Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى سۈرە: نەھل   ئايەت:
یَوْمَ تَاْتِیْ كُلُّ نَفْسٍ تُجَادِلُ عَنْ نَّفْسِهَا وَتُوَفّٰی كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
නවාතැනෙහි බිහිසුණු කම හේතුවෙන් අනෙක් අය ගැන වාද නොකර තමන් ගැන පමණක් වාද කරමින් සෑම මිනිසෙකුම පැමිණෙන දිනය ගැන අහෝ දූතය! මෙනෙහි කර බලනු. සෑම කෙනෙකුම සිදු කළ යහපත හා අයහපත වෙනුවෙන් වූ ප්රතිඵල ඔවුනොවුනට පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකම්වල කිසිවක් අඩු කිරීමෙන් හෝ අයහකම්වල කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලබනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَضَرَبَ اللّٰهُ مَثَلًا قَرْیَةً كَانَتْ اٰمِنَةً مُّطْمَىِٕنَّةً یَّاْتِیْهَا رِزْقُهَا رَغَدًا مِّنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِاَنْعُمِ اللّٰهِ فَاَذَاقَهَا اللّٰهُ لِبَاسَ الْجُوْعِ وَالْخَوْفِ بِمَا كَانُوْا یَصْنَعُوْنَ ۟
අල්ලාහ් උපමාවක් ලෙස මක්කා නගරය ගෙනහැර දක්වයි. එහි වැසියන් කිසිදු බියකින් තොර ව සුරක්ෂිතව ස්ථාවරව සිටියහ. ඒ අවට සිටින මිනිසුන් ඵල නෙළා ගත්තෝය. සෑම දෙසකින්ම ඉතා පහසුවෙන් නැවුම් පෝෂණ ඒ වෙත පැමිණෙන්නට විය. නමුත් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කොට ඔහුට ඔවුහු ගුණමකු වූහ. එබැවින් අල්ලාහ් ඔවුනට ප්රතිවිපාක වශයෙන් සාගින්න සහ බියෙන් හා විශ්මයෙන් ඔවුන්ගේ ශරීර මත දැඩි බාහිර බියක් ඇති කළේය. ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කරමින් හා බොරු කරමින් සිටි බැවින් ඒ දෙක ඔවුනට වස්ත්රයක් බඳු විය.
ئەرەپچە تەپسىرلەر:
وَلَقَدْ جَآءَهُمْ رَسُوْلٌ مِّنْهُمْ فَكَذَّبُوْهُ فَاَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظٰلِمُوْنَ ۟
සැබැවින්ම මක්කා වාසීන් අතරට ඔහුගේ විශ්වාසය හා සත්යභාව ගැන හඳුනන ඔවුන්ගෙන්ම වූ දූතයකු පැමිණියේය. ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාය. ඔහුගේ පරමාධිපති ඔහු වෙත පහළ කළ දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔහු ව බොරු කළෝය. එවිට අල්ලාහ්ගේ දඬුවම වශයෙන් සාගින්න හා බිය ඔවුනට පහළ විය. අල්ලාහ්ට ආදේශ කොට ඔහුගේ දූතයාණන් බොරු කරන අවස්ථාවේ විනාශයේ සාධක ඔවුන් වෙත ඔවුන් ළඟා කර ගනිමින් අපරාධකරුවන් වූහ.
ئەرەپچە تەپسىرلەر:
فَكُلُوْا مِمَّا رَزَقَكُمُ اللّٰهُ حَلٰلًا طَیِّبًا ۪— وَّاشْكُرُوْا نِعْمَتَ اللّٰهِ اِنْ كُنْتُمْ اِیَّاهُ تَعْبُدُوْنَ ۟
අහෝ ගැත්තනි! අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනුමත වර්ග හා ආහාරයට සුදුසු දෑ අනුභව කරනු. නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකරමින් සිටින්නෙහු නම් නුඹලා වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනැමුවේද එවන් වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහු වෙනුවෙන් පිළිගෙන ඔහු තෘප්තියට පත්වන දෑහි වියදම් කර ඒ සඳහා නුඹලා කෘතඥ වනු.
ئەرەپچە تەپسىرلەر:
اِنَّمَا حَرَّمَ عَلَیْكُمُ الْمَیْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِیْرِ وَمَاۤ اُهِلَّ لِغَیْرِ اللّٰهِ بِهٖ ۚ— فَمَنِ اضْطُرَّ غَیْرَ بَاغٍ وَّلَا عَادٍ فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
කපනු ලැබිය යුතු දැයින් කැපීමෙන් තොරව මිය ගිය දෑ, ගලන රුධිරය, ශූකරයාගේ සියලුම අවයව, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පිළිගන්වා කපනු ලැබූ දෑ ආහාර වශයෙන් ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. මෙසේ තහනම් කිරීම පනවා ඇත්තේ තෝරා ගැනීමේ නිදහස ඇති පසුබිමකය. ඉහත සඳහන් ආහාර ගැනීම සඳහා අත්යවශ්ය වාතාවරණයකට යමෙකු තල්ලු කරනු ලබන්නේ නම් ඔහු පැවැත්මෙන්ම තහනම් කරන ලද දෑ කිසිදු රුචියකින් තොර ව හා අවශ්ය ප්රමාණය ඉක්මවීමෙන් තොර ව එයින් අනුභව කළේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නැත. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔහු අනුභව කළ වෙනුවෙන් ඔහු ඔහුට සමාව දෙයි. අත්යවශ්ය තත්ත්වයක එය ඔහු අනුමත කරන අවස්ථාවේ ඔහු ඔහුට මහා කාරුණික විය.
ئەرەپچە تەپسىرلەر:
وَلَا تَقُوْلُوْا لِمَا تَصِفُ اَلْسِنَتُكُمُ الْكَذِبَ هٰذَا حَلٰلٌ وَّهٰذَا حَرَامٌ لِّتَفْتَرُوْا عَلَی اللّٰهِ الْكَذِبَ ؕ— اِنَّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ لَا یُفْلِحُوْنَ ۟ؕ
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මත බොරු ගොතමින් තහනම් නොකරන ලද දෑ තහනම් කිරීමේ හා අනුමත නොකරන ලද දෑ අනුමත කිරීමේ අපේක්ෂාවෙන්, "මෙය අනුමතය. මෙය තහනම් ය" යැයි නුඹලාගේ දිවවල් අල්ලාහ් මත බොරු ගොතන දෑ ප්රකාශ නොකරනු. සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ජය නොලබති. බියවන දැයින් ආරක්ෂාවද නොලබති.
ئەرەپچە تەپسىرلەر:
مَتَاعٌ قَلِیْلٌ ۪— وَّلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කිරීමෙන් මෙලොවෙහි ඔවුනට ඉතා අල්ප පහත් භුක්ති විඳීමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඇත.
ئەرەپچە تەپسىرلەر:
وَعَلَی الَّذِیْنَ هَادُوْا حَرَّمْنَا مَا قَصَصْنَا عَلَیْكَ مِنْ قَبْلُ ۚ— وَمَا ظَلَمْنٰهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
(සූරා අල් අන්ආම්හි 146 වැනි පාඨයේ සඳහන් පරිදි) අපි නුඹට දන්වා සිටි දෑ යුදෙව්වන්හට විශේෂෙයන් තහනම් කළෙමු. එය තහනම් කිරීමෙන් අපි ඔවුනට අසාධාරණයක් නොකළෙමු. නමුත් ඔවුන් දඬුවමට හේතු වන වැරදි සිදු කළ විට ඔවුන් ඔවුනටම අරපාධ කර ගත්තෝය. එවිට ඔවුන්ගේ ප්රචණ්ඩත්වය හේතුවෙන් ඔවුනට ප්රතිවිපාක පිරිනැමුවෙමු. ඔවුනට දඬුවමක් වශයෙන් ඒවා ඔවුනට තහනම් කළෙමු.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الجزاء من جنس العمل؛ فإن أهل القرية لما بطروا النعمة بُدِّلوا بنقيضها، وهو مَحْقُها وسَلْبُها ووقعوا في شدة الجوع بعد الشبع، وفي الخوف والهلع بعد الأمن والاطمئنان، وفي قلة موارد العيش بعد الكفاية.
•ප්රතිඵල හිමි වනුයේ එම වර්ගයේම ක්රියාවකිනි. සැබැවින්ම ගම්වාසීන් ආශිර්වාද අතහැර දමා ඒවාට ප්රතිවිරුද්ධව වෙනස් කළ විට, එය අයුක්ති සහගත මෙන්ම කොල්ලකෑමක් විය. කුස පිරුණු පසු දැඩි සාගින්නෙහි ද, තැන්පත්භාවය හා ආරක්ෂාවෙන් පසු බිය හා කුතුහලයෙහි ද, ජීවන සම්පත් ප්රමාණවත් තරමට ලැබූ පසු ඒවා හිඟවීමෙහි ඔවුහු වැටුණහ.

• وجوب الإيمان بالله وبالرسل، وعبادة الله وحده، وشكره على نعمه وآلائه الكثيرة، وأن العذاب الإلهي لاحقٌ بكل من كفر بالله وعصاه، وجحد نعمة الله عليه.
•අල්ලාහ් හා දූතයාණන් විශ්වාස කිරීම, අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම, අල්ලාහ්ගේ ආශිර්වාද හා දායාද බොහෝමයක් සඳහා කෘතඥවීම යනාදියෙහි අනිවාර්යභාවය. අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපා ඔහු පිරිනැමූ ආශිර්වාදයන්ට ගුණමකු වන සෑම කෙනෙකුටම සැබැවින්ම දේව දඬුවම සේන්දු වනු ඇත.

• الله تعالى لم يحرم علينا إلا الخبائث تفضلًا منه، وصيانة عن كل مُسْتَقْذَر.
•උත්තරීතර අල්ලාහ් අයහපත් දෑ තහනම් කර ඇත්තේ භාග්යයක් වශයෙන් හා සෑම කිලිටි දැයකින්ම ආරක්ශාවක් වශයෙන් මිස නැත.

 
مەنالار تەرجىمىسى سۈرە: نەھل
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش