የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ዩኑስ   አንቀጽ:

සූරා යූනුස්

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْحَكِیْمِ ۟
අලිෆ් ලාම් රා. මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَكَانَ لِلنَّاسِ عَجَبًا اَنْ اَوْحَیْنَاۤ اِلٰی رَجُلٍ مِّنْهُمْ اَنْ اَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِیْنَ اٰمَنُوْۤا اَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ؔؕ— قَالَ الْكٰفِرُوْنَ اِنَّ هٰذَا لَسٰحِرٌ مُّبِیْنٌ ۟
‘නුඹ ජනයාට අවවාද කරනු. තවද දේවත්වය විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින් ම සැබෑ පෙරමුණක් (ගෞරවණීය ස්ථානයක්) ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයාව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන් ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ یُدَبِّرُ الْاَمْرَ ؕ— مَا مِنْ شَفِیْعٍ اِلَّا مِنْ بَعْدِ اِذْنِهٖ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මහපොළොව දින හයකින් මවා පසුව අර්ෂ් (රාජධානියෙ)හි ස්ථාපිත වූ අල්ලාහ් ය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (ඔහු ඉදිරියේ) වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَیْهِ مَرْجِعُكُمْ جَمِیْعًا ؕ— وَعْدَ اللّٰهِ حَقًّا ؕ— اِنَّهٗ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ لِیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ بِالْقِسْطِ ؕ— وَالَّذِیْنَ كَفَرُوْا لَهُمْ شَرَابٌ مِّنْ حَمِیْمٍ وَّعَذَابٌ اَلِیْمٌ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟
නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන් ම සියලු මැවීම් ඔහු ආරම්භයේම උත්පාදනය කරයි. පසුව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය (එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ جَعَلَ الشَّمْسَ ضِیَآءً وَّالْقَمَرَ نُوْرًا وَّقَدَّرَهٗ مَنَازِلَ لِتَعْلَمُوْا عَدَدَ السِّنِیْنَ وَالْحِسَابَ ؕ— مَا خَلَقَ اللّٰهُ ذٰلِكَ اِلَّا بِالْحَقِّ ۚ— یُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ඔහු වනාහි හිරු කාන්තිමත් ආලෝකයක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා වර්ෂ ගණනය හා කාලපරිච්ඡේදය නුඹලා හඳුනා ගනු පිණිස එයට ස්ථාන නියම කළේ ය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِی اخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللّٰهُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَّقُوْنَ ۟
රාත්‍රිය හා දහවල (එකිනෙක) වෙනස් වීමෙහි ද අහස්හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියහැඟීමෙන් යුතුව කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا وَرَضُوْا بِالْحَیٰوةِ الدُّنْیَا وَاطْمَاَنُّوْا بِهَا وَالَّذِیْنَ هُمْ عَنْ اٰیٰتِنَا غٰفِلُوْنَ ۟ۙ
අපගේ හමුව අපේක්ෂා නො කරන, මෙලොව ජීවිතය ගැන තෘප්තිමත් වී එහි ගිලී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානීව සිටියවුන් වනාහි;
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ مَاْوٰىهُمُ النَّارُ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය ඔවුහු ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ یَهْدِیْهِمْ رَبُّهُمْ بِاِیْمَانِهِمْ ۚ— تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් මඟ පෙන්වනු ඇත. සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
دَعْوٰىهُمْ فِیْهَا سُبْحٰنَكَ اللّٰهُمَّ وَتَحِیَّتُهُمْ فِیْهَا سَلٰمٌ ۚ— وَاٰخِرُ دَعْوٰىهُمْ اَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟۠
එහි ඔවුන්ගේ පැතුම වනුයේ “අහෝ අල්ලාහ්! ඔබ සුපිවිතුරුය” යන්නයි. තවද එහි ඔවුන්ගේ ආචාරය වනුයේ “සලාම් (ශාන්තිය)” යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ “නියත වශයෙන් ම සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සතුය” යන්නයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ یُعَجِّلُ اللّٰهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَیْرِ لَقُضِیَ اِلَیْهِمْ اَجَلُهُمْ ؕ— فَنَذَرُ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟
ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් ම අල්ලාහ් ද (ඔවුන් උපයා ගත් දෑහි) නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නො කරන්නන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අයාලේ යන්නට අපි හරින්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا مَسَّ الْاِنْسَانَ الضُّرُّ دَعَانَا لِجَنْۢبِهٖۤ اَوْ قَاعِدًا اَوْ قَآىِٕمًا ۚ— فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهٗ مَرَّ كَاَنْ لَّمْ یَدْعُنَاۤ اِلٰی ضُرٍّ مَّسَّهٗ ؕ— كَذٰلِكَ زُیِّنَ لِلْمُسْرِفِیْنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් අයැද සිටී. එහෙත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නො අයැද සිටියාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන්හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَهْلَكْنَا الْقُرُوْنَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوْا ۙ— وَجَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ وَمَا كَانُوْا لِیُؤْمِنُوْا ؕ— كَذٰلِكَ نَجْزِی الْقَوْمَ الْمُجْرِمِیْنَ ۟
තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින් ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. එහෙත් ඔවුහු විශ්වාස කරන්නට නො වූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ جَعَلْنٰكُمْ خَلٰٓىِٕفَ فِی الْاَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَیْفَ تَعْمَلُوْنَ ۟
ඔවුනට පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැ? යි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලාව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیَاتُنَا بَیِّنٰتٍ ۙ— قَالَ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا ائْتِ بِقُرْاٰنٍ غَیْرِ هٰذَاۤ اَوْ بَدِّلْهُ ؕ— قُلْ مَا یَكُوْنُ لِیْۤ اَنْ اُبَدِّلَهٗ مِنْ تِلْقَآئِ نَفْسِیْ ۚ— اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ ۚ— اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මාහට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නො කරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳව සැබැවින් ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ شَآءَ اللّٰهُ مَا تَلَوْتُهٗ عَلَیْكُمْ وَلَاۤ اَدْرٰىكُمْ بِهٖ ۖؗۗ— فَقَدْ لَبِثْتُ فِیْكُمْ عُمُرًا مِّنْ قَبْلِهٖ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නො කරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නො දන්වන්නට තිබුණි. සැබැවින් ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا اَوْ كَذَّبَ بِاٰیٰتِهٖ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الْمُجْرِمُوْنَ ۟
එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම, වැරදිකරුවෝ ජය නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَضُرُّهُمْ وَلَا یَنْفَعُهُمْ وَیَقُوْلُوْنَ هٰۤؤُلَآءِ شُفَعَآؤُنَا عِنْدَ اللّٰهِ ؕ— قُلْ اَتُنَبِّـُٔوْنَ اللّٰهَ بِمَا لَا یَعْلَمُ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟
අල්ලාහ් හැර දමා ඔවුනට පීඩාවක් නො කරන එමෙන් ම ඔවුනට සෙත නො සලසන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් ඉදිරියේ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය!) නුඹ අසනු. ඔහු සුපිවිතුරු ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ النَّاسُ اِلَّاۤ اُمَّةً وَّاحِدَةً فَاخْتَلَفُوْا ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ فِیْمَا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
තවද මිනිස් සමූහය එක ම සමූහයක් මිස නො වීය. පසුව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නො වී නම් ඔවුහු කවර විෂයක භේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ۚ— فَقُلْ اِنَّمَا الْغَیْبُ لِلّٰهِ فَانْتَظِرُوْا ۚ— اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟۠
තවද ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නො වේ දැ? යි ඔවුහු පවසති. "සියලු ගුප්ත දෑ අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තු වන්නන් අතරින් වෙමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَاۤ اَذَقْنَا النَّاسَ رَحْمَةً مِّنْ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ اِذَا لَهُمْ مَّكْرٌ فِیْۤ اٰیَاتِنَا ؕ— قُلِ اللّٰهُ اَسْرَعُ مَكْرًا ؕ— اِنَّ رُسُلَنَا یَكْتُبُوْنَ مَا تَمْكُرُوْنَ ۟
තවද ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන්වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අතිවේගවත් ය. නියත වශයෙන් ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ (සුර) දූතවරු සටහන් කරති යැයි (නබිවරය!) පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ یُسَیِّرُكُمْ فِی الْبَرِّ وَالْبَحْرِ ؕ— حَتّٰۤی اِذَا كُنْتُمْ فِی الْفُلْكِ ۚ— وَجَرَیْنَ بِهِمْ بِرِیْحٍ طَیِّبَةٍ وَّفَرِحُوْا بِهَا جَآءَتْهَا رِیْحٌ عَاصِفٌ وَّجَآءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَّظَنُّوْۤا اَنَّهُمْ اُحِیْطَ بِهِمْ ۙ— دَعَوُا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۚ۬— لَىِٕنْ اَنْجَیْتَنَا مِنْ هٰذِهٖ لَنَكُوْنَنَّ مِنَ الشّٰكِرِیْنَ ۟
ගොඩබිමේ හා මුහුදේ නුඹලාව ගමන් කරවනුයේ ඔහු ය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටුව යාත්‍රා කරයි. තවද එමඟින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණි ය. තවද සෑම තැනකින් ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණි ය. එවිට නියත වශයෙන් ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන් ම අපි කෘතවේදීන් අතරින් වෙමු යි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّاۤ اَنْجٰىهُمْ اِذَا هُمْ یَبْغُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ ؕ— یٰۤاَیُّهَا النَّاسُ اِنَّمَا بَغْیُكُمْ عَلٰۤی اَنْفُسِكُمْ ۙ— مَّتَاعَ الْحَیٰوةِ الدُّنْیَا ؗ— ثُمَّ اِلَیْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
එසේ ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිව ම ය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසුව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව අපි නුඹලාට දන්වන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا مَثَلُ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ مِمَّا یَاْكُلُ النَّاسُ وَالْاَنْعَامُ ؕ— حَتّٰۤی اِذَاۤ اَخَذَتِ الْاَرْضُ زُخْرُفَهَا وَازَّیَّنَتْ وَظَنَّ اَهْلُهَاۤ اَنَّهُمْ قٰدِرُوْنَ عَلَیْهَاۤ ۙ— اَتٰىهَاۤ اَمْرُنَا لَیْلًا اَوْ نَهَارًا فَجَعَلْنٰهَا حَصِیْدًا كَاَنْ لَّمْ تَغْنَ بِالْاَمْسِ ؕ— كَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු විය. එමෙන් ම මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන අලංකාරවත් විය. එහි වැසියෝ ද නියත වශයෙන් ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතුවෝ ය. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණ, එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නො ගත්තාක් මෙන්, නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි පත් කළෙමු. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ یَدْعُوْۤا اِلٰی دَارِ السَّلٰمِ ؕ— وَیَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِلَّذِیْنَ اَحْسَنُوا الْحُسْنٰی وَزِیَادَةٌ ؕ— وَلَا یَرْهَقُ وُجُوْهَهُمْ قَتَرٌ وَّلَا ذِلَّةٌ ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නො ගනී. ඔවුහු ස්වර්ගවාසීහු ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ كَسَبُوا السَّیِّاٰتِ جَزَآءُ سَیِّئَةٍ بِمِثْلِهَا ۙ— وَتَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— مَا لَهُمْ مِّنَ اللّٰهِ مِنْ عَاصِمٍ ۚ— كَاَنَّمَاۤ اُغْشِیَتْ وُجُوْهُهُمْ قِطَعًا مِّنَ الَّیْلِ مُظْلِمًا ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
තවද පාපකම් උපයා ගත් අය වනාහි ඔවුන්ගේ පාපයට ප්‍රතිවිපාකය ඒ හා සමානයක් ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු අඳුරු රාත්‍රියෙන් කොටසක් වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහු ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ نَحْشُرُهُمْ جَمِیْعًا ثُمَّ نَقُوْلُ لِلَّذِیْنَ اَشْرَكُوْا مَكَانَكُمْ اَنْتُمْ وَشُرَكَآؤُكُمْ ۚ— فَزَیَّلْنَا بَیْنَهُمْ وَقَالَ شُرَكَآؤُهُمْ مَّا كُنْتُمْ اِیَّانَا تَعْبُدُوْنَ ۟
තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසුව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසුව ඔවුන් අතර (තිබූ සම්බන්ධතාව බිඳ) අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නො සිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවෝ පවසා මිදෙන්නට බලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَفٰی بِاللّٰهِ شَهِیْدًا بَیْنَنَا وَبَیْنَكُمْ اِنْ كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغٰفِلِیْنَ ۟
එහෙයින් අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටියෙමු (යැයි ද එම හවුල්කරුවෝ පවසති).
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُنَالِكَ تَبْلُوْا كُلُّ نَفْسٍ مَّاۤ اَسْلَفَتْ وَرُدُّوْۤا اِلَی اللّٰهِ مَوْلٰىهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠
එවිට සෑම ආත්මයක් ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَنْ یَّرْزُقُكُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ اَمَّنْ یَّمْلِكُ السَّمْعَ وَالْاَبْصَارَ وَمَنْ یُّخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ وَمَنْ یُّدَبِّرُ الْاَمْرَ ؕ— فَسَیَقُوْلُوْنَ اللّٰهُ ۚ— فَقُلْ اَفَلَا تَتَّقُوْنَ ۟
අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නො වේ දැ? යි නුඹ විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذٰلِكُمُ اللّٰهُ رَبُّكُمُ الْحَقُّ ۚ— فَمَاذَا بَعْدَ الْحَقِّ اِلَّا الضَّلٰلُ ۚ— فَاَنّٰی تُصْرَفُوْنَ ۟
ඔහු මය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. මෙම සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَی الَّذِیْنَ فَسَقُوْۤا اَنَّهُمْ لَا یُؤْمِنُوْنَ ۟
එලෙස ම පාපකම් කළවුන්හට නියත වශයෙන් ම ඔවුන් විශ්වාස නො කරනු ඇතැයි යන නුඹගේ පරමාධිපතිගේ වදන නියම විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ؕ— قُلِ اللّٰهُ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතරින් සිටිත් දැ? යි නුඹ අසනු. මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන්නේ අල්ලාහ් ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ අසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّهْدِیْۤ اِلَی الْحَقِّ ؕ— قُلِ اللّٰهُ یَهْدِیْ لِلْحَقِّ ؕ— اَفَمَنْ یَّهْدِیْۤ اِلَی الْحَقِّ اَحَقُّ اَنْ یُّتَّبَعَ اَمَّنْ لَّا یَهِدِّیْۤ اِلَّاۤ اَنْ یُّهْدٰی ۚ— فَمَا لَكُمْ ۫— كَیْفَ تَحْكُمُوْنَ ۟
සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ? යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද? එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නො කරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَتَّبِعُ اَكْثَرُهُمْ اِلَّا ظَنًّا ؕ— اِنَّ الظَّنَّ لَا یُغْنِیْ مِنَ الْحَقِّ شَیْـًٔا ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا یَفْعَلُوْنَ ۟
තවද ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. නියත වශයෙන් ම අනුමානය සත්‍යයෙන් කිසිවක් දැනගැනීමට ඵලක් නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ هٰذَا الْقُرْاٰنُ اَنْ یُّفْتَرٰی مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ تَصْدِیْقَ الَّذِیْ بَیْنَ یَدَیْهِ وَتَفْصِیْلَ الْكِتٰبِ لَا رَیْبَ فِیْهِ مِنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟۫
තවද මෙම අල්-කුර්ආනය අල්ලාහ්ගෙන් (පහළ වූවක්) මිස (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලබන්නට හැකි වූවක් නො වීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් හා ලේඛනය විග්‍රහ කරන්නකි. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ මෙහි කිසිදු සැකයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ فَاْتُوْا بِسُوْرَةٍ مِّثْلِهٖ وَادْعُوْا مَنِ اسْتَطَعْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නෝ ද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් අල්ලාහ් හැර දමා නුඹලාට හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ كَذَّبُوْا بِمَا لَمْ یُحِیْطُوْا بِعِلْمِهٖ وَلَمَّا یَاْتِهِمْ تَاْوِیْلُهٗ ؕ— كَذٰلِكَ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟
එසේ නො ව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය කළ නොහැකි දෑ ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි දෑ ද ඔවුහු බොරු කළෝ ය. මෙලෙස ම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝ ය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ විපරමෙන් බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْهُمْ مَّنْ یُّؤْمِنُ بِهٖ وَمِنْهُمْ مَّنْ لَّا یُؤْمِنُ بِهٖ ؕ— وَرَبُّكَ اَعْلَمُ بِالْمُفْسِدِیْنَ ۟۠
තවද ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතරින් වූහ. එමෙන් ම ඒ ගැන විශ්වාස නො කරන්නන් ද ඔවුන් අතරින් වූහ. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ كَذَّبُوْكَ فَقُلْ لِّیْ عَمَلِیْ وَلَكُمْ عَمَلُكُمْ ۚ— اَنْتُمْ بَرِیْٓـُٔوْنَ مِمَّاۤ اَعْمَلُ وَاَنَا بَرِیْٓءٌ مِّمَّا تَعْمَلُوْنَ ۟
තවද ඔවුහු නුඹව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මා සතුය නුඹලාගේ ත්‍රියාව නුඹලා සතු ය. නුඹලා මම කරන දැයින් මිදෙන්නෝ වෙති. මම ද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْهُمْ مَّنْ یَّسْتَمِعُوْنَ اِلَیْكَ ؕ— اَفَاَنْتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوْا لَا یَعْقِلُوْنَ ۟
තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. බිහිරන් වටහා නො ගනිමින් සිටිය ද නුඹ ඔවුනට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْهُمْ مَّنْ یَّنْظُرُ اِلَیْكَ ؕ— اَفَاَنْتَ تَهْدِی الْعُمْیَ وَلَوْ كَانُوْا لَا یُبْصِرُوْنَ ۟
තවද ඔවුන් අතරින් නුඹ වෙත බලන්නන් වෙති. අන්ධයින් නො බලමින් සිටිය ද නුඹ ඔවුනට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ لَا یَظْلِمُ النَّاسَ شَیْـًٔا وَّلٰكِنَّ النَّاسَ اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
නියත වශයෙන් ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නො කරයි. එනමුත් නියත වශයෙන් ම ජනයා තමන්ට ම අපරාධ කර ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَحْشُرُهُمْ كَاَنْ لَّمْ یَلْبَثُوْۤا اِلَّا سَاعَةً مِّنَ النَّهَارِ یَتَعَارَفُوْنَ بَیْنَهُمْ ؕ— قَدْ خَسِرَ الَّذِیْنَ كَذَّبُوْا بِلِقَآءِ اللّٰهِ وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟
තවද ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් මොහොතක් මිස රැඳී නො සිටියාක් මෙන් (සිතමින්) ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් සැබැවින් ම පරාජයට පත් වූවෝ ය. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නො සිටියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِمَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّٰهُ شَهِیْدٌ عَلٰی مَا یَفْعَلُوْنَ ۟
තවද අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අපි නුඹට පෙන්වුව ද නැතහොත් අපි නුඹව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ම ය. පසුව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِكُلِّ اُمَّةٍ رَّسُوْلٌ ۚ— فَاِذَا جَآءَ رَسُوْلُهُمْ قُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
තවද සෑම සමූහයකට ම ධර්ම දූතයකු විය. ඔවුන්ගේ ධර්ම දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිගරුකව තීන්දු දෙන ලදි. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි (ධර්ම දූතයින්ගෙන්) ඔවුහු විමසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّاۤ اَمْلِكُ لِنَفْسِیْ ضَرًّا وَّلَا نَفْعًا اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— لِكُلِّ اُمَّةٍ اَجَلٌ ؕ— اِذَا جَآءَ اَجَلُهُمْ فَلَا یَسْتَاْخِرُوْنَ سَاعَةً وَّلَا یَسْتَقْدِمُوْنَ ۟
අල්ලාහ් අභිමත කළ දෑ මිස කිසිදු හානියක් වැළක්වීමට හෝ කිසිදු සෙතක් සැලසීමට හෝ මාහට හැකියාව නැතැ’යි නුඹ පවසනු. සෑම සමූහයකට ම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නො වෙති. එමෙන් ම ඔවුහු ඉක්මන් ද නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَتٰىكُمْ عَذَابُهٗ بَیَاتًا اَوْ نَهَارًا مَّاذَا یَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُوْنَ ۟
රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? වැරදිකරුවෝ එය ඉක්මනින් පතනුයේ ඇයි දැ? යි නුඹ අසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَثُمَّ اِذَا مَا وَقَعَ اٰمَنْتُمْ بِهٖ ؕ— آٰلْـٰٔنَ وَقَدْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟
එය සිදු වූ පසුව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා එය ඉක්මනින් පතමින් සිටියෙහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ قِیْلَ لِلَّذِیْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ الْخُلْدِ ۚ— هَلْ تُجْزَوْنَ اِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟
පසුව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَسْتَنْۢبِـُٔوْنَكَ اَحَقٌّ هُوَ ؔؕ— قُلْ اِیْ وَرَبِّیْۤ اِنَّهٗ لَحَقٌّ ؔؕ— وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟۠
තවද එය සත්‍යය දැ? යි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන් නියත වශයෙන් ම එය සත්‍යයකි. තවද නුඹලා (අල්ලාහ්) අබිබවා යන්නන් නො වෙති යැයි (නබිවරය!) පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ اَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِی الْاَرْضِ لَافْتَدَتْ بِهٖ ؕ— وَاَسَرُّوا النَّدَامَةَ لَمَّا رَاَوُا الْعَذَابَ ۚ— وَقُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
තවද අපරාධ කළ සෑම ආත්මයකට ම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්තිගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَاۤ اِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَلَاۤ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ یُحْیٖ وَیُمِیْتُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟
ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතට ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَتْكُمْ مَّوْعِظَةٌ مِّنْ رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِی الصُّدُوْرِ ۙ۬— وَهُدًی وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේවත්වය විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින් ම නුඹලා වෙත පැමිණ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ بِفَضْلِ اللّٰهِ وَبِرَحْمَتِهٖ فَبِذٰلِكَ فَلْیَفْرَحُوْا ؕ— هُوَ خَیْرٌ مِّمَّا یَجْمَعُوْنَ ۟
මෙය අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමඟින් ඔවුන් සතුටු වෙත්වා! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَرَءَیْتُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ لَكُمْ مِّنْ رِّزْقٍ فَجَعَلْتُمْ مِّنْهُ حَرَامًا وَّحَلٰلًا ؕ— قُلْ آٰللّٰهُ اَذِنَ لَكُمْ اَمْ عَلَی اللّٰهِ تَفْتَرُوْنَ ۟
(නබිවරය! නුඹ මෙසේ) විමසනු! පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් නියම කර ගත්තෙහු ය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් ද? එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ? යි අසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا ظَنُّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَشْكُرُوْنَ ۟۠
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන්ගේ සිතුවිලි කුමක් ද? නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්න ය. එනමුත් සැබැවින් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا تَكُوْنُ فِیْ شَاْنٍ وَّمَا تَتْلُوْا مِنْهُ مِنْ قُرْاٰنٍ وَّلَا تَعْمَلُوْنَ مِنْ عَمَلٍ اِلَّا كُنَّا عَلَیْكُمْ شُهُوْدًا اِذْ تُفِیْضُوْنَ فِیْهِ ؕ— وَمَا یَعْزُبُ عَنْ رَّبِّكَ مِنْ مِّثْقَالِ ذَرَّةٍ فِی الْاَرْضِ وَلَا فِی السَّمَآءِ وَلَاۤ اَصْغَرَ مِنْ ذٰلِكَ وَلَاۤ اَكْبَرَ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟
තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දෙයක් අල්-කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි!) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත අප සාක්ෂිකරුවන් ලෙස සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَاۤ اِنَّ اَوْلِیَآءَ اللّٰهِ لَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚ
දැනගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නන් ද නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟ؕ
ඔවුන් වනාහි විශ්වාස කළෝ ය. තවද බිය හැඟීමෙන් යුතුව සිටියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهُمُ الْبُشْرٰی فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ؕ— لَا تَبْدِیْلَ لِكَلِمٰتِ اللّٰهِ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟ؕ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එය මය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْزُنْكَ قَوْلُهُمْ ۘ— اِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِیْعًا ؕ— هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
තවද ඔවුන්ගේ ප්‍රකාශය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම සියළු ගෞරව මුළුමණින් ම අල්ලාහ්ට හිමි ය. ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَاۤ اِنَّ لِلّٰهِ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ ؕ— وَمَا یَتَّبِعُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ شُرَكَآءَ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟
දැනගනු! අහස්හි සිටින අය ද මහපොළොවෙහි සිටින අය ද නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. අල්ලාහ් හැර දමා හවුල්කරුවන් ඇරයුම් කරන්නන් අනුගමනය කරනුයේ කුමක් ද? ඔවුන් අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِتَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّسْمَعُوْنَ ۟
නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහු ය. සැබැවින් ම (අල්ලාහ්ගේ වදනට) සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا سُبْحٰنَهٗ ؕ— هُوَ الْغَنِیُّ ؕ— لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— اِنْ عِنْدَكُمْ مِّنْ سُلْطٰنٍ بِهٰذَا ؕ— اَتَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරු ය. ඔහු පොහොසත් ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතු ය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා සතුව නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි (ගොතා) පවසන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ لَا یُفْلِحُوْنَ ۟ؕ
නියත වශයෙන් ම අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන් වනාහි ඔවුන් ජය නො ලබනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَتَاعٌ فِی الدُّنْیَا ثُمَّ اِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِیْقُهُمُ الْعَذَابَ الشَّدِیْدَ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟۠
(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නැවත හැරීම අප වෙත ය. පසුව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ نُوْحٍ ۘ— اِذْ قَالَ لِقَوْمِهٖ یٰقَوْمِ اِنْ كَانَ كَبُرَ عَلَیْكُمْ مَّقَامِیْ وَتَذْكِیْرِیْ بِاٰیٰتِ اللّٰهِ فَعَلَی اللّٰهِ تَوَكَّلْتُ فَاَجْمِعُوْۤا اَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا یَكُنْ اَمْرُكُمْ عَلَیْكُمْ غُمَّةً ثُمَّ اقْضُوْۤا اِلَیَّ وَلَا تُنْظِرُوْنِ ۟
තවද (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට; “මාගේ ජනයිනි! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසුව නුඹලාගේ තීන්දුව හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා එකට එක්රැස් කර (තීන්දු) ගනු. අනතුරුව නුඹලාගේ තීන්දු කටයුතු නුඹලාට වසන් වූවක් නො විය යුතු ය. පසුව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නො දෙනු” යැයි ඔහු පැවසූ බව සිහිපත් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ تَوَلَّیْتُمْ فَمَا سَاَلْتُكُمْ مِّنْ اَجْرٍ ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ ۙ— وَاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُسْلِمِیْنَ ۟
එහෙත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිව ය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස වෙනත් අයෙකු මත නැත. තවද මුස්ලිම්වරුන් අතරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُ فَنَجَّیْنٰهُ وَمَنْ مَّعَهٗ فِی الْفُلْكِ وَجَعَلْنٰهُمْ خَلٰٓىِٕفَ وَاَغْرَقْنَا الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِیْنَ ۟
එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන; ඔවුන්ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට; අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. පසුව අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهٖ رُسُلًا اِلٰی قَوْمِهِمْ فَجَآءُوْهُمْ بِالْبَیِّنٰتِ فَمَا كَانُوْا لِیُؤْمِنُوْا بِمَا كَذَّبُوْا بِهٖ مِنْ قَبْلُ ؕ— كَذٰلِكَ نَطْبَعُ عَلٰی قُلُوْبِ الْمُعْتَدِیْنَ ۟
ඔහුගෙන් පසුව ධර්ම දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. මීට පෙර සිටියවුන් කවර දෙයක් බොරු කළේ ද මොවුහු ද එය විශ්වාස කරන්නට නො වූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙස ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُّوْسٰی وَهٰرُوْنَ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ بِاٰیٰتِنَا فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا مُّجْرِمِیْنَ ۟
අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි අපගේ පැහැදිලි සාධක සමඟ මූසා හා හාරූන්ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوْۤا اِنَّ هٰذَا لَسِحْرٌ مُّبِیْنٌ ۟
අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන් ම මෙය පැහැදිලි මායාවකි’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ مُوْسٰۤی اَتَقُوْلُوْنَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ؕ— اَسِحْرٌ هٰذَا ؕ— وَلَا یُفْلِحُ السّٰحِرُوْنَ ۟
නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය මායාවකි’ යැයි නුඹලා කියන්නෙහු ද? යැයි මූසා විමසුවේ ය. තවද මායාකරුවෝ ජය නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَیْهِ اٰبَآءَنَا وَتَكُوْنَ لَكُمَا الْكِبْرِیَآءُ فِی الْاَرْضِ ؕ— وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِیْنَ ۟
“අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත්, මහපොළොවේ මහන් තත්ත්වය නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියෙහු ද? නමුත් නුඹලා දෙදෙනාව අපි විශ්වාස කරන්නන් නො වෙමු” යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ فِرْعَوْنُ ائْتُوْنِیْ بِكُلِّ سٰحِرٍ عَلِیْمٍ ۟
තවද ‘මනා දැනුම ඇති සෑම මායාකරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَ السَّحَرَةُ قَالَ لَهُمْ مُّوْسٰۤی اَلْقُوْا مَاۤ اَنْتُمْ مُّلْقُوْنَ ۟
මායාකරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّاۤ اَلْقَوْا قَالَ مُوْسٰی مَا جِئْتُمْ بِهِ ۙ— السِّحْرُ ؕ— اِنَّ اللّٰهَ سَیُبْطِلُهٗ ؕ— اِنَّ اللّٰهَ لَا یُصْلِحُ عَمَلَ الْمُفْسِدِیْنَ ۟
එසේ ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය මායාවකි. නියත වශයෙන් ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නො කරනු ඇත’ යැයි මූසා පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُحِقُّ اللّٰهُ الْحَقَّ بِكَلِمٰتِهٖ وَلَوْ كَرِهَ الْمُجْرِمُوْنَ ۟۠
තවද වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මඟින් සත්‍යය සනාථ කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَاۤ اٰمَنَ لِمُوْسٰۤی اِلَّا ذُرِّیَّةٌ مِّنْ قَوْمِهٖ عَلٰی خَوْفٍ مِّنْ فِرْعَوْنَ وَمَلَاۡىِٕهِمْ اَنْ یَّفْتِنَهُمْ ؕ— وَاِنَّ فِرْعَوْنَ لَعَالٍ فِی الْاَرْضِ ۚ— وَاِنَّهٗ لَمِنَ الْمُسْرِفِیْنَ ۟
ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට අර්බුධ ඇති වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසාව විශ්වාස නො කළේ ය. තවද නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ බලවත් අයෙකු විය. තවද නියතවශයෙන් ම (මැරවරකම් කිරීමෙහි) ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ مُوْسٰی یٰقَوْمِ اِنْ كُنْتُمْ اٰمَنْتُمْ بِاللّٰهِ فَعَلَیْهِ تَوَكَّلُوْۤا اِنْ كُنْتُمْ مُّسْلِمِیْنَ ۟
තවද ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ව විශ්වාස කර නුඹලා අවනතවන්නන්ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙත ම (සියල්ල) භාර කළ යුතු’යැයි මූසා කීවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالُوْا عَلَی اللّٰهِ تَوَكَّلْنَا ۚ— رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظّٰلِمِیْنَ ۟ۙ
එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාට අර්බුදයක් ලෙස අප පත් නො කරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكٰفِرِیْنَ ۟
තවද ඔබේ දයාවෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාගෙන් අප මුදවා ගනු මැනව.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰی وَاَخِیْهِ اَنْ تَبَوَّاٰ لِقَوْمِكُمَا بِمِصْرَ بُیُوْتًا وَّاجْعَلُوْا بُیُوْتَكُمْ قِبْلَةً وَّاَقِیْمُوا الصَّلٰوةَ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන නැමදුම් ස්ථාන බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ مُوْسٰی رَبَّنَاۤ اِنَّكَ اٰتَیْتَ فِرْعَوْنَ وَمَلَاَهٗ زِیْنَةً وَّاَمْوَالًا فِی الْحَیٰوةِ الدُّنْیَا ۙ— رَبَّنَا لِیُضِلُّوْا عَنْ سَبِیْلِكَ ۚ— رَبَّنَا اطْمِسْ عَلٰۤی اَمْوَالِهِمْ وَاشْدُدْ عَلٰی قُلُوْبِهِمْ فَلَا یُؤْمِنُوْا حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟
අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන්හට මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහි ය. අපගේ පරමාධිපතියාණනි! එය ඔබගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යවනු පිණිස ය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් දරදඬු කරනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නො කරනු ඇත යැයි මූසා (ප්‍රාර්ථනා කරමින්) පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ قَدْ اُجِیْبَتْ دَّعْوَتُكُمَا فَاسْتَقِیْمَا وَلَا تَتَّبِعٰٓنِّ سَبِیْلَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟
සැබැවින් ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබී ය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා කිසිවිටක අනුගමනය නො කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجٰوَزْنَا بِبَنِیْۤ اِسْرَآءِیْلَ الْبَحْرَ فَاَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُوْدُهٗ بَغْیًا وَّعَدْوًا ؕ— حَتّٰۤی اِذَاۤ اَدْرَكَهُ الْغَرَقُ قَالَ اٰمَنْتُ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا الَّذِیْۤ اٰمَنَتْ بِهٖ بَنُوْۤا اِسْرَآءِیْلَ وَاَنَا مِنَ الْمُسْلِمِیْنَ ۟
තවද අපි බනූ ඉස්රාඊල්වරුන්ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝ ය. අවසානයේ ගිලී යාම ඔහුව ග්‍රහණය කළ විට ‘සැබැවින් ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
آٰلْـٰٔنَ وَقَدْ عَصَیْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِیْنَ ۟
දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින් ම පිටුපෑවෙහි ය. තවද නුඹ කලහකාරීන් අතරින් වූයෙහි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَالْیَوْمَ نُنَجِّیْكَ بِبَدَنِكَ لِتَكُوْنَ لِمَنْ خَلْفَكَ اٰیَةً ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ عَنْ اٰیٰتِنَا لَغٰفِلُوْنَ ۟۠
එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන්හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය ආරක්ෂා කරන්නෙමු. තවද නියත වශයෙන් ම ජනයා අතරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ بَوَّاْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ مُبَوَّاَ صِدْقٍ وَّرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ ۚ— فَمَا اخْتَلَفُوْا حَتّٰی جَآءَهُمُ الْعِلْمُ ؕ— اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවන් රිසි වාසස්ථානවල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නො ගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන් ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ كُنْتَ فِیْ شَكٍّ مِّمَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ فَسْـَٔلِ الَّذِیْنَ یَقْرَءُوْنَ الْكِتٰبَ مِنْ قَبْلِكَ ۚ— لَقَدْ جَآءَكَ الْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِیْنَ ۟ۙ
(නබිවරය!) නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට නුඹට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් විමසනු. සැබැවින් ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත මෙම සත්‍යය පැමිණ ඇත. එබැවින් කිසිසේත්ම නුඹ සැකකරන්නන් අතරින් නො වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَكُوْنَنَّ مِنَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ فَتَكُوْنَ مِنَ الْخٰسِرِیْنَ ۟
තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතරින් නුඹ කිසිසේත් නො වනු. එ(සේ කළ) විට නුඹ අලාභවන්තයින් අතරින් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ حَقَّتْ عَلَیْهِمْ كَلِمَتُ رَبِّكَ لَا یُؤْمِنُوْنَ ۟ۙ
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය කවුරුන්හට නියම වූයේ ද ඔවුන් වනාහි විශ්වාස නො කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ جَآءَتْهُمْ كُلُّ اٰیَةٍ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟
ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණියද වේදනීය දඬුවම දකින තෙක් (විශ්වාස නො කරති).
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوْلَا كَانَتْ قَرْیَةٌ اٰمَنَتْ فَنَفَعَهَاۤ اِیْمَانُهَاۤ اِلَّا قَوْمَ یُوْنُسَ ۚؕ— لَمَّاۤ اٰمَنُوْا كَشَفْنَا عَنْهُمْ عَذَابَ الْخِزْیِ فِی الْحَیٰوةِ الدُّنْیَا وَمَتَّعْنٰهُمْ اِلٰی حِیْنٍ ۟
එබැවින් ගමක් විශ්වාස කොට එහි විශ්වාසය එයට පළක් විය යුුතු නො වේ ද? (එවැනි කිසිදු ගම්මානයක් නො වීය.) යූනුස්ගේ ගම්මානය හැර. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ شَآءَ رَبُّكَ لَاٰمَنَ مَنْ فِی الْاَرْضِ كُلُّهُمْ جَمِیْعًا ؕ— اَفَاَنْتَ تُكْرِهُ النَّاسَ حَتّٰی یَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟
තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින් ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් බවට පත් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ لِنَفْسٍ اَنْ تُؤْمِنَ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَیَجْعَلُ الرِّجْسَ عَلَی الَّذِیْنَ لَا یَعْقِلُوْنَ ۟
තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොහැකි ය. තවද, බුද්ධිමත්ව කටයුතු නො කරන අයට ඔහු කිලිට (දඬුවම) ඇති කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ انْظُرُوْا مَاذَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَا تُغْنِی الْاٰیٰتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَّا یُؤْمِنُوْنَ ۟
අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැ? යි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නො කරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නො වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَهَلْ یَنْتَظِرُوْنَ اِلَّا مِثْلَ اَیَّامِ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِهِمْ ؕ— قُلْ فَانْتَظِرُوْۤا اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟
ඔවුනට පෙර සිටියවුන් අතරින් ඉකුත්ව ගියවුන්ගේ දිනවලට සමාන (විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? “එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ نُنَجِّیْ رُسُلَنَا وَالَّذِیْنَ اٰمَنُوْا كَذٰلِكَ ۚ— حَقًّا عَلَیْنَا نُنْجِ الْمُؤْمِنِیْنَ ۟۠
පසුව අපි අපගේ ධර්ම දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنْ كُنْتُمْ فِیْ شَكٍّ مِّنْ دِیْنِیْ فَلَاۤ اَعْبُدُ الَّذِیْنَ تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ اَعْبُدُ اللّٰهَ الَّذِیْ یَتَوَفّٰىكُمْ ۖۚ— وَاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۙ
‘අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නො කරමි. එහෙත් නුඹලාව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් මා වන්නට අණ කරනු ලැබුවෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْ اَقِمْ وَجْهَكَ لِلدِّیْنِ حَنِیْفًا ۚ— وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟
තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නො වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَدْعُ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُكَ وَلَا یَضُرُّكَ ۚ— فَاِنْ فَعَلْتَ فَاِنَّكَ اِذًا مِّنَ الظّٰلِمِیْنَ ۟
අල්ලාහ්ගෙන් තොරව නුඹට සෙතක් කළ නොහැකි එමෙන් ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නො කරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින් ම නුඹ අපරාධකරුවන් අතරින් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یَّمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهٗۤ اِلَّا هُوَ ۚ— وَاِنْ یُّرِدْكَ بِخَیْرٍ فَلَا رَآدَّ لِفَضْلِهٖ ؕ— یُصِیْبُ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
තවද අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය ලබන්නට සලස්වයි. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمُ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۚ— فَمَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ؕ— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِوَكِیْلٍ ۟ؕ
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. එබැවින් කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිව ය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නො වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّبِعْ مَا یُوْحٰۤی اِلَیْكَ وَاصْبِرْ حَتّٰی یَحْكُمَ اللّٰهُ ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟۠
තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු තීරකයින් අතරින් අති ශ්‍රේෂ්ඨ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት