የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ዩሱፍ   አንቀጽ:

සූරා යූසුෆ්

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْمُبِیْنِ ۟۫
අලිෆ්, ලාම්, රා. එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَنْزَلْنٰهُ قُرْءٰنًا عَرَبِیًّا لَّعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන් ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ نَقُصُّ عَلَیْكَ اَحْسَنَ الْقَصَصِ بِمَاۤ اَوْحَیْنَاۤ اِلَیْكَ هٰذَا الْقُرْاٰنَ ۖۗ— وَاِنْ كُنْتَ مِنْ قَبْلِهٖ لَمِنَ الْغٰفِلِیْنَ ۟
(නබිවරය!) අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් වඩාත් අලංකාර කතා අපි නුඹට කියවා පෙන්වන්නෙමු. තවද නුඹ මීට පෙර (ඒවා ගැන) නොදැනුවත් අය අතරින් සිටිය ද.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ یُوْسُفُ لِاَبِیْهِ یٰۤاَبَتِ اِنِّیْ رَاَیْتُ اَحَدَ عَشَرَ كَوْكَبًا وَّالشَّمْسَ وَالْقَمَرَ رَاَیْتُهُمْ لِیْ سٰجِدِیْنَ ۟
යූසුෆ් තම පියාණන්ට ‘මාගේ පියතුමනි! නියත වශයෙන් ම මම ග්‍රහ තාරකා එකොළහක් ද, හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් ද මම දුටුවෙමි’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ یٰبُنَیَّ لَا تَقْصُصْ رُءْیَاكَ عَلٰۤی اِخْوَتِكَ فَیَكِیْدُوْا لَكَ كَیْدًا ؕ— اِنَّ الشَّیْطٰنَ لِلْاِنْسَانِ عَدُوٌّ مُّبِیْنٌ ۟
‘මාගේ පුතණුවනි! නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නො කියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන් ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ یَجْتَبِیْكَ رَبُّكَ وَیُعَلِّمُكَ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ وَیُتِمُّ نِعْمَتَهٗ عَلَیْكَ وَعَلٰۤی اٰلِ یَعْقُوْبَ كَمَاۤ اَتَمَّهَا عَلٰۤی اَبَوَیْكَ مِنْ قَبْلُ اِبْرٰهِیْمَ وَاِسْحٰقَ ؕ— اِنَّ رَبَّكَ عَلِیْمٌ حَكِیْمٌ ۟۠
තවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹව තෝරා ගෙන ඇත්තේ. තවද සිදු වීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සර්ව ඥානී ය; සියුම් ඥානය ඇත්තා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ كَانَ فِیْ یُوْسُفَ وَاِخْوَتِهٖۤ اٰیٰتٌ لِّلسَّآىِٕلِیْنَ ۟
සැබැවින් ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالُوْا لَیُوْسُفُ وَاَخُوْهُ اَحَبُّ اِلٰۤی اَبِیْنَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ ؕ— اِنَّ اَبَانَا لَفِیْ ضَلٰلٍ مُّبِیْنِ ۟ۙۖ
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන් ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහි ය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١قْتُلُوْا یُوْسُفَ اَوِ اطْرَحُوْهُ اَرْضًا یَّخْلُ لَكُمْ وَجْهُ اَبِیْكُمْ وَتَكُوْنُوْا مِنْ بَعْدِهٖ قَوْمًا صٰلِحِیْنَ ۟
නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ්ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහුව විසි කර දමනු. තවද ඔහුගෙන් පසුව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ قَآىِٕلٌ مِّنْهُمْ لَا تَقْتُلُوْا یُوْسُفَ وَاَلْقُوْهُ فِیْ غَیٰبَتِ الْجُبِّ یَلْتَقِطْهُ بَعْضُ السَّیَّارَةِ اِنْ كُنْتُمْ فٰعِلِیْنَ ۟
ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේ ය. ‘නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නො දමා නුඹලා ඔහුව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහුව අහුළා ගනු ඇත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰۤاَبَانَا مَا لَكَ لَا تَاْمَنَّا عَلٰی یُوْسُفَ وَاِنَّا لَهٗ لَنٰصِحُوْنَ ۟
‘අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අපව විශ්වාස නො කර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන් ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු’ යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَرْسِلْهُ مَعَنَا غَدًا یَّرْتَعْ وَیَلْعَبْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟
‘ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමඟ ඔහු එවනු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නෝ වෙමු.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنِّیْ لَیَحْزُنُنِیْۤ اَنْ تَذْهَبُوْا بِهٖ وَاَخَافُ اَنْ یَّاْكُلَهُ الذِّئْبُ وَاَنْتُمْ عَنْهُ غٰفِلُوْنَ ۟
‘නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන් ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නො සැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහුව කා දමනු ඇතැයි මම බිය වෙමි’ යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا لَىِٕنْ اَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ اِنَّاۤ اِذًا لَّخٰسِرُوْنَ ۟
‘අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහුව කා දැමුවේ නම් නියත වශයෙන් ම අපි එවිට අලාභවන්තයෝ වෙමු, යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا ذَهَبُوْا بِهٖ وَاَجْمَعُوْۤا اَنْ یَّجْعَلُوْهُ فِیْ غَیٰبَتِ الْجُبِّ ۚ— وَاَوْحَیْنَاۤ اِلَیْهِ لَتُنَبِّئَنَّهُمْ بِاَمْرِهِمْ هٰذَا وَهُمْ لَا یَشْعُرُوْنَ ۟
ඔවුහු ඔහුව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහුව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන් ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَآءُوْۤ اَبَاهُمْ عِشَآءً یَّبْكُوْنَ ۟ؕ
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰۤاَبَانَاۤ اِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا یُوْسُفَ عِنْدَ مَتَاعِنَا فَاَكَلَهُ الذِّئْبُ ۚ— وَمَاۤ اَنْتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صٰدِقِیْنَ ۟
‘අපගේ පියාණනි! නියත වශයෙන් ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමඟ යූසුෆ්ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමී ය. අපි සත්‍යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නකු නො වනු ඇතැයි’ ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَآءُوْ عَلٰی قَمِیْصِهٖ بِدَمٍ كَذِبٍ ؕ— قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ اَنْفُسُكُمْ اَمْرًا ؕ— فَصَبْرٌ جَمِیْلٌ ؕ— وَاللّٰهُ الْمُسْتَعَانُ عَلٰی مَا تَصِفُوْنَ ۟
ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَآءَتْ سَیَّارَةٌ فَاَرْسَلُوْا وَارِدَهُمْ فَاَدْلٰی دَلْوَهٗ ؕ— قَالَ یٰبُشْرٰی هٰذَا غُلٰمٌ ؕ— وَاَسَرُّوْهُ بِضَاعَةً ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِمَا یَعْمَلُوْنَ ۟
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේ ය. ඔවුනට ජලය සපයන්නකුව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටුව (ළිඳට) දැමුවේ ය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේ ය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහුව ද සඟවා ගත්තෝ ය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُوْدَةٍ ۚ— وَكَانُوْا فِیْهِ مِنَ الزَّاهِدِیْنَ ۟۠
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහුව විකුණා දැමුවෝ ය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِی اشْتَرٰىهُ مِنْ مِّصْرَ لِامْرَاَتِهٖۤ اَكْرِمِیْ مَثْوٰىهُ عَسٰۤی اَنْ یَّنْفَعَنَاۤ اَوْ نَتَّخِذَهٗ وَلَدًا ؕ— وَكَذٰلِكَ مَكَّنَّا لِیُوْسُفَ فِی الْاَرْضِ ؗ— وَلِنُعَلِّمَهٗ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ ؕ— وَاللّٰهُ غَالِبٌ عَلٰۤی اَمْرِهٖ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
තවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا بَلَغَ اَشُدَّهٗۤ اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَاوَدَتْهُ الَّتِیْ هُوَ فِیْ بَیْتِهَا عَنْ نَّفْسِهٖ وَغَلَّقَتِ الْاَبْوَابَ وَقَالَتْ هَیْتَ لَكَ ؕ— قَالَ مَعَاذَ اللّٰهِ اِنَّهٗ رَبِّیْۤ اَحْسَنَ مَثْوَایَ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الظّٰلِمُوْنَ ۟
තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන ‘තමන් අසලට පැමිණෙන්නැ’යි පැවසුවා ය. ‘අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන් ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේ ය. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති’ යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ هَمَّتْ بِهٖ وَهَمَّ بِهَا لَوْلَاۤ اَنْ رَّاٰ بُرْهَانَ رَبِّهٖ ؕ— كَذٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوْٓءَ وَالْفَحْشَآءَ ؕ— اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُخْلَصِیْنَ ۟
ඇය ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවා ය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නො දුටුවේ නම් ඔහු ද ඇය සමඟ නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِیْصَهٗ مِنْ دُبُرٍ وَّاَلْفَیَا سَیِّدَهَا لَدَا الْبَابِ ؕ— قَالَتْ مَا جَزَآءُ مَنْ اَرَادَ بِاَهْلِكَ سُوْٓءًا اِلَّاۤ اَنْ یُّسْجَنَ اَوْ عَذَابٌ اَلِیْمٌ ۟
තවද දෙදෙනා ම තරඟ වැද දොරටුව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවා ය. දෙදෙනා ම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැ?’ යි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هِیَ رَاوَدَتْنِیْ عَنْ نَّفْسِیْ وَشَهِدَ شَاهِدٌ مِّنْ اَهْلِهَا ۚ— اِنْ كَانَ قَمِیْصُهٗ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكٰذِبِیْنَ ۟
‘මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. (එවිට) ‘ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි’ යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ كَانَ قَمِیْصُهٗ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصّٰدِقِیْنَ ۟
‘තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි’ (යැයි තවදුරටත් පැවසුවේ ය).
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا رَاٰ قَمِیْصَهٗ قُدَّ مِنْ دُبُرٍ قَالَ اِنَّهٗ مِنْ كَیْدِكُنَّ ؕ— اِنَّ كَیْدَكُنَّ عَظِیْمٌ ۟
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "(එවිට තම බිරිඳ ට) නියත වශයෙන් ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන් ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُوْسُفُ اَعْرِضْ عَنْ هٰذَا ٚ— وَاسْتَغْفِرِیْ لِذَنْۢبِكِ ۖۚ— اِنَّكِ كُنْتِ مِنَ الْخٰطِـِٕیْنَ ۟۠
තවද යූසුෆ්, එය නො සලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන් ම ඔබ වැරදිකරුවන් අතරින් වූයෙහි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ نِسْوَةٌ فِی الْمَدِیْنَةِ امْرَاَتُ الْعَزِیْزِ تُرَاوِدُ فَتٰىهَا عَنْ نَّفْسِهٖ ۚ— قَدْ شَغَفَهَا حُبًّا ؕ— اِنَّا لَنَرٰىهَا فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
‘පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමඟ (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇයව වෙළා ඇත. සැබැවින් ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු’ යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ اَرْسَلَتْ اِلَیْهِنَّ وَاَعْتَدَتْ لَهُنَّ مُتَّكَاً وَّاٰتَتْ كُلَّ وَاحِدَةٍ مِّنْهُنَّ سِكِّیْنًا وَّقَالَتِ اخْرُجْ عَلَیْهِنَّ ۚ— فَلَمَّا رَاَیْنَهٗۤ اَكْبَرْنَهٗ وَقَطَّعْنَ اَیْدِیَهُنَّ ؗ— وَقُلْنَ حَاشَ لِلّٰهِ مَا هٰذَا بَشَرًا ؕ— اِنْ هٰذَاۤ اِلَّا مَلَكٌ كَرِیْمٌ ۟
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළා ය. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පිහියක් බැගින් දුන්නා ය. පසුව ‘ඔබ ඔවුන් ඉදිරියට පිටව යනු’ යැයි (යූසුෆ්ට) ඇය පැවසුවා ය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්ව ම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නො වේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නො වෙතැයි ඔවුහු පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَتْ فَذٰلِكُنَّ الَّذِیْ لُمْتُنَّنِیْ فِیْهِ ؕ— وَلَقَدْ رَاوَدْتُّهٗ عَنْ نَّفْسِهٖ فَاسْتَعْصَمَ ؕ— وَلَىِٕنْ لَّمْ یَفْعَلْ مَاۤ اٰمُرُهٗ لَیُسْجَنَنَّ وَلَیَكُوْنًا مِّنَ الصّٰغِرِیْنَ ۟
‘නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහු ද එයයි මෙය. මම ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. එහෙත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නො කළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත’ යැයි ඇය පැවසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ السِّجْنُ اَحَبُّ اِلَیَّ مِمَّا یَدْعُوْنَنِیْۤ اِلَیْهِ ۚ— وَاِلَّا تَصْرِفْ عَنِّیْ كَیْدَهُنَّ اَصْبُ اِلَیْهِنَّ وَاَكُنْ مِّنَ الْجٰهِلِیْنَ ۟
‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාප ය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නො හරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاسْتَجَابَ لَهٗ رَبُّهٗ فَصَرَفَ عَنْهُ كَیْدَهُنَّ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේ ය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ بَدَا لَهُمْ مِّنْ بَعْدِ مَا رَاَوُا الْاٰیٰتِ لَیَسْجُنُنَّهٗ حَتّٰی حِیْنٍ ۟۠
අනතුරුව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසුව මද කලකට ඔහුව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَیٰنِ ؕ— قَالَ اَحَدُهُمَاۤ اِنِّیْۤ اَرٰىنِیْۤ اَعْصِرُ خَمْرًا ۚ— وَقَالَ الْاٰخَرُ اِنِّیْۤ اَرٰىنِیْۤ اَحْمِلُ فَوْقَ رَاْسِیْ خُبْزًا تَاْكُلُ الطَّیْرُ مِنْهُ ؕ— نَبِّئْنَا بِتَاْوِیْلِهٖ ۚ— اِنَّا نَرٰىكَ مِنَ الْمُحْسِنِیْنَ ۟
තවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَا یَاْتِیْكُمَا طَعَامٌ تُرْزَقٰنِهٖۤ اِلَّا نَبَّاْتُكُمَا بِتَاْوِیْلِهٖ قَبْلَ اَنْ یَّاْتِیَكُمَا ؕ— ذٰلِكُمَا مِمَّا عَلَّمَنِیْ رَبِّیْ ؕ— اِنِّیْ تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
‘නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි’ යැයි ඔහු පැවසුවේ ය.’ එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ්ව විශ්වාස නො කරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّبَعْتُ مِلَّةَ اٰبَآءِیْۤ اِبْرٰهِیْمَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ ؕ— مَا كَانَ لَنَاۤ اَنْ نُّشْرِكَ بِاللّٰهِ مِنْ شَیْءٍ ؕ— ذٰلِكَ مِنْ فَضْلِ اللّٰهِ عَلَیْنَا وَعَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَشْكُرُوْنَ ۟
‘තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නො වීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰصَاحِبَیِ السِّجْنِ ءَاَرْبَابٌ مُّتَفَرِّقُوْنَ خَیْرٌ اَمِ اللّٰهُ الْوَاحِدُ الْقَهَّارُ ۟ؕ
‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන්ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එක ම දෙවිඳුන් අල්ලාහ් ද?’
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا تَعْبُدُوْنَ مِنْ دُوْنِهٖۤ اِلَّاۤ اَسْمَآءً سَمَّیْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ ؕ— اِنِ الْحُكْمُ اِلَّا لِلّٰهِ ؕ— اَمَرَ اَلَّا تَعْبُدُوْۤا اِلَّاۤ اِیَّاهُ ؕ— ذٰلِكَ الدِّیْنُ الْقَیِّمُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
‘ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුට නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවට ඔහු අණ කළේ ය. එයයි ඍජු දහම වනුයේ. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰصَاحِبَیِ السِّجْنِ اَمَّاۤ اَحَدُكُمَا فَیَسْقِیْ رَبَّهٗ خَمْرًا ۚ— وَاَمَّا الْاٰخَرُ فَیُصْلَبُ فَتَاْكُلُ الطَّیْرُ مِنْ رَّاْسِهٖ ؕ— قُضِیَ الْاَمْرُ الَّذِیْ فِیْهِ تَسْتَفْتِیٰنِ ۟ؕ
‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබී ය.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ لِلَّذِیْ ظَنَّ اَنَّهٗ نَاجٍ مِّنْهُمَا اذْكُرْنِیْ عِنْدَ رَبِّكَ ؗ— فَاَنْسٰىهُ الشَّیْطٰنُ ذِكْرَ رَبِّهٖ فَلَبِثَ فِی السِّجْنِ بِضْعَ سِنِیْنَ ۟۠
තවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින් ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, ‘නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. එහෙත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමී ය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الْمَلِكُ اِنِّیْۤ اَرٰی سَبْعَ بَقَرٰتٍ سِمَانٍ یَّاْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَّسَبْعَ سُنْۢبُلٰتٍ خُضْرٍ وَّاُخَرَ یٰبِسٰتٍ ؕ— یٰۤاَیُّهَا الْمَلَاُ اَفْتُوْنِیْ فِیْ رُءْیَایَ اِنْ كُنْتُمْ لِلرُّءْیَا تَعْبُرُوْنَ ۟
තවද ‘සැබැවින් ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන් ම මම (සිහිනෙන්) දුටුවෙමි. ‘අහෝ ප්‍රධානියිනි! නුඹලා සිහිනවලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳව මාහට විස්තර කරනු’ යැයි රජතෙම පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَضْغَاثُ اَحْلَامٍ ۚ— وَمَا نَحْنُ بِتَاْوِیْلِ الْاَحْلَامِ بِعٰلِمِیْنَ ۟
‘මේවා ව්‍යාකූල සිහින වෙති. තවද අපි සිහිනවල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නො වන්නෙමු’ යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْ نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ اُمَّةٍ اَنَا اُنَبِّئُكُمْ بِتَاْوِیْلِهٖ فَاَرْسِلُوْنِ ۟
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසුව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී ‘එහි අර්ථය පිළිබඳව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු’ යැයි ඔහු කී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُوْسُفُ اَیُّهَا الصِّدِّیْقُ اَفْتِنَا فِیْ سَبْعِ بَقَرٰتٍ سِمَانٍ یَّاْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَّسَبْعِ سُنْۢبُلٰتٍ خُضْرٍ وَّاُخَرَ یٰبِسٰتٍ ۙ— لَّعَلِّیْۤ اَرْجِعُ اِلَی النَّاسِ لَعَلَّهُمْ یَعْلَمُوْنَ ۟
‘අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළිව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ تَزْرَعُوْنَ سَبْعَ سِنِیْنَ دَاَبًا ۚ— فَمَا حَصَدْتُّمْ فَذَرُوْهُ فِیْ سُنْۢبُلِهٖۤ اِلَّا قَلِیْلًا مِّمَّا تَاْكُلُوْنَ ۟
‘අවුරුදු හතක් දිගට ම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළ ම තිබෙන්නට හරිනු’ යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ یَاْتِیْ مِنْ بَعْدِ ذٰلِكَ سَبْعٌ شِدَادٌ یَّاْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ اِلَّا قَلِیْلًا مِّمَّا تُحْصِنُوْنَ ۟
‘ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ یَاْتِیْ مِنْ بَعْدِ ذٰلِكَ عَامٌ فِیْهِ یُغَاثُ النَّاسُ وَفِیْهِ یَعْصِرُوْنَ ۟۠
‘ඉන් පසුව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الْمَلِكُ ائْتُوْنِیْ بِهٖ ۚ— فَلَمَّا جَآءَهُ الرَّسُوْلُ قَالَ ارْجِعْ اِلٰی رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ النِّسْوَةِ الّٰتِیْ قَطَّعْنَ اَیْدِیَهُنَّ ؕ— اِنَّ رَبِّیْ بِكَیْدِهِنَّ عَلِیْمٌ ۟
තවද ‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසී ය. එහෙත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැ? යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ مَا خَطْبُكُنَّ اِذْ رَاوَدْتُّنَّ یُوْسُفَ عَنْ نَّفْسِهٖ ؕ— قُلْنَ حَاشَ لِلّٰهِ مَا عَلِمْنَا عَلَیْهِ مِنْ سُوْٓءٍ ؕ— قَالَتِ امْرَاَتُ الْعَزِیْزِ الْـٰٔنَ حَصْحَصَ الْحَقُّ ؗ— اَنَا رَاوَدْتُّهٗ عَنْ نَّفْسِهٖ وَاِنَّهٗ لَمِنَ الصّٰدِقِیْنَ ۟
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ?’යි (රජු) විමසුවේ ය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නො දනිමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මම යි. තවද නියත වශයෙන් ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ لِیَعْلَمَ اَنِّیْ لَمْ اَخُنْهُ بِالْغَیْبِ وَاَنَّ اللّٰهَ لَا یَهْدِیْ كَیْدَ الْخَآىِٕنِیْنَ ۟
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නො කළ බවටත් සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණවලට මග නො පෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اُبَرِّئُ نَفْسِیْ ۚ— اِنَّ النَّفْسَ لَاَمَّارَةٌ بِالسُّوْٓءِ اِلَّا مَا رَحِمَ رَبِّیْ ؕ— اِنَّ رَبِّیْ غَفُوْرٌ رَّحِیْمٌ ۟
තවද ‘මාගේ ආත්මය මම නිර්දෝෂි නො කරමි. නියත වශයෙන් ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. එහෙත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්තය’ (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවා ය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الْمَلِكُ ائْتُوْنِیْ بِهٖۤ اَسْتَخْلِصْهُ لِنَفْسِیْ ۚ— فَلَمَّا كَلَّمَهٗ قَالَ اِنَّكَ الْیَوْمَ لَدَیْنَا مَكِیْنٌ اَمِیْنٌ ۟
‘මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහුව පත් කර ගැනීමට මා වෙතට ඔහුව ගෙන එනු’ යැයි රජු පැවසුවේ ය. රජු ඔහු සමඟ කථා කළ විට "නියත වශයෙන් ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි" යැයි (රජු) පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اجْعَلْنِیْ عَلٰی خَزَآىِٕنِ الْاَرْضِ ۚ— اِنِّیْ حَفِیْظٌ عَلِیْمٌ ۟
‘මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන් ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි’ යැයි (යූසුෆ්) කී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ مَكَّنَّا لِیُوْسُفَ فِی الْاَرْضِ ۚ— یَتَبَوَّاُ مِنْهَا حَیْثُ یَشَآءُ ؕ— نُصِیْبُ بِرَحْمَتِنَا مَنْ نَّشَآءُ وَلَا نُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
තවද එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. තවද දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නො කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَاَجْرُ الْاٰخِرَةِ خَیْرٌ لِّلَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟۠
තවද දේවත්වය විශ්වාස කොට බිය හැඟීමෙන් කටයුතු කරන්නන් ලෙස සිටියවුන් වනාහි ඔවුනට මතු ලොව ප්‍රතිඵල උතුම් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَآءَ اِخْوَةُ یُوْسُفَ فَدَخَلُوْا عَلَیْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهٗ مُنْكِرُوْنَ ۟
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ප්‍රවේශ වූහ. එවිට ඔවුන් ඔහුව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන්ව හඳුනා ගත්තේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُوْنِیْ بِاَخٍ لَّكُمْ مِّنْ اَبِیْكُمْ ۚ— اَلَا تَرَوْنَ اَنِّیْۤ اُوْفِی الْكَیْلَ وَاَنَا خَیْرُ الْمُنْزِلِیْنَ ۟
තවද ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී (ඔවුන් පිටත්ව යන කල්හි) ‘නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන් ම මම කිරුම පූර්ණව දෙන බවත්, සත්කාරයින් අතරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නො වේ දැ?’ යි පවසා සිටී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ لَّمْ تَاْتُوْنِیْ بِهٖ فَلَا كَیْلَ لَكُمْ عِنْدِیْ وَلَا تَقْرَبُوْنِ ۟
‘එහෙත් නුඹලා මා වෙත ඔහු නො ගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නො වනු.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا سَنُرَاوِدُ عَنْهُ اَبَاهُ وَاِنَّا لَفٰعِلُوْنَ ۟
‘ඔහු ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන් ම අප එය සිදු කරන්නෝ මය’ යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ لِفِتْیٰنِهِ اجْعَلُوْا بِضَاعَتَهُمْ فِیْ رِحَالِهِمْ لَعَلَّهُمْ یَعْرِفُوْنَهَاۤ اِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمْ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
තවද ‘ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලුවල ම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස’ යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا رَجَعُوْۤا اِلٰۤی اَبِیْهِمْ قَالُوْا یٰۤاَبَانَا مُنِعَ مِنَّا الْكَیْلُ فَاَرْسِلْ مَعَنَاۤ اَخَانَا نَكْتَلْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි ‘අපගේ පියාණනි! (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදි. එබැවින් අප සමඟ අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නන් වෙමු’ යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هَلْ اٰمَنُكُمْ عَلَیْهِ اِلَّا كَمَاۤ اَمِنْتُكُمْ عَلٰۤی اَخِیْهِ مِنْ قَبْلُ ؕ— فَاللّٰهُ خَیْرٌ حٰفِظًا ۪— وَّهُوَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟
‘මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලාව මම විශ්වාස කළාක් මෙන් මොහු කෙරෙහි ද නුඹලාව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا فَتَحُوْا مَتَاعَهُمْ وَجَدُوْا بِضَاعَتَهُمْ رُدَّتْ اِلَیْهِمْ ؕ— قَالُوْا یٰۤاَبَانَا مَا نَبْغِیْ ؕ— هٰذِهٖ بِضَاعَتُنَا رُدَّتْ اِلَیْنَا ۚ— وَنَمِیْرُ اَهْلَنَا وَنَحْفَظُ اَخَانَا وَنَزْدَادُ كَیْلَ بَعِیْرٍ ؕ— ذٰلِكَ كَیْلٌ یَّسِیْرٌ ۟
තවද ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝ ය. අපගේ පියාණනි! මෙය අපි නො පැතුවෙමු, නමුත් අපගේ භාණ්ඩ අපට නැවත දෙන ලැබ ඇත. තවද අපි (මින් ඉදිරියට) අපගේ පවුලට ආහාර රැගෙන එන්නෙමු. තවද අපගේ සහෝදරයාව ද රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධිකව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි’ යැයි පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَنْ اُرْسِلَهٗ مَعَكُمْ حَتّٰی تُؤْتُوْنِ مَوْثِقًا مِّنَ اللّٰهِ لَتَاْتُنَّنِیْ بِهٖۤ اِلَّاۤ اَنْ یُّحَاطَ بِكُمْ ۚ— فَلَمَّاۤ اٰتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللّٰهُ عَلٰی مَا نَقُوْلُ وَكِیْلٌ ۟
‘මොහුව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහුව නුඹලා සමඟ කිසිවිටෙක නො යවමි. එහෙත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස’ යැයි ඔහු පැවසී ය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි ‘අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු’ යැයි ඔහු කීවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ یٰبَنِیَّ لَا تَدْخُلُوْا مِنْ بَابٍ وَّاحِدٍ وَّادْخُلُوْا مِنْ اَبْوَابٍ مُّتَفَرِّقَةٍ ؕ— وَمَاۤ اُغْنِیْ عَنْكُمْ مِّنَ اللّٰهِ مِنْ شَیْءٍ ؕ— اِنِ الْحُكْمُ اِلَّا لِلّٰهِ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ ۚ— وَعَلَیْهِ فَلْیَتَوَكَّلِ الْمُتَوَكِّلُوْنَ ۟
තවද ‘මාගේ දරුවනි! නුඹලා එක ම දොරටුවකින් ඇතුළු නො වනු. විවිධ දොරටුවලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් සිදු වන කිසිවකින් නුඹලා වළක්වාලන්නට මට නොහැකි ය. තීන්දුව අල්ලාහ් සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. ඔහු වෙත මම භාර කළෙමි. එමෙන් ම භාර කරන්නන් ද ඔහු වෙත ම භාර කළ යුතු ය.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا دَخَلُوْا مِنْ حَیْثُ اَمَرَهُمْ اَبُوْهُمْ ؕ— مَا كَانَ یُغْنِیْ عَنْهُمْ مِّنَ اللّٰهِ مِنْ شَیْءٍ اِلَّا حَاجَةً فِیْ نَفْسِ یَعْقُوْبَ قَضٰىهَا ؕ— وَاِنَّهٗ لَذُوْ عِلْمٍ لِّمَا عَلَّمْنٰهُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නො වීය. තවද නියත වශයෙන් ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا دَخَلُوْا عَلٰی یُوْسُفَ اٰوٰۤی اِلَیْهِ اَخَاهُ قَالَ اِنِّیْۤ اَنَا اَخُوْكَ فَلَا تَبْتَىِٕسْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයාව ළං කර ගෙන ‘නියත වශයෙන් ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු’ යැයි පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَایَةَ فِیْ رَحْلِ اَخِیْهِ ثُمَّ اَذَّنَ مُؤَذِّنٌ اَیَّتُهَا الْعِیْرُ اِنَّكُمْ لَسٰرِقُوْنَ ۟
එසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලුව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේ ය. පසුව ‘අහෝ තවලම් කරුවනි! නියත වශයෙන් ම නුඹලා සොරුන්’ යැයි නිවේදකයකු දන්වා සිටියේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا وَاَقْبَلُوْا عَلَیْهِمْ مَّاذَا تَفْقِدُوْنَ ۟
ඔවුහු ඔවුන් වෙත හැරී ‘නුඹලා නැති කර ගත්තේ කුමක් දැ?’ යි විමසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَآءَ بِهٖ حِمْلُ بَعِیْرٍ وَّاَنَا بِهٖ زَعِیْمٌ ۟
‘රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَاللّٰهِ لَقَدْ عَلِمْتُمْ مَّا جِئْنَا لِنُفْسِدَ فِی الْاَرْضِ وَمَا كُنَّا سٰرِقِیْنَ ۟
‘අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නො වන බවත් සැබැවින් ම නුඹලා දන්නෙහු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا فَمَا جَزَآؤُهٗۤ اِنْ كُنْتُمْ كٰذِبِیْنَ ۟
‘එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැ?’ යි ඔවුහු විමසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا جَزَآؤُهٗ مَنْ وُّجِدَ فِیْ رَحْلِهٖ فَهُوَ جَزَآؤُهٗ ؕ— كَذٰلِكَ نَجْزِی الظّٰلِمِیْنَ ۟
‘එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහු මය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙස ය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبَدَاَ بِاَوْعِیَتِهِمْ قَبْلَ وِعَآءِ اَخِیْهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِّعَآءِ اَخِیْهِ ؕ— كَذٰلِكَ كِدْنَا لِیُوْسُفَ ؕ— مَا كَانَ لِیَاْخُذَ اَخَاهُ فِیْ دِیْنِ الْمَلِكِ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— نَرْفَعُ دَرَجٰتٍ مَّنْ نَّشَآءُ ؕ— وَفَوْقَ كُلِّ ذِیْ عِلْمٍ عَلِیْمٌ ۟
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදිවලින් (සොයන්නට) පටන් ගත්තේ ය. පසුව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේ ය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නො වීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اِنْ یَّسْرِقْ فَقَدْ سَرَقَ اَخٌ لَّهٗ مِنْ قَبْلُ ۚ— فَاَسَرَّهَا یُوْسُفُ فِیْ نَفْسِهٖ وَلَمْ یُبْدِهَا لَهُمْ ۚ— قَالَ اَنْتُمْ شَرٌّ مَّكَانًا ۚ— وَاللّٰهُ اَعْلَمُ بِمَا تَصِفُوْنَ ۟
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නො වේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු (එම සහොදරයෝ) පැවසුවෝ ය. එහෙත් යූසුෆ් එය ඔවුනට හෙළි නො කර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේ ය. ‘නුඹලා ස්ථානයෙන් නපුරු ම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය’ යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰۤاَیُّهَا الْعَزِیْزُ اِنَّ لَهٗۤ اَبًا شَیْخًا كَبِیْرًا فَخُذْ اَحَدَنَا مَكَانَهٗ ۚ— اِنَّا نَرٰىكَ مِنَ الْمُحْسِنِیْنَ ۟
අහෝ උතුමාණනි! සැබැවින් ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතරින් කෙනෙකු ගනු. නියත වශයෙන් ම අපි ඔබව දැහැමියන් අතරින් කෙනෙකු ලෙස දකින්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ مَعَاذَ اللّٰهِ اَنْ نَّاْخُذَ اِلَّا مَنْ وَّجَدْنَا مَتَاعَنَا عِنْدَهٗۤ ۙ— اِنَّاۤ اِذًا لَّظٰلِمُوْنَ ۟۠
‘අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා! එවිට අපි නියත වශයෙන් ම අපරාධකරුවන් වෙමු’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا اسْتَیْـَٔسُوْا مِنْهُ خَلَصُوْا نَجِیًّا ؕ— قَالَ كَبِیْرُهُمْ اَلَمْ تَعْلَمُوْۤا اَنَّ اَبَاكُمْ قَدْ اَخَذَ عَلَیْكُمْ مَّوْثِقًا مِّنَ اللّٰهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُّمْ فِیْ یُوْسُفَ ۚ— فَلَنْ اَبْرَحَ الْاَرْضَ حَتّٰی یَاْذَنَ لِیْۤ اَبِیْۤ اَوْ یَحْكُمَ اللّٰهُ لِیْ ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන්ව ගියෝ ය. ‘නියත වශයෙන් ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නො දන්නෙහු ද? එහෙයින් මාගේ පියා මාහට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නො යමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ ය’ යැයි ඔවුන් අතරින් වැඩිමලා පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِرْجِعُوْۤا اِلٰۤی اَبِیْكُمْ فَقُوْلُوْا یٰۤاَبَانَاۤ اِنَّ ابْنَكَ سَرَقَ ۚ— وَمَا شَهِدْنَاۤ اِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَیْبِ حٰفِظِیْنَ ۟
නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් ‘අපගේ පියාණනි! නියත වශයෙන් ම ඔබේ පුතා සොරකම් කර ඇත. අප දන්නා දෑ පිළිබඳව මිස අපි සාක්ෂි නො දරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නො සිටියෙමු’ යැයි නුඹලා පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَسْـَٔلِ الْقَرْیَةَ الَّتِیْ كُنَّا فِیْهَا وَالْعِیْرَ الَّتِیْۤ اَقْبَلْنَا فِیْهَا ؕ— وَاِنَّا لَصٰدِقُوْنَ ۟
‘අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.’ (යැයි පවසන ලෙස කියා දී පිටත් කළේ ය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ اَنْفُسُكُمْ اَمْرًا ؕ— فَصَبْرٌ جَمِیْلٌ ؕ— عَسَی اللّٰهُ اَنْ یَّاْتِیَنِیْ بِهِمْ جَمِیْعًا ؕ— اِنَّهٗ هُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
‘එහෙත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් පොළඹ වීය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකි ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී; මහා ප්‍රඥාවන්තය’ යැයි ඔහු(පියා) පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَوَلّٰی عَنْهُمْ وَقَالَ یٰۤاَسَفٰی عَلٰی یُوْسُفَ وَابْیَضَّتْ عَیْنٰهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِیْمٌ ۟
තවද ‘ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම’ යැයි පැවසී ය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَاللّٰهِ تَفْتَؤُا تَذْكُرُ یُوْسُفَ حَتّٰی تَكُوْنَ حَرَضًا اَوْ تَكُوْنَ مِنَ الْهٰلِكِیْنَ ۟
‘අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරුවන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නො වන්නේ මය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنَّمَاۤ اَشْكُوْا بَثِّیْ وَحُزْنِیْۤ اِلَی اللّٰهِ وَاَعْلَمُ مِنَ اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
‘මාගේ ශෝකය හා මාගේ දුක මම පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙත ම ය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰبَنِیَّ اذْهَبُوْا فَتَحَسَّسُوْا مِنْ یُّوْسُفَ وَاَخِیْهِ وَلَا تَایْـَٔسُوْا مِنْ رَّوْحِ اللّٰهِ ؕ— اِنَّهٗ لَا یَایْـَٔسُ مِنْ رَّوْحِ اللّٰهِ اِلَّا الْقَوْمُ الْكٰفِرُوْنَ ۟
‘අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. තවද අල්ලාහ්ගේ දයාව පිළිබඳව නුඹලා බලාපොරොත්තු සුන් කර නො ගනු. නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නො ගනිති.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا دَخَلُوْا عَلَیْهِ قَالُوْا یٰۤاَیُّهَا الْعَزِیْزُ مَسَّنَا وَاَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُّزْجٰىةٍ فَاَوْفِ لَنَا الْكَیْلَ وَتَصَدَّقْ عَلَیْنَا ؕ— اِنَّ اللّٰهَ یَجْزِی الْمُتَصَدِّقِیْنَ ۟
එසේ ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි ‘අහෝ උතුමාණනි! අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමඟ පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණව ලබා දී තවද අපහට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هَلْ عَلِمْتُمْ مَّا فَعَلْتُمْ بِیُوْسُفَ وَاَخِیْهِ اِذْ اَنْتُمْ جٰهِلُوْنَ ۟
‘නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැ?’ යි ඔහු විමසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا ءَاِنَّكَ لَاَنْتَ یُوْسُفُ ؕ— قَالَ اَنَا یُوْسُفُ وَهٰذَاۤ اَخِیْ ؗ— قَدْ مَنَّ اللّٰهُ عَلَیْنَا ؕ— اِنَّهٗ مَنْ یَّتَّقِ وَیَصْبِرْ فَاِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
‘සැබැවින් ම ඔබ ද යූසුෆ්?’ යැයි ඔවුහු විමසුවෝ ය. ‘මම යූසුෆ්, මේ මාගේ සහෝදරයා ය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කර ඇත. නියත වශයෙන් ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නො කරනු ඇතැ’යි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَاللّٰهِ لَقَدْ اٰثَرَكَ اللّٰهُ عَلَیْنَا وَاِنْ كُنَّا لَخٰطِـِٕیْنَ ۟
‘අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර ඇත. තවද නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَا تَثْرِیْبَ عَلَیْكُمُ الْیَوْمَ ؕ— یَغْفِرُ اللّٰهُ لَكُمْ ؗ— وَهُوَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟
‘අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْهَبُوْا بِقَمِیْصِیْ هٰذَا فَاَلْقُوْهُ عَلٰی وَجْهِ اَبِیْ یَاْتِ بَصِیْرًا ۚ— وَاْتُوْنِیْ بِاَهْلِكُمْ اَجْمَعِیْنَ ۟۠
‘නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහු පෙනුමැත්තෙකු ලෙස පැමිණෙනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත රැගෙන එනු.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا فَصَلَتِ الْعِیْرُ قَالَ اَبُوْهُمْ اِنِّیْ لَاَجِدُ رِیْحَ یُوْسُفَ لَوْلَاۤ اَنْ تُفَنِّدُوْنِ ۟
‘එම නඩය පිටත්ව ගිය කල්හි, නියත වශයෙන් ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට (බුද්ධි හීන ලෙස කතා කරන්නේ යැයි පවසා) දොස් නො නැගිය යුතු යැයි’ ඔවුන්ගේ පියා පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَاللّٰهِ اِنَّكَ لَفِیْ ضَلٰلِكَ الْقَدِیْمِ ۟
‘අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّاۤ اَنْ جَآءَ الْبَشِیْرُ اَلْقٰىهُ عَلٰی وَجْهِهٖ فَارْتَدَّ بَصِیْرًا ۚؕ— قَالَ اَلَمْ اَقُلْ لَّكُمْ ۚ— اِنِّیْۤ اَعْلَمُ مِنَ اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
පසුව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේ ය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. ‘නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නො කීවෙමි දැ?’ යි ඔහු විමසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰۤاَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوْبَنَاۤ اِنَّا كُنَّا خٰطِـِٕیْنَ ۟
‘අපගේ පියාණනි! අපගේ පාපයන්වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ سَوْفَ اَسْتَغْفِرُ لَكُمْ رَبِّیْ ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
‘මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාවන්ත ය.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا دَخَلُوْا عَلٰی یُوْسُفَ اٰوٰۤی اِلَیْهِ اَبَوَیْهِ وَقَالَ ادْخُلُوْا مِصْرَ اِنْ شَآءَ اللّٰهُ اٰمِنِیْنَ ۟ؕ
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේ ය. තවද ‘අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَفَعَ اَبَوَیْهِ عَلَی الْعَرْشِ وَخَرُّوْا لَهٗ سُجَّدًا ۚ— وَقَالَ یٰۤاَبَتِ هٰذَا تَاْوِیْلُ رُءْیَایَ مِنْ قَبْلُ ؗ— قَدْ جَعَلَهَا رَبِّیْ حَقًّا ؕ— وَقَدْ اَحْسَنَ بِیْۤ اِذْ اَخْرَجَنِیْ مِنَ السِّجْنِ وَجَآءَ بِكُمْ مِّنَ الْبَدْوِ مِنْ بَعْدِ اَنْ نَّزَغَ الشَّیْطٰنُ بَیْنِیْ وَبَیْنَ اِخْوَتِیْ ؕ— اِنَّ رَبِّیْ لَطِیْفٌ لِّمَا یَشَآءُ ؕ— اِنَّهٗ هُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේ ය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද ‘මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේ ය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලාව ගෙන ආ විටද ඔහු මා සමඟ යහපත් අයුරින් කටයුතු කළේ ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රී ය. නියත වශයෙන් ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහු මය’ යැයි කී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ قَدْ اٰتَیْتَنِیْ مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِیْ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ ۚ— فَاطِرَ السَّمٰوٰتِ وَالْاَرْضِ ۫— اَنْتَ وَلِیّٖ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— تَوَفَّنِیْ مُسْلِمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟
‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහි ය. තවද සිවීම්වල යථාර්ථය ඉගැන්වූවෙහි ය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබ ය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමඟ මා එක් කරනු මැනව!’ (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේ ය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهِ اِلَیْكَ ۚ— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ اَجْمَعُوْۤا اَمْرَهُمْ وَهُمْ یَمْكُرُوْنَ ۟
‘(නබිවරය!) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘශ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නො වීය.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِیْنَ ۟
තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا تَسْـَٔلُهُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ؕ— اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠
තවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නො පතන්නෙහි ය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَاَیِّنْ مِّنْ اٰیَةٍ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ یَمُرُّوْنَ عَلَیْهَا وَهُمْ عَنْهَا مُعْرِضُوْنَ ۟
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یُؤْمِنُ اَكْثَرُهُمْ بِاللّٰهِ اِلَّا وَهُمْ مُّشْرِكُوْنَ ۟
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ්ව විශ්වාස නො කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَاَمِنُوْۤا اَنْ تَاْتِیَهُمْ غَاشِیَةٌ مِّنْ عَذَابِ اللّٰهِ اَوْ تَاْتِیَهُمُ السَّاعَةُ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුහු අභයදායීව සිටින්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هٰذِهٖ سَبِیْلِیْۤ اَدْعُوْۤا اِلَی اللّٰهِ ؔ۫— عَلٰی بَصِیْرَةٍ اَنَا وَمَنِ اتَّبَعَنِیْ ؕ— وَسُبْحٰنَ اللّٰهِ وَمَاۤ اَنَا مِنَ الْمُشْرِكِیْنَ ۟
‘මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටින්නන් ය. තවද අල්ලාහ් සුපිවිතුරු ය. මම ආදේශ කරන්නන් අතරින් කෙනෙකු නො වෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ مِّنْ اَهْلِ الْقُرٰی ؕ— اَفَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— وَلَدَارُ الْاٰخِرَةِ خَیْرٌ لِّلَّذِیْنَ اتَّقَوْا ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
නුඹට පෙර ගම්වාසීන් අතරින් සිටි පුරුෂයින් හැර අපි දහම් දූතවරු ලෙස නො එව්වෙමු. ඔවුන් වෙත අපි දේව පණිවිඩය පහළ කළෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු මහපොළොවෙහි සැරිසරා ගවේෂණය කර නො බැලුවෝ ද? තවද බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا اسْتَیْـَٔسَ الرُّسُلُ وَظَنُّوْۤا اَنَّهُمْ قَدْ كُذِبُوْا جَآءَهُمْ نَصْرُنَا ۙ— فَنُجِّیَ مَنْ نَّشَآءُ ؕ— وَلَا یُرَدُّ بَاْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِیْنَ ۟
රසූල්වරුන් බලාපොරොත්තු සුන් කර ගත් විට නියත වශයෙන් ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේ ය. එවිට අප අභිමත කරන අයව මුදවා ගනු ලැබී ය. තවද අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නො ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ كَانَ فِیْ قَصَصِهِمْ عِبْرَةٌ لِّاُولِی الْاَلْبَابِ ؕ— مَا كَانَ حَدِیْثًا یُّفْتَرٰی وَلٰكِنْ تَصْدِیْقَ الَّذِیْ بَیْنَ یَدَیْهِ وَتَفْصِیْلَ كُلِّ شَیْءٍ وَّهُدًی وَّرَحْمَةً لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
සැබැවින් ම ඔවුන්ගේ කතා වස්තුවල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නො වීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ዩሱፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት