Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (42) سۈرە: ئەنپال
اِذْ اَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْیَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوٰی وَالرَّكْبُ اَسْفَلَ مِنْكُمْ ؕ— وَلَوْ تَوَاعَدْتُّمْ لَاخْتَلَفْتُمْ فِی الْمِیْعٰدِ ۙ— وَلٰكِنْ لِّیَقْضِیَ اللّٰهُ اَمْرًا كَانَ مَفْعُوْلًا ۙ۬— لِّیَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَیِّنَةٍ وَّیَحْیٰی مَنْ حَیَّ عَنْ بَیِّنَةٍ ؕ— وَاِنَّ اللّٰهَ لَسَمِیْعٌ عَلِیْمٌ ۟ۙ
මදීනාවට පරව, අසල පිහිටි පහත් මිටියාවතෙහි නුඹලා ද, මක්කාහ්වට පරව දුරින් පිටිහි මිටියාවතෙහි මුෂ්රික්වරන් ද, රතු මුහුදු වෙරළට පරව නුඹලාට පහළින් පිහිටි ස්ථානයේ වෙළඳ කණ්ඩායමද සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා සහ දේව ආදේශකයින් බද්ර් යුද්ධයේ හමුවීමට ප්රිය කළේ නම් නුඹලා එකිනෙකා අතර භේද වන්නට තිබුණි. නමුත් බද්ර් දිනයේ නුඹලා අතර කිසිදු තර්කයකින් තොරව ඒකරාශී කළේ අල්ලාහ්ය. එය සිදුවන්නට නියමිත කරුණ සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබනු පිණිසය. එනම් දේව විශ්වාසී ජනයාට ජය ද, දේව ප්රතික්ෂේපිත ජනයාට පරාජය ද, තම දහම පිළිබඳ අවවාද කිරීම හා දෙවියන්ට ආදේශ කිරීම පහත් ක්රියාවක් බවට පත් කිරීමය. එමෙන්ම ඔවුනට එරෙහි ව දේව විශ්වාසී ජනයා සංඛ්යාවෙන් අඩු වුවද ජය නියත බව සාධක ඉදිරිපත් කිරීමෙන් පසු හා ඔවුනට ප්රතිඥා දීමෙන් පසු ඔවුන් අතර මියැදෙන්නට නියමිත අය මිය යාමටත්, අල්ලාහ් හෙළි කළ සාධක හා සාක්ෂි මත ජීවත් වන්නන් ජීවත් කරවීමටත්ය. එවිට අල්ලාහ්ට එරෙහි ව තර්ක කරන්නන් කිසිවකු ඉතිරි නොවනු ඇත. අල්ලාහ් සියලු දෙනාගේ ප්රකාශයන් සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الغنائم لله يجعلها حيث شاء بالكيفية التي يريد، فليس لأحد شأن في ذلك.
•යුද පිටියේ සතුරා විසින් හැර දමා ගිය වස්තුව අල්ලාහ් සතුය. තමන් සිතන පරිදි තම අභිමතයට අනුව ඒවා ඔහු පිරිනමයි. එහෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් කිසිවකුට නැත.

• من أسباب النصر تدبير الله للمؤمنين بما يعينهم على النصر، والصبر والثبات والإكثار من ذكر الله.
•දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ජයග්රහණය සඳහා ප්රයෝජනවත් වන දෑ ඔවුනට අල්ලාහ් සැලසුම් කර දීම, ඉවසීම, ස්ථාරවත්වය, අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කිරීම යනාදිය හේතූන් අතර වන්නේය.

• قضاء الله نافذ وحكمته بالغة وهي الخير لعباد الله وللأمة كلها.
•අල්ලාහ්ගේ තීන්දු ව ඵලදායීය. ඔහුගේ ප්රඥා ව ගැඹුරුය. අල්ලාහ්ගේ ගැත්තන් හා සියලු සමූහයන්ට යහපත් වන්නේ එයයි.

 
مەنالار تەرجىمىسى ئايەت: (42) سۈرە: ئەنپال
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش