قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
36 : 12

وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَیٰنِ ؕ— قَالَ اَحَدُهُمَاۤ اِنِّیْۤ اَرٰىنِیْۤ اَعْصِرُ خَمْرًا ۚ— وَقَالَ الْاٰخَرُ اِنِّیْۤ اَرٰىنِیْۤ اَحْمِلُ فَوْقَ رَاْسِیْ خُبْزًا تَاْكُلُ الطَّیْرُ مِنْهُ ؕ— نَبِّئْنَا بِتَاْوِیْلِهٖ ۚ— اِنَّا نَرٰىكَ مِنَ الْمُحْسِنِیْنَ ۟

පසුව ඔවුහු ඔහු ව සිරගත කළෝය. ඔහු සමග තවත් ගැටවරයන් දෙදෙනෙකු සිරගෙයට පිවිසුණහ. එම ගැටවරයින් දෙදෙනාගෙන් එක් අයකු යූසුෆ්ට: ‘සැබැවින්ම මම මිදි පෙරා මත්ද්රව්ය නිශ්පාදනය කරන සිහිනයක් දුටිමි’ යැයි පැවසුවේය. දෙවැන්නා: ‘සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටියක් උසුලාගෙන යමින් සිටිය දී එය පක්ෂීන් විසින් අනුභව කරන සිහිනයක් දුටිමි යැයි පැවසීය. අපි දුටු සිහිනයන් පිළිබඳ විස්තර අපට දන්වා සිටිනු. සැබැවින්ම නුඹ දැහැමියන් අතර සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුහ. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• بيان جمال يوسف عليه السلام الذي كان سبب افتتان النساء به.
•කාන්තාවන් අර්බුදයට ලක් වීමට හේතු වූ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාගේ අලංකාරය විග්රහ කිරීම. info

• إيثار يوسف عليه السلام السجن على معصية الله.
•අල්ලාහ්ට පිටුපෑමට වඩා සිරගත වීමට යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා දැක්වූ කැමැත්ත. info

• من تدبير الله ليوسف عليه السلام ولطفه به تعليمه تأويل الرؤى وجعلها سببًا لخروجه من بلاء السجن.
•සිහිනවල පලාපල කීමේ හැකියාව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් හට ඉගැන්වීම, ඔහු සඳහා අල්ලාහ් යෙදූ සැළැස්ම හා ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසක ප්රතිඵලයයි. සිරගත වීමේ අභාග්යයෙන් බැහැර වීමට එය හේතුවක් විය. info