Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (5) سۈرە: ھەج
یٰۤاَیُّهَا النَّاسُ اِنْ كُنْتُمْ فِیْ رَیْبٍ مِّنَ الْبَعْثِ فَاِنَّا خَلَقْنٰكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِنْ مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَّغَیْرِ مُخَلَّقَةٍ لِّنُبَیِّنَ لَكُمْ ؕ— وَنُقِرُّ فِی الْاَرْحَامِ مَا نَشَآءُ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوْۤا اَشُدَّكُمْ ۚ— وَمِنْكُمْ مَّنْ یُّتَوَفّٰی وَمِنْكُمْ مَّنْ یُّرَدُّ اِلٰۤی اَرْذَلِ الْعُمُرِ لِكَیْلَا یَعْلَمَ مِنْ بَعْدِ عِلْمٍ شَیْـًٔا ؕ— وَتَرَی الْاَرْضَ هَامِدَةً فَاِذَاۤ اَنْزَلْنَا عَلَیْهَا الْمَآءَ اهْتَزَّتْ وَرَبَتْ وَاَنْۢبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِیْجٍ ۟
අහෝ ජනයිනි! මියගිය පසු ව නුඹලා ව යළි අවදි කිරීමේ අපගේ හැකියාව හා ශක්තිය පිළිබඳ නුඹලා තුළ සැකයක් වී නම්, නුඹලාගේ මැවීම තුළ කල්පනා කර බලනු. සැබැවින්ම අපි නුඹලාගේ පියා ආදම් ව පසින් මැව්වෙමු. පසු ව ඔහුගේ පරපුර පිරිමියෙක් කාන්තාවකගේ ගර්භාෂයට හළන ශුක්රාණුවේ මැව්වෙමු. පසුව එම ශුක්රාණු ව ලේ කැටියක් බවටත් පසුව එම ලේ කැටිය විකන ලද මස් කැබැල්ලක් බඳු මස් ගොබයක් බවටත් පරිවර්තනය කොට, පසු ව එම මස් ගොබය ජීවී දරුවකු බිහි කරන තුරු ගර්භාෂය තුළ නිසි හැඩරුවක් දක්වා ද එසේ නැතිනම් කිසිදු හැඩයකින් තොරව වැටෙන ලේ කැටියක් දක්වා ද පවතී. නුඹලාගේ මේ මැවීමේ අදියරය තුළින් අපගේ බලය නුඹලාට සැබැවින්ම අපි පැහැදිලි කරන්නෙමු. ගර්භාෂය තුළ අපි අභිමත කරන කලලය නියමිත කාලයේ ප්රසූත වන තෙක් අපි රදවන්නෙමු. එය මාස නවයකි. පසු ව නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්වලින් බිළිඳුන් ලෙස අපි නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා ශක්ති සම්පන්න බුද්ධි සම්පන්න තත්ත්වයට ළඟා වන්නෙහුය. ඊට පෙර මිය යන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම බෙලහීන වී, බුද්ධිය ද බෙලහීන වී බිළිඳෙකුට වඩා අන්ත තමන් දැන සිටි දැයින් කිසිවක් නොදන්නා තත්ත්වයට පත්වන තුරු ජීවත් වන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම කිසිදු පැලෑටියන් රෝපණය නොවන වියළි භූමිය ද නුඹ දකින්නෙහිය. ඒ මත අපි වැසි ජලය පහළ කළ විට පැලෑටි සඳහා එය විවර වී පැලෑටිවල වර්ධනය හේතුවෙන් එය ඉහළ නැංවෙයි. දැකුම්කළු විවිධ පැලෑටි වර්ග එය මතු කරයි.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• وجوب الاستعداد ليوم القيامة بزاد التقوى.
•දේව බිය හැඟීම වර්ධනය කර ගැනීම තුළින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සඳහා සූදානම් වීමේ අනිවාර්යභාවය.

• شدة أهوال القيامة حيث تنسى المرضعة طفلها وتسقط الحامل حملها وتذهب عقول الناس.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින දැඩි අර්බුදය. එය කිරිදෙන මවක් ඇයගේ බිළිඳා අමතක කරන තරමට ගර්භණී මාතාවක් ඇයගේ ගැබ්බර හෙළන තරමට මිනිසුන්ගේ බුද්ධිය පහ කරන තරමට බිහිසුණු ලෙස පවතී.

• التدرج في الخلق سُنَّة إلهية.
•මැවීම් පියවරෙන් පියවර මැවීම දේව න්යායයකි.

• دلالة الخلق الأول على إمكان البعث.
•යළි අවදි කිරීමට හැකියාව ඇති බවට මුල් මැවීම සාධක වශයෙන් පිහිටා ඇත.

• ظاهرة المطر وما يتبعها من إنبات الأرض دليل ملموس على بعث الأموات.
•වර්ෂාවේ විද්යාමානය හා එයට පරව මහපොළොවේ පැලෑටි හට ගැනීම යනාදිය මියගිය ඇත්තන් යළි අවදි කිරීම සඳහා වූ බලවත් සාධකයකි.

 
مەنالار تەرجىمىسى ئايەت: (5) سۈرە: ھەج
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش