قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (169) سۈرە: سۈرە ئەئراپ
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ وَّرِثُوا الْكِتٰبَ یَاْخُذُوْنَ عَرَضَ هٰذَا الْاَدْنٰی وَیَقُوْلُوْنَ سَیُغْفَرُ لَنَا ۚ— وَاِنْ یَّاْتِهِمْ عَرَضٌ مِّثْلُهٗ یَاْخُذُوْهُ ؕ— اَلَمْ یُؤْخَذْ عَلَیْهِمْ مِّیْثَاقُ الْكِتٰبِ اَنْ لَّا یَقُوْلُوْا عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ وَدَرَسُوْا مَا فِیْهِ ؕ— وَالدَّارُ الْاٰخِرَةُ خَیْرٌ لِّلَّذِیْنَ یَتَّقُوْنَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
ඔවුන්ගෙන් පසු ඔවුන් නියෝජනය කරමින් තවත් නපුරු පිරිසක් පැමිණියේය. ඔවුන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් තව්රාතය හදාරා එය කියෙව්වෝය. නමුත් එහි ඇති දෑ ඔවුන් වටහා ගත්තේ නැත. අල්ලාහ්ගේ පුස්තකය ඔවුන් විකෘති කිරීමටත් එහි පහළ කරනු නොලැබූ දැයින් ජනයා අතර තීන්දු තීරණ දීමටත් මෙලොව අල්ප වස්තුව අල්ලස් ලෙස ඔවුහු ගත්තෝය. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇතැයි ඔවුහු සිතුවෝය. නොවටිනා ලෞකික සම්පත් ඔවුන් වෙත පැමිණි විට, එය නැවත නැවතත් අයුතු ලෙස ගත්තෝය. කිසිදු වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමකින් තොරව සත්යය මිස අල්ලාහ් මත වෙනකක් නොපැවසිය යුතු බවට අල්ලාහ් ඔවුන්ගෙන් ප්රතිඥා හා ගිවිසුම් නොගත්තේ ද? ඔවුන් එම පුස්තකයට අනුව ක්රියා කිරීම අතහැර දැමුවේ අඥානකමින් නොව ඒ ගැන දැනුවත්වමය. එහි ඇති දෑ කියවා ඔවුහු දැන ගත්තෝය. ඔවුන්ගේ පාපය ඉතා බරපතළය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට හිමි වන මතු ලොව නිවහනත්, මතු ලොව නිවහනෙහි සදා ලැබෙන සුවයත් ඒ අල්ප වස්තුවට වඩා උතුම්ය. මෙම අල්ප වස්තුව අයුතු ලෙස ලබා ගන්නන්, සැබැවින්ම අල්ලාහ් මතු ලොවෙහි ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට සූදානම් කර ඇති දෑ ශ්රේෂ්ඨ බවත් එය සදා පවතින්නක් බවට වටහා නො ගත්තෝද?
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• إذا نزل عذاب الله على قوم بسبب ذنوبهم ينجو منه من كانوا يأمرون بالمعروف وينهون عن المنكر فيهم.
•තම පාපකම් හේතුවෙන් පිරිසක් මත අල්ලාහ්ගේ දඬුවම පහළ වූ විට, ඔවුන් අතර සිටි යහපත විධානය කොට අයහපතින් වැළැක්වූවන් එයින් මිඳුණෝය.

• يجب الحذر من عذاب الله؛ فإنه قد يكون رهيبًا في الدنيا، كما فعل سبحانه بطائفة من بني إسرائيل حين مَسَخَهم قردة بسبب تمردهم.
•අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වීම අනිවාර්යය වන්නේය. එය ඉස්රාඊල් ජනයාගෙන් පිරිසක් කැරලි ගැසීම හේතුවෙන් වඳුරන් බවට වෙනස් කළ අවස්ථාවේ අල්ලාහ් සිදු කළාක් මෙන් සැබැවින්ම එය මෙලොවෙහි පවතින භයානක තත්ත්වයකි.

• نعيم الدنيا مهما بدا أنه عظيم فإنه قليل تافه بجانب نعيم الآخرة الدائم.
•ඉස්රාඊල් ජනයාට නින්දාව හා ජීවත් වීමේ අවකාශය අල්ලාහ් නියම කර ඇති අතර, ඔවුන්ගේ අසාධාරණය හා අපගමනය හේතුවෙන් ඔවුන්ට පීඩා කරනු ලබන සෑම කාල පරිච්ඡේදයකටම ඔහු ඔවුනට අවසර දුන්නේය.

• أفضل أعمال العبد بعد الإيمان إقامة الصلاة؛ لأنها عمود الأمر.
•මෙලොව සුවපහසුකම් කෙතරම් ඉමහත් ලෙස දිස් වුව ද සදාකාලික මතුලොවෙහි පවතින සුවපහසුකම් සමඟ බැලීමේ දී සැබැවින්ම එය ඉතා අල්පය.

• كتب الله على بني إسرائيل الذلة والمسكنة، وتأذن بأن يبعث عليهم كل مدة من يذيقهم العذاب بسبب ظلمهم وانحرافهم.
•අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ගැත්තා සිදු කරන ක්රියාවන් අතුරින් අති උතුම් ක්රියාව වනුයේ සලාතය විධිමත්ව ඉටු කිරීමය. ඊට හේතුව සැබැවින් එය කරුණු වල මුදුන් මුල වන බැවිණි.

 
مەنالار تەرجىمىسى ئايەت: (169) سۈرە: سۈرە ئەئراپ
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - تەرجىمىلەر مۇندەرىجىسى

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

تاقاش