئەرەپچە تەپسىرلەر:
قُلْ اِنَّنِیْ هَدٰىنِیْ رَبِّیْۤ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۚ۬— دِیْنًا قِیَمًا مِّلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ۚ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
සැබැවින් ම මාගේ පරමාධිපති මා නිවැරදි මාර්ගය වෙත යොමු කළේ ය. එය වඩාත් ස්ථාවර, අවංක ලෙස ඉබ්රාහීම් විසින් පිළිපැදි මාර්ගය ද වේ. තවද සැබැවින් ම ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය.
ئەرەپچە تەپسىرلەر:
قُلْ اِنَّ صَلَاتِیْ وَنُسُكِیْ وَمَحْیَایَ وَمَمَاتِیْ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
සැබැවින් ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි යැයි (නබිවරය!) නුඹ පවසනු.
ئەرەپچە تەپسىرلەر:
لَا شَرِیْكَ لَهٗ ۚ— وَبِذٰلِكَ اُمِرْتُ وَاَنَا اَوَّلُ الْمُسْلِمِیْنَ ۟
ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඒ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.
ئەرەپچە تەپسىرلەر:
قُلْ اَغَیْرَ اللّٰهِ اَبْغِیْ رَبًّا وَّهُوَ رَبُّ كُلِّ شَیْءٍ ؕ— وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ اِلَّا عَلَیْهَا ۚ— وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ۚ— ثُمَّ اِلٰی رَبِّكُمْ مَّرْجِعُكُمْ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
සියලු දෑහි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙමි ද? සෑම ආත්මයක් ම එයට නියම වූ දෑ මිස වෙනත් කිසිවක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසුව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙත ය. අනතුරුව නුඹලා කවර විෂයක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි.
ئەرەپچە تەپسىرلەر:
وَهُوَ الَّذِیْ جَعَلَكُمْ خَلٰٓىِٕفَ الْاَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجٰتٍ لِّیَبْلُوَكُمْ فِیْ مَاۤ اٰتٰىكُمْ ؕ— اِنَّ رَبَّكَ سَرِیْعُ الْعِقَابِ ۖؗۗ— وَاِنَّهٗ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟۠
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලාව පත් කළේ ඔහු ම ය. තවද ඔහු නුඹලාට දුන් දෑහි නුඹලාව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා තරාතිරම්වලින් උසස් කළේ ය. (නබිවරය!) නිසැකව ම නුඹේ පරමාධිපතියාණන් දඬුවම් දීමේදී ඉතා වේගවත් ය. තවද සැබැවින් ම ඔහු අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
ئەرەپچە تەپسىرلەر:
 
مەنالار تەرجىمىسى سۈرە: ئەنئام
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى - تەرجىمىلەر مۇندەرىجىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

تاقاش