قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
30 : 31

ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهِ الْبَاطِلُ ۙ— وَاَنَّ اللّٰهَ هُوَ الْعَلِیُّ الْكَبِیْرُ ۟۠

මෙසේ සැලසුම් කර තිබීමත්, නිර්ණය කර තිබීමත් සැබැවින්ම අල්ලාහ් ඒකීය සත්යය බව සාක්ෂි දරනු ඇත. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු සත්යය වේ. ඔහු හැර දේව ආදේශකයින් නැමදුම් කරන දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දෑය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ බලාධිකාරයෙන් හා ඔහුගේ ශක්තියෙන් ඔහුගේ සියලු මැවීම් වලට වඩා ඔහු උසස්ය. ඔහුට වඩා උසස් වෙනත් කිසිවක් නැත. සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• نقص الليل والنهار وزيادتهما وتسخير الشمس والقمر: آيات دالة على قدرة الله سبحانه، ونعمٌ تستحق الشكر.
•රාත්රිය හා දහවලෙහි අඩු වීම හා ඒ දෙකෙහි වැඩි වීම, හිරු හා සඳු වසඟකර තිබීම සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන සාධක වෙති. ඒ සඳහා කෘතඥතාව පුද කිරීම සුදුසු වන්නේය. info

• الصبر والشكر وسيلتان للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා පවතින මාධ්යයන් දෙකකි. info

• الخوف من القيامة يقي من الاغترار بالدنيا، ومن الخضوع لوساوس الشياطين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ වූ බිය, මෙලොවෙහි රැවටී යාමෙන් හා ෂෙයිතාන්ගේ කුකුස්වලට යටත් වීමෙන් ආරක්ෂා කරයි. info

• إحاطة علم الله بالغيب كله.
•සියලු ගුප්ත දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info