قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
187 : 7

یَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَیَّانَ مُرْسٰىهَا ؕ— قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّیْ ۚ— لَا یُجَلِّیْهَا لِوَقْتِهَاۤ اِلَّا هُوَ ؔؕۘ— ثَقُلَتْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— لَا تَاْتِیْكُمْ اِلَّا بَغْتَةً ؕ— یَسْـَٔلُوْنَكَ كَاَنَّكَ حَفِیٌّ عَنْهَا ؕ— قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ اللّٰهِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ මුරණ්ඩුකාර බොරු කාරයින් එය කවර වේලාවක සිදු වන්නේ දැයි ද ඒ ගැන දැනුම කවර වේලාවක ලැබෙන්නේ දැයි ද ඔබෙන් විමසති. අහෝ! මුහම්මද්, ඒ ගැන දැනුම මා ළඟ හෝ වෙනත් අය ළඟ නැත. ඒ ගැන දැනුම ඇත්තේ අල්ලාහ් අබියස පමණය. ඒ සඳහා නිර්ණය කර ඇති නිශ්චිත වේලාව අල්ලාහ් හැර වෙනත් කිසිවකු හෙළි කරන්නේ නැත. අහස්හි වෙසෙන්නන්හට හා මහ පොළොවෙහි වෙසෙන්නන්හට එය හෙළි කිරීමේ විෂය සැඟවුණු දෙයකි. නුඹලාට එය එකවර පැමිණෙන්නේ නැත. සැබැවින්ම ඔබ අවසන් හෝරාව පිළිබඳ මැනවින් දන්නෙකු සේ ඔවුහු ඒ ගැන ඔබෙන් විමසති. ඔබේ පරමාධිපති පිළිබඳ ඔබ හොඳින් දන්නා බැවින් ඒ ගැන ඔබ විමසා නොසිටින බව ඔවුහු නොදනිති. "අහෝ! මුහම්මද් අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් අබියස පමණක් ඇති බව ඔවුනට පවසනු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා ඒ ගැන වටහා ගන්නේ නැත. යැයි ඔවුනට පවසනු." info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• خلق الله للبشر آلات الإدراك والعلم - القلوب والأعين والآذان - لتحصيل المنافع ودفع المضار.
•මිනිසා ප්රයෝජන ලබන්නටත්, හානිදායක දැයින් තමන් වළක්වා ගන්නටත්, අවශ්ය වන යමක් වටහා ගැනීමේ හා දැනුමේ -හදවත් ඇස් හා කන් යන- උපකරණයන් අල්ලාහ් මිනිසා වෙනුවෙන් මවා ඇත. info

• الدعاء بأسماء الله الحسنى سبب في إجابة الدعاء، فيُدْعَى في كل مطلوب بما يناسب ذلك المطلوب، مثل: اللهمَّ تب عَلَيَّ يا تواب.
•අල්ලාහ්ගේ අලංකාර නමායන් ඉදිරිපත් කොට ප්රාර්ථනා කිරීම, ප්රාර්ථනා ව පිළිගැනීමට සාධකයක් වන්නේය. පතන සෑම දෙයකටම එයට අදාළ වන නාමයෙන් ඔහු අමතනු ලැබිය යුතුය. උදාහරණ වශයෙන් අහෝ අතික්ෂමාශීලියාණනි! මා වෙත සමා ව දෙනු මැනව! info

• التفكر في عظمة السماوات والأرض، والتوصل بهذا التفكر إلى أن الله تعالى هو المستحق للألوهية دون غيره؛ لأنه المنفرد بالصنع.
•අහස් හා මහ පොළොවේ මහිමය පිළිබඳ සිතා බැලීම, එසේ සිතා බැලීම තුළින් දේවත්වයට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නොවන්නේය යන හැඟීම ළඟා කරවන්නේය. ඊට හේතුව මැවීමෙහි ඔහු කේවල වන බැවිනි. info