Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (56) سۈرە: نەھل
وَیَجْعَلُوْنَ لِمَا لَا یَعْلَمُوْنَ نَصِیْبًا مِّمَّا رَزَقْنٰهُمْ ؕ— تَاللّٰهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنْتُمْ تَفْتَرُوْنَ ۟
භෞතික වස්තු මෙන්ම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි, කිසිවක් නොදන්නා වස්තුවක් ලෙස ඔවුන්ගේ පිළිම තිබිය දී අපි ඔවුනට ලබා දුන් සම්පත්වලින් කොටසක් ඒවා වෙනුවෙන් තබා එමගින් ඒවා වෙත ඔවුහු සමීපවන්නට බලති. අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මෙම පිළිම දෙවිවරුන් යැයි ද, නුඹලාගේ පෝෂණ සම්පත්වලින් කොටසක් ඒවාට හිමි යැයි ද නුඹලා විශ්වාස කරමින් සිටි දෑ ගැන සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• من جهالات المشركين: نسبة البنات إلى الله تعالى، ونسبة البنين لأنفسهم، وأَنفَتُهم من البنات، وتغيّر وجوههم حزنًا وغمَّا بالبنت، واستخفاء الواحد منهم وتغيبه عن مواجهة القوم من شدّة الحزن وسوء الخزي والعار والحياء الذي يلحقه بسبب البنت.
•ඔවුන් අල්ලාහ් වෙත ගැහැනු දරුවන් ද ඔවුන් වෙනුවෙන් පිරිමි දරුවන් ද ආරෝපණය කරති. ඔවුන් ගැහැණු දරුවන් හෙළා දකිති. ගැහැණු දරුවන් ගැන ආරංචියක් ලැබුනු වහාම ඔවුන් දුකට පත් ව ඔවුන්ගේ මුහුණු වෙනස් වෙති. ඔවුන් අතර සිටින්නන්ගෙන් එය සඟවති. ගැහැණු දරුවන් හේතුවෙන් ඔවුනට අත්වන අවමානය, අපහාසය හා ලැජ්ජාව හේතුවෙන් දැඩි සේ දුකට පත් ව ඔවුන්ගේ ජනයාට මුහුණ දීමෙන් ඔවුන් සැඟවෙති. මේ කරුණු දෙවියන්ට ආදේශ කරන්නන්ගේ අඥානකම් අතරින් වේ.

• من سنن الله إمهال الكفار وعدم معاجلتهم بالعقوبة ليترك الفرصة لهم للإيمان والتوبة.
•දේව විශ්වාසය හා පව් ක්ෂමාව වෙනුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට ඉඩ දී දඬුවම ඉක්මන් නොකර, ඔවුනට කල් දීම අල්ලාහ්ගේ න්යායයකි.

• مهمة النبي صلى الله عليه وسلم الكبرى هي تبيان ما جاء في القرآن، وبيان ما اختلف فيه أهل الملل والأهواء من الدين والأحكام، فتقوم الحجة عليهم ببيانه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ වැදගත් මෙන්ම අති විශාල කාර්යභාරය වනුයේ අල් කුර්ආනයේ පැමිණ ඇති දෑ පැහැදිලි කිරීමත් ආගම් ලත් ජනයා හා ආශාවන්ට වහල් වූ ජනයා ආගම හා එහි නීති රීතිවල මතභේද ඇති කර ගත් දෑ පැහැදිලි කිරීමත්, එම පැහැදිලි කිරීම මගින් ඔවුනට සාක්ෂි හා සාධක ඉදිරිපත් කිරීමත්ය.

 
مەنالار تەرجىمىسى ئايەت: (56) سۈرە: نەھل
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش