Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (51) سۈرە: ئەھزاب
تُرْجِیْ مَنْ تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِیْۤ اِلَیْكَ مَنْ تَشَآءُ ؕ— وَمَنِ ابْتَغَیْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَیْكَ ؕ— ذٰلِكَ اَدْنٰۤی اَنْ تَقَرَّ اَعْیُنُهُنَّ وَلَا یَحْزَنَّ وَیَرْضَیْنَ بِمَاۤ اٰتَیْتَهُنَّ كُلُّهُنَّ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا فِیْ قُلُوْبِكُمْ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَلِیْمًا ۟
අහෝ දූතය! නුඹේ බිරියන් අතරින් ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද කොටස ප්රමාද කිරීමට නුඹ අපේක්ෂා කරන්නන් වනාහි, ඔවුන් සමග නුඹ රාත්රිය ගත නොකරන්නෙහිය. එමෙන්ම ඔවුන් අතරින් නුඹ අභිමත කරන අය නුඹ වෙත ළං කරගෙන ඇය සමග නුඹ රාත්රිය ගත කරන්නෙහිය. නුඹ ප්රමාද කළ අය අතරින් එකියෙකු වෙත ළං වන්නට නුඹ පැතුවෙහි නම් එහි නුඹට වරදක් නැත. එසේ ප්රමාද කිරීමත් කාලය දිගු කිරීමත් නුඹේ බිරියන්ගේ දෑස් පිනවන්නටත් එමෙන්ම ඔවුන් සියලු දෙනාටම නුඹ පිරිනැමූ දෑ පිළිබඳ ව -සැබැවින්ම නුඹ වගකීම් පැහැර නොහැරිය බවත් වගකීම ඉටු කිරීමට මසුරු නොවූ බවත් ඔවුන් දැනගැනීමෙන්- ඔවුන් තෘප්තියට පත් වන්නටත් වඩාත් සමීප වනු ඇත. අහෝ පුරුෂයිනි! නුඹලාගේ සිත් ඇතැම් බිරියන් හැර තවත් බිරියන් වෙත නැඹුරු වීම ගැන අල්ලාහ් දනී. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. නුඹලා ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා නැඹුරු විය හැකි පිණිස දඬුවම ඉක්මන් නො කරන මහා දයාලුය.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• عظم مقام النبي صلى الله عليه وسلم عند ربه؛ ولذلك عاتب الصحابة رضي الله عنهم الذين مكثوا في بيته صلى الله عليه وسلم لِتَأَذِّيه من ذلك.
•තම පරමාධිපති අබියස සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිලයේ මහිමය. එබැවින් ඔහු එතුමාගේ නිවසේ රැදී සිටි එතුමාගේ අනුගාමිකයින් හට අවවාද කළේය. මන්ද එය එතුමාණන්ට අපහසුතාවක් ගෙන දෙන බැවිනි.

• ثبوت صفتي العلم والحلم لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු ඥානය හා සෙනෙහෙවන්තභාවය යන ගුණාංග දෙක තහවුරු කිරීම.

• الحياء من أخلاق النبي صلى الله عليه وسلم.
•ලැජ්ජාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ චරිතය විය.

• صيانة مقام أمهات المؤمنين زوجات النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන් වන ‘උම්මහාතුල් මුඃමිනීන්’ හෙවත් දේව විශ්වාසීන්ගේ මව්වරුන්ගේ නිලය ආරක්ෂා කිරීම.

 
مەنالار تەرجىمىسى ئايەت: (51) سۈرە: ئەھزاب
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش