Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (77) سۈرە: نىسا
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ قِیْلَ لَهُمْ كُفُّوْۤا اَیْدِیَكُمْ وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ۚ— فَلَمَّا كُتِبَ عَلَیْهِمُ الْقِتَالُ اِذَا فَرِیْقٌ مِّنْهُمْ یَخْشَوْنَ النَّاسَ كَخَشْیَةِ اللّٰهِ اَوْ اَشَدَّ خَشْیَةً ۚ— وَقَالُوْا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَیْنَا الْقِتَالَ ۚ— لَوْلَاۤ اَخَّرْتَنَاۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ؕ— قُلْ مَتَاعُ الدُّنْیَا قَلِیْلٌ ۚ— وَالْاٰخِرَةُ خَیْرٌ لِّمَنِ اتَّقٰی ۫— وَلَا تُظْلَمُوْنَ فَتِیْلًا ۟
අහෝ දූතය, තමන්ට ජිහාද් අනිවාර්ය කරන මෙන් විමසා සිටින ඔබේ ඇතැම් සගයින්ගේ කටයුතු පිළිබඳව ඔබ දන්නෙහිද? ‘ඔබ යුද්ධ කිරීමෙන් වැළකෙනු. සලාතය ඉටු කරනු. සකාත් දෙනු’ යැයි ඔවුනට පවසනු ලැබීය. මෙය ජිහාද් අනිවාර්යය වීමට පෙර සිදු වූවකි. ඔවුන් මදීනාවට විතැන් වූ විට ඉස්ලාමයට ආරක්ෂාවක් අවශ්ය විය. යුද්ධය අනිවාර්ය කරන ලදී. ඔවුන් ගෙන් ඇතැමෙකුට එය දුෂ්කර විය. අල්ලාහ්ට බිය වන තරමට හෝ ඊටත් වඩා වැඩියෙන් ඔවුන් ජනයාට බිය වූහ. පසු ව ඔවුහු මෙසේ ප්රකාශ කර සිටියහ: ‘අහෝ අපගේ පරමාධිපතියාණනි, ඔබ අපහට යුද්ධය අනිවාර්යය කළේ මන්ද? මෙලොව භුක්ති විඳින තෙක් ටික කලක් ප්රමාද කරන්නට තිබුණා නොවේද? අහෝ දූතය, ඔවුනට මෙසේ පවසනු. මෙලොව සැප ඉතා අල්පය. පහත්ය. මතු ලොව ඇති සැප සදාතනික බැවින් දෙවියන් පිළිබඳ මතකයෙන් පසුවන්නාට එය වඩාත් ශ්රේෂ්ඨ වන්නේය. එහි ඔබගේ කිසිදු යහපත් ක්රියාවක ප්රතිඵල රටඉඳි ගෙඩියක මතු පිටින් පෙනෙන නාරටියක තරම් වුව ද අඩු කරන්නේ නැත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• وجوب القتال لإعلاء كلمة الله ونصرة المستضعفين، وذم الخوف والجبن والاعتراض على أحكام الله.
•අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිසත් දුබලයින්හට උදව් කරනු පිණිසත් අරගල කිරීමේ අනිවාර්යභාවය. බියවීම හා පසුබෑමේ පහත් තත්ත්වය හා අල්ලාහ්ගේ නීතිරීති වලට පිටුපෑමේ පහත් තත්ත්වය.

• الدار الآخرة خير من الدنيا وما فيها من متاع وشهوات لمن اتقى الله تعالى وعمل بطاعته.
•අල්ලාහ්ට අවනත වෙමින් ක්රියා කරන ඔහු පිළිබඳ මතකයෙන් පසුවන අයහට මෙලොව හා මෙලොවෙහි ඇති සියලු සැප සම්පත් හා ආශාවන්ට වඩා මතු ලොව නිවහන උතුම් වන්නේය.

• الخير والشر كله بقدر الله، وقد يبتلي الله عباده ببعض السوء في الدنيا لأسباب، منها: ذنوبهم ومعاصيهم.
•යහපත හා අයහපත යන සියල්ල අල්ලාහ්ගේ නියමය අනුව සිදුවන්නකි. ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධ හේතුවෙන් ඇතැම් විට අල්ලාහ් තම ගැත්තන් මෙලොවේදීම පරීක්ෂාවට ලක් කරයි.

 
مەنالار تەرجىمىسى ئايەت: (77) سۈرە: نىسا
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش