የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ከህፍ   አንቀጽ:

සූරා අල් කහ්ෆ්

اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْۤ اَنْزَلَ عَلٰی عَبْدِهِ الْكِتٰبَ وَلَمْ یَجْعَلْ لَّهٗ عِوَجًا ۟ؕٚ
තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَیِّمًا لِّیُنْذِرَ بَاْسًا شَدِیْدًا مِّنْ لَّدُنْهُ وَیُبَشِّرَ الْمُؤْمِنِیْنَ الَّذِیْنَ یَعْمَلُوْنَ الصّٰلِحٰتِ اَنَّ لَهُمْ اَجْرًا حَسَنًا ۟ۙ
(එය) ඍජු ය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන් ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ) ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَّاكِثِیْنَ فِیْهِ اَبَدًا ۟ۙ
ඔවුන් නිරන්තරයෙන් ම එහි රැඳී සිටින්නන් ලෙසින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّیُنْذِرَ الَّذِیْنَ قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا ۟ۗ
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේ ය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ وَّلَا لِاٰبَآىِٕهِمْ ؕ— كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ اَفْوَاهِهِمْ ؕ— اِنْ یَّقُوْلُوْنَ اِلَّا كَذِبًا ۟
ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳව කිසිදු දැනුමක් නො වීය. ඔවුන්ගේ මුඛවලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස වෙනෙකක් නො පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلٰۤی اٰثَارِهِمْ اِنْ لَّمْ یُؤْمِنُوْا بِهٰذَا الْحَدِیْثِ اَسَفًا ۟
මෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නො කළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත්ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا جَعَلْنَا مَا عَلَی الْاَرْضِ زِیْنَةً لَّهَا لِنَبْلُوَهُمْ اَیُّهُمْ اَحْسَنُ عَمَلًا ۟
ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන් දැ? යි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّا لَجٰعِلُوْنَ مَا عَلَیْهَا صَعِیْدًا جُرُزًا ۟ؕ
තවද නියත වශයෙන් ම අපි ඒ මත ඇති දෑ (විනාශ කර) පැළෑටි රහිත හිස් තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ حَسِبْتَ اَنَّ اَصْحٰبَ الْكَهْفِ وَالرَّقِیْمِ كَانُوْا مِنْ اٰیٰتِنَا عَجَبًا ۟
නියත වශයෙන් ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය!) නුඹ අදහස් කරන්නෙහි ද?.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ اَوَی الْفِتْیَةُ اِلَی الْكَهْفِ فَقَالُوْا رَبَّنَاۤ اٰتِنَا مِنْ لَّدُنْكَ رَحْمَةً وَّهَیِّئْ لَنَا مِنْ اَمْرِنَا رَشَدًا ۟
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව!’ යැයි ප්‍රාර්ථනා කළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَضَرَبْنَا عَلٰۤی اٰذَانِهِمْ فِی الْكَهْفِ سِنِیْنَ عَدَدًا ۟ۙ
එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ بَعَثْنٰهُمْ لِنَعْلَمَ اَیُّ الْحِزْبَیْنِ اَحْصٰی لِمَا لَبِثُوْۤا اَمَدًا ۟۠
පසුව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැ? යි අපි දන්වනු පිණිස අපි ඔවුන්ව අවදි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ نَقُصُّ عَلَیْكَ نَبَاَهُمْ بِالْحَقِّ ؕ— اِنَّهُمْ فِتْیَةٌ اٰمَنُوْا بِرَبِّهِمْ وَزِدْنٰهُمْ هُدًی ۟ۗۖ
ඔවුන්ගේ පුවත පිළිබඳව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන් ම ඔවුහු තරුණයෝ ය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّرَبَطْنَا عَلٰی قُلُوْبِهِمْ اِذْ قَامُوْا فَقَالُوْا رَبُّنَا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ لَنْ نَّدْعُوَاۡ مِنْ دُوْنِهٖۤ اِلٰهًا لَّقَدْ قُلْنَاۤ اِذًا شَطَطًا ۟
තවද ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන් ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නො කරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින් ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰۤؤُلَآءِ قَوْمُنَا اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً ؕ— لَوْلَا یَاْتُوْنَ عَلَیْهِمْ بِسُلْطٰنٍ بَیِّنٍ ؕ— فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا ۟ؕ
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذِ اعْتَزَلْتُمُوْهُمْ وَمَا یَعْبُدُوْنَ اِلَّا اللّٰهَ فَاْوٗۤا اِلَی الْكَهْفِ یَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِّنْ رَّحْمَتِهٖ وَیُهَیِّئْ لَكُمْ مِّنْ اَمْرِكُمْ مِّرْفَقًا ۟
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝ ය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නො වේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَی الشَّمْسَ اِذَا طَلَعَتْ تَّزٰوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْیَمِیْنِ وَاِذَا غَرَبَتْ تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِیْ فَجْوَةٍ مِّنْهُ ؕ— ذٰلِكَ مِنْ اٰیٰتِ اللّٰهِ ؕ— مَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِ ۚ— وَمَنْ یُّضْلِلْ فَلَنْ تَجِدَ لَهٗ وَلِیًّا مُّرْشِدًا ۟۠
තවද හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීම ද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන්ව මග හැරී යාම ද නුඹ දකිනු ඇත. (එහෙත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්ම ය. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නො දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَحْسَبُهُمْ اَیْقَاظًا وَّهُمْ رُقُوْدٌ ۖۗ— وَّنُقَلِّبُهُمْ ذَاتَ الْیَمِیْنِ وَذَاتَ الشِّمَالِ ۖۗ— وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَیْهِ بِالْوَصِیْدِ ؕ— لَوِ اطَّلَعْتَ عَلَیْهِمْ لَوَلَّیْتَ مِنْهُمْ فِرَارًا وَّلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا ۟
තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදිව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. එහෙත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ بَعَثْنٰهُمْ لِیَتَسَآءَلُوْا بَیْنَهُمْ ؕ— قَالَ قَآىِٕلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ؕ— قَالُوْا لَبِثْنَا یَوْمًا اَوْ بَعْضَ یَوْمٍ ؕ— قَالُوْا رَبُّكُمْ اَعْلَمُ بِمَا لَبِثْتُمْ ؕ— فَابْعَثُوْۤا اَحَدَكُمْ بِوَرِقِكُمْ هٰذِهٖۤ اِلَی الْمَدِیْنَةِ فَلْیَنْظُرْ اَیُّهَاۤ اَزْكٰی طَعَامًا فَلْیَاْتِكُمْ بِرِزْقٍ مِّنْهُ  وَلَا یُشْعِرَنَّ بِكُمْ اَحَدًا ۟
තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන්ව අපි අවදි කළෙමු. ඔවුන් අතරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැ? යි විමසා සිටියේ ය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපති ය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමඟ නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා! තවද නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නො හැඟවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ اِنْ یَّظْهَرُوْا عَلَیْكُمْ یَرْجُمُوْكُمْ اَوْ یُعِیْدُوْكُمْ فِیْ مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوْۤا اِذًا اَبَدًا ۟
නියත වශයෙන් ම නුඹලාව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලාව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලාව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නො ලබන්නෙහු ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ اَعْثَرْنَا عَلَیْهِمْ لِیَعْلَمُوْۤا اَنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّاَنَّ السَّاعَةَ لَا رَیْبَ فِیْهَا ۚۗ— اِذْ یَتَنَازَعُوْنَ بَیْنَهُمْ اَمْرَهُمْ فَقَالُوا ابْنُوْا عَلَیْهِمْ بُنْیَانًا ؕ— رَبُّهُمْ اَعْلَمُ بِهِمْ ؕ— قَالَ الَّذِیْنَ غَلَبُوْا عَلٰۤی اَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِمْ مَّسْجِدًا ۟
තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන් ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්ත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ලෙනෙහි සිටි) ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ගොඩනැගිල්ලක් ඔවුන්(ගේ ලෙන) මත ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව මැනවින් දන්නා ය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیَقُوْلُوْنَ ثَلٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ ۚ— وَیَقُوْلُوْنَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَیْبِ ۚ— وَیَقُوْلُوْنَ سَبْعَةٌ وَّثَامِنُهُمْ كَلْبُهُمْ ؕ— قُلْ رَّبِّیْۤ اَعْلَمُ بِعِدَّتِهِمْ مَّا یَعْلَمُهُمْ اِلَّا قَلِیْلٌ ۫۬— فَلَا تُمَارِ فِیْهِمْ اِلَّا مِرَآءً ظَاهِرًا ۪— وَّلَا تَسْتَفْتِ فِیْهِمْ مِّنْهُمْ اَحَدًا ۟۠
තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපති ය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ වෙනත් කිසිවකු නො දනියි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නො කරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නො අසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَقُوْلَنَّ لِشَایْءٍ اِنِّیْ فَاعِلٌ ذٰلِكَ غَدًا ۟ۙ
තවද යම් කරුණක් සඳහා නියත වශයෙන් ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؗ— وَاذْكُرْ رَّبَّكَ اِذَا نَسِیْتَ وَقُلْ عَسٰۤی اَنْ یَّهْدِیَنِ رَبِّیْ لِاَقْرَبَ مِنْ هٰذَا رَشَدًا ۟
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපතිව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَبِثُوْا فِیْ كَهْفِهِمْ ثَلٰثَ مِائَةٍ سِنِیْنَ وَازْدَادُوْا تِسْعًا ۟
තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝ ය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතරව එකතු කළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ اللّٰهُ اَعْلَمُ بِمَا لَبِثُوْا ۚ— لَهٗ غَیْبُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَبْصِرْ بِهٖ وَاَسْمِعْ ؕ— مَا لَهُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّلِیٍّ ؗ— وَّلَا یُشْرِكُ فِیْ حُكْمِهٖۤ اَحَدًا ۟
ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ් ය. අහස්හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතු ය. ඒ පිළිබඳව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොරව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නො ගනී යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنْ كِتَابِ رَبِّكَ ؕ— لَا مُبَدِّلَ لِكَلِمٰتِهٖ ۫ۚ— وَلَنْ تَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۟
තවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොරව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නො ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ وَلَا تَعْدُ عَیْنٰكَ عَنْهُمْ ۚ— تُرِیْدُ زِیْنَةَ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَلَا تُطِعْ مَنْ اَغْفَلْنَا قَلْبَهٗ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوٰىهُ وَكَانَ اَمْرُهٗ فُرُطًا ۟
තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නො කරනු. අපව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නො සැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නො වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلِ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۫— فَمَنْ شَآءَ فَلْیُؤْمِنْ وَّمَنْ شَآءَ فَلْیَكْفُرْ ۚ— اِنَّاۤ اَعْتَدْنَا لِلظّٰلِمِیْنَ نَارًا اَحَاطَ بِهِمْ سُرَادِقُهَا ؕ— وَاِنْ یَّسْتَغِیْثُوْا یُغَاثُوْا بِمَآءٍ كَالْمُهْلِ یَشْوِی الْوُجُوْهَ ؕ— بِئْسَ الشَّرَابُ ؕ— وَسَآءَتْ مُرْتَفَقًا ۟
තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන් ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන්ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اِنَّا لَا نُضِیْعُ اَجْرَ مَنْ اَحْسَنَ عَمَلًا ۟ۚ
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින් ම අපි අපතේ නො හරින්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ لَهُمْ جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّیَلْبَسُوْنَ ثِیَابًا خُضْرًا مِّنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَّكِـِٕیْنَ فِیْهَا عَلَی الْاَرَآىِٕكِ ؕ— نِعْمَ الثَّوَابُ ؕ— وَحَسُنَتْ مُرْتَفَقًا ۟۠
ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලුවලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේදවලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاضْرِبْ لَهُمْ مَّثَلًا رَّجُلَیْنِ جَعَلْنَا لِاَحَدِهِمَا جَنَّتَیْنِ مِنْ اَعْنَابٍ وَّحَفَفْنٰهُمَا بِنَخْلٍ وَّجَعَلْنَا بَیْنَهُمَا زَرْعًا ۟ؕ
තවද මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදිවලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كِلْتَا الْجَنَّتَیْنِ اٰتَتْ اُكُلَهَا وَلَمْ تَظْلِمْ مِّنْهُ شَیْـًٔا ۙ— وَّفَجَّرْنَا خِلٰلَهُمَا نَهَرًا ۟ۙ
එම වතු දෙක එහි ඵලදාව දුන්නේ ය. ඉන් කිසිවකින් අඩුවක් නො කළේ ය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكَانَ لَهٗ ثَمَرٌ ۚ— فَقَالَ لِصَاحِبِهٖ وَهُوَ یُحَاوِرُهٗۤ اَنَا اَكْثَرُ مِنْكَ مَالًا وَّاَعَزُّ نَفَرًا ۟
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමඟ සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අතිගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدَخَلَ جَنَّتَهٗ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهٖ ۚ— قَالَ مَاۤ اَظُنُّ اَنْ تَبِیْدَ هٰذِهٖۤ اَبَدًا ۟ۙ
තවද ඔහු තමන්ට ම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසී ය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නො සිතමි යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّمَاۤ اَظُنُّ السَّاعَةَ قَآىِٕمَةً ۙ— وَّلَىِٕنْ رُّدِدْتُّ اِلٰی رَبِّیْ لَاَجِدَنَّ خَیْرًا مِّنْهَا مُنْقَلَبًا ۟ۚ
අවසන් හෝරාව සිදු වන්නක් බව ද මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَهٗ صَاحِبُهٗ وَهُوَ یُحَاوِرُهٗۤ اَكَفَرْتَ بِالَّذِیْ خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ سَوّٰىكَ رَجُلًا ۟ؕ
ඔහුගේ මිතුරා ඔහු සමඟ සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹව පසින් ද පසුව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لٰكِنَّاۡ هُوَ اللّٰهُ رَبِّیْ وَلَاۤ اُشْرِكُ بِرَبِّیْۤ اَحَدًا ۟
එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහු ය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَاۤ اِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ اللّٰهُ ۙ— لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ ۚ— اِنْ تَرَنِ اَنَا اَقَلَّ مِنْكَ مَالًا وَّوَلَدًا ۟ۚ
නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නො වේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَعَسٰی رَبِّیْۤ اَنْ یُّؤْتِیَنِ خَیْرًا مِّنْ جَنَّتِكَ وَیُرْسِلَ عَلَیْهَا حُسْبَانًا مِّنَ السَّمَآءِ فَتُصْبِحَ صَعِیْدًا زَلَقًا ۟ۙ
මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَنْ تَسْتَطِیْعَ لَهٗ طَلَبًا ۟
එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නො දරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُحِیْطَ بِثَمَرِهٖ فَاَصْبَحَ یُقَلِّبُ كَفَّیْهِ عَلٰی مَاۤ اَنْفَقَ فِیْهَا وَهِیَ خَاوِیَةٌ عَلٰی عُرُوْشِهَا وَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُشْرِكْ بِرَبِّیْۤ اَحَدًا ۟
තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබී ය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘අහෝ මාගේ විනාශය! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمْ تَكُنْ لَّهٗ فِئَةٌ یَّنْصُرُوْنَهٗ مِنْ دُوْنِ اللّٰهِ وَمَا كَانَ مُنْتَصِرًا ۟ؕ
තවද අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු ඔහුට ම උදව් කර ගන්නකු ද නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُنَالِكَ الْوَلَایَةُ لِلّٰهِ الْحَقِّ ؕ— هُوَ خَیْرٌ ثَوَابًا وَّخَیْرٌ عُقْبًا ۟۠
මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතු ය. ඔහු කුසල් පිරිනැමීමෙන් අතිශ්රේෂ්ඨ ය. එමෙන් ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاضْرِبْ لَهُمْ مَّثَلَ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ فَاَصْبَحَ هَشِیْمًا تَذْرُوْهُ الرِّیٰحُ ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ مُّقْتَدِرًا ۟
තවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමඟ මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසුව එය ඉපනැලි බවට පත්ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْمَالُ وَالْبَنُوْنَ زِیْنَةُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ اَمَلًا ۟
ධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන් ය. (කවදත්) ශේෂව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම් ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ نُسَیِّرُ الْجِبَالَ وَتَرَی الْاَرْضَ بَارِزَةً ۙ— وَّحَشَرْنٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا ۟ۚ
තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් ලෙස දකිනු ඇත. තවද අපි ඔවුන්ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකුව අපි අත් නො හරින්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعُرِضُوْا عَلٰی رَبِّكَ صَفًّا ؕ— لَقَدْ جِئْتُمُوْنَا كَمَا خَلَقْنٰكُمْ اَوَّلَ مَرَّةٍ ؗ— بَلْ زَعَمْتُمْ اَلَّنْ نَّجْعَلَ لَكُمْ مَّوْعِدًا ۟
තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින් ම අපි නුඹලාව මුල් වරට මැව්වාක් මෙන් ම නුඹලා අප වෙත පැමිණ ඇත. එහෙත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි කිසි දිනක ඇති නො කරනු ඇතැයි නුඹලා සිතුවෙහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوُضِعَ الْكِتٰبُ فَتَرَی الْمُجْرِمِیْنَ مُشْفِقِیْنَ مِمَّا فِیْهِ وَیَقُوْلُوْنَ یٰوَیْلَتَنَا مَالِ هٰذَا الْكِتٰبِ لَا یُغَادِرُ صَغِیْرَةً وَّلَا كَبِیْرَةً اِلَّاۤ اَحْصٰىهَا ۚ— وَوَجَدُوْا مَا عَمِلُوْا حَاضِرًا ؕ— وَلَا یَظْلِمُ رَبُّكَ اَحَدًا ۟۠
තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නො කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ— كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ اَمْرِ رَبِّهٖ ؕ— اَفَتَتَّخِذُوْنَهٗ وَذُرِّیَّتَهٗۤ اَوْلِیَآءَ مِنْ دُوْنِیْ وَهُمْ لَكُمْ عَدُوٌّ ؕ— بِئْسَ لِلظّٰلِمِیْنَ بَدَلًا ۟
"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝ ය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරු ය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَشْهَدْتُّهُمْ خَلْقَ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَا خَلْقَ اَنْفُسِهِمْ ۪— وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّیْنَ عَضُدًا ۟
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලාව මැවීමට හෝ මා ඔවුන්ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන් ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නො වූයෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَقُوْلُ نَادُوْا شُرَكَآءِیَ الَّذِیْنَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ یَسْتَجِیْبُوْا لَهُمْ وَجَعَلْنَا بَیْنَهُمْ مَّوْبِقًا ۟
තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන්ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන්ව කැඳවති. එහෙත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නො දක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَاَ الْمُجْرِمُوْنَ النَّارَ فَظَنُّوْۤا اَنَّهُمْ مُّوَاقِعُوْهَا وَلَمْ یَجِدُوْا عَنْهَا مَصْرِفًا ۟۠
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන් ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නො දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ؕ— وَكَانَ الْاِنْسَانُ اَكْثَرَ شَیْءٍ جَدَلًا ۟
තවද සැබැවින් ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින් ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مَنَعَ النَّاسَ اَنْ یُّؤْمِنُوْۤا اِذْ جَآءَهُمُ الْهُدٰی وَیَسْتَغْفِرُوْا رَبَّهُمْ اِلَّاۤ اَنْ تَاْتِیَهُمْ سُنَّةُ الْاَوَّلِیْنَ اَوْ یَاْتِیَهُمُ الْعَذَابُ قُبُلًا ۟
තවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නො පැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නො පැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන්ව වැළැක්වූයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ— وَیُجَادِلُ الَّذِیْنَ كَفَرُوْا بِالْبَاطِلِ لِیُدْحِضُوْا بِهِ الْحَقَّ وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَمَاۤ اُنْذِرُوْا هُزُوًا ۟
තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමඟින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ اَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِاٰیٰتِ رَبِّهٖ فَاَعْرَضَ عَنْهَا وَنَسِیَ مَا قَدَّمَتْ یَدٰهُ ؕ— اِنَّا جَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ— وَاِنْ تَدْعُهُمْ اِلَی الْهُدٰی فَلَنْ یَّهْتَدُوْۤا اِذًا اَبَدًا ۟
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසුව එය නො සලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවුරු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකි වන සේ) සැබැවින් ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන්වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නො ලබන්නෝම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَبُّكَ الْغَفُوْرُ ذُو الرَّحْمَةِ ؕ— لَوْ یُؤَاخِذُهُمْ بِمَا كَسَبُوْا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ؕ— بَلْ لَّهُمْ مَّوْعِدٌ لَّنْ یَّجِدُوْا مِنْ دُوْنِهٖ مَوْىِٕلًا ۟
තවද නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන්ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. එහෙත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොරව බේරී යාමක් ඔවුහු නො දකින්නෝම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتِلْكَ الْقُرٰۤی اَهْلَكْنٰهُمْ لَمَّا ظَلَمُوْا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَّوْعِدًا ۟۠
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَ مُوْسٰی لِفَتٰىهُ لَاۤ اَبْرَحُ حَتّٰۤی اَبْلُغَ مَجْمَعَ الْبَحْرَیْنِ اَوْ اَمْضِیَ حُقُبًا ۟
තවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නො නවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَیْنِهِمَا نَسِیَا حُوْتَهُمَا فَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ سَرَبًا ۟
ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتٰىهُ اٰتِنَا غَدَآءَنَا ؗ— لَقَدْ لَقِیْنَا مِنْ سَفَرِنَا هٰذَا نَصَبًا ۟
පසුව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත්ව ඇත්තෙමු’ යැයි පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَرَءَیْتَ اِذْ اَوَیْنَاۤ اِلَی الصَّخْرَةِ فَاِنِّیْ نَسِیْتُ الْحُوْتَ ؗ— وَمَاۤ اَنْسٰىنِیْهُ اِلَّا الشَّیْطٰنُ اَنْ اَذْكُرَهٗ ۚ— وَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ ۖۗ— عَجَبًا ۟
එම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතක ද? එවිට සැබැවින් ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මාහට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නො වේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ ذٰلِكَ مَا كُنَّا نَبْغِ ۖۗ— فَارْتَدَّا عَلٰۤی اٰثَارِهِمَا قَصَصًا ۟ۙ
අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසී ය. පසුව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَاۤ اٰتَیْنٰهُ رَحْمَةً مِّنْ عِنْدِنَا وَعَلَّمْنٰهُ مِنْ لَّدُنَّا عِلْمًا ۟
එවිට ඔවුන් දෙදෙනා ම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකුව මුණ ගැසුණෝ ය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَهٗ مُوْسٰی هَلْ اَتَّبِعُكَ عَلٰۤی اَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا ۟
යහ මඟින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබව අනුගමනය කරන්න දැ? යි මූසා ඔහුගෙන් විමසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
නියත වශයෙන් ම මා සමඟින් ඉවසා සිටීමට ඔබ හැකියාව නො දරන්නෙහිම යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَیْفَ تَصْبِرُ عَلٰی مَا لَمْ تُحِطْ بِهٖ خُبْرًا ۟
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ سَتَجِدُنِیْۤ اِنْ شَآءَ اللّٰهُ صَابِرًا وَّلَاۤ اَعْصِیْ لَكَ اَمْرًا ۟
අල්ලාහ් අභිමත කළේ නම් ඔබ මා ඉවසිලිවන්තයකු ලෙස දැක ගනු ඇත. තවද කිසිදු අණකට මම නුඹට පිටු නො පාමි යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فَاِنِ اتَّبَعْتَنِیْ فَلَا تَسْـَٔلْنِیْ عَنْ شَیْءٍ حَتّٰۤی اُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا ۟۠
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නො යුතු යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْطَلَقَا ۫— حَتّٰۤی اِذَا رَكِبَا فِی السَّفِیْنَةِ خَرَقَهَا ؕ— قَالَ اَخَرَقْتَهَا لِتُغْرِقَ اَهْلَهَا ۚ— لَقَدْ جِئْتَ شَیْـًٔا اِمْرًا ۟
පසුව නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. ඔහු එය සිදුරු කළේ ය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදු රු කළෙහි ද? සැබැවින් ම ඔබ මහත් වූ කරුණක් කර ඇත්තෙහිය යැයි ඔහු (මූසා) පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَلَمْ اَقُلْ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
නියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම නො කීවෙමි දැ? යි ඔහු විමසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَا تُؤَاخِذْنِیْ بِمَا نَسِیْتُ وَلَا تُرْهِقْنِیْ مِنْ اَمْرِیْ عُسْرًا ۟
මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නො ගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නො කරනු යැයි ඔහු (මූසා) පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْطَلَقَا ۫— حَتّٰۤی اِذَا لَقِیَا غُلٰمًا فَقَتَلَهٗ ۙ— قَالَ اَقَتَلْتَ نَفْسًا زَكِیَّةً بِغَیْرِ نَفْسٍ ؕ— لَقَدْ جِئْتَ شَیْـًٔا نُّكْرًا ۟
පසුව දෙදෙනා ම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු ඔහුව මරා දැමුවේ ය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොරව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَلَمْ اَقُلْ لَّكَ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
නියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම ඔබට නො කීවෙමි දැ? යිඔහු විමසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنْ سَاَلْتُكَ عَنْ شَیْ بَعْدَهَا فَلَا تُصٰحِبْنِیْ ۚ— قَدْ بَلَغْتَ مِنْ لَّدُنِّیْ عُذْرًا ۟
මින් පසුව මම යමක් පිළිබඳව ඔබෙන් විමසා සිටියේ නම් ඔබ මා සඟයෙකු ලෙස නො ගනු. සැබැවින් ම ඔබ මා වෙතින් (ඇති තරම්) නිදහසට කරුණු ලබා ඇතිතෙහිය යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْطَلَقَا ۫— حَتّٰۤی اِذَاۤ اَتَیَاۤ اَهْلَ قَرْیَةِ ١سْتَطْعَمَاۤ اَهْلَهَا فَاَبَوْا اَنْ یُّضَیِّفُوْهُمَا فَوَجَدَا فِیْهَا جِدَارًا یُّرِیْدُ اَنْ یَّنْقَضَّ فَاَقَامَهٗ ؕ— قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَیْهِ اَجْرًا ۟
පසුව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝ ය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝ ය. එහෙත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. එවිට ඔවුහු දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝ ය. එවිට ඔහු එය කෙළින් කළේ ය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هٰذَا فِرَاقُ بَیْنِیْ وَبَیْنِكَ ۚ— سَاُنَبِّئُكَ بِتَاْوِیْلِ مَا لَمْ تَسْتَطِعْ عَّلَیْهِ صَبْرًا ۟
මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම(ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّا السَّفِیْنَةُ فَكَانَتْ لِمَسٰكِیْنَ یَعْمَلُوْنَ فِی الْبَحْرِ فَاَرَدْتُّ اَنْ اَعِیْبَهَا وَكَانَ وَرَآءَهُمْ مَّلِكٌ یَّاْخُذُ كُلَّ سَفِیْنَةٍ غَصْبًا ۟
එම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الْغُلٰمُ فَكَانَ اَبَوٰهُ مُؤْمِنَیْنِ فَخَشِیْنَاۤ اَنْ یُّرْهِقَهُمَا طُغْیَانًا وَّكُفْرًا ۟ۚ
තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَرَدْنَاۤ اَنْ یُّبْدِلَهُمَا رَبُّهُمَا خَیْرًا مِّنْهُ زَكٰوةً وَّاَقْرَبَ رُحْمًا ۟
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස් කර දෙනු ඇතැයි අපි සිතුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الْجِدَارُ فَكَانَ لِغُلٰمَیْنِ یَتِیْمَیْنِ فِی الْمَدِیْنَةِ وَكَانَ تَحْتَهٗ كَنْزٌ لَّهُمَا وَكَانَ اَبُوْهُمَا صَالِحًا ۚ— فَاَرَادَ رَبُّكَ اَنْ یَّبْلُغَاۤ اَشُدَّهُمَا وَیَسْتَخْرِجَا كَنْزَهُمَا ۖۗ— رَحْمَةً مِّنْ رَّبِّكَ ۚ— وَمَا فَعَلْتُهٗ عَنْ اَمْرِیْ ؕ— ذٰلِكَ تَاْوِیْلُ مَا لَمْ تَسْطِعْ عَّلَیْهِ صَبْرًا ۟ؕ۠
තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමිව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත්ව පසුව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේ ය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නො කළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَسْـَٔلُوْنَكَ عَنْ ذِی الْقَرْنَیْنِ ؕ— قُلْ سَاَتْلُوْا عَلَیْكُمْ مِّنْهُ ذِكْرًا ۟ؕ
(අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا مَكَّنَّا لَهٗ فِی الْاَرْضِ وَاٰتَیْنٰهُ مِنْ كُلِّ شَیْءٍ سَبَبًا ۟ۙ
නියත වශයෙන් ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින් ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَتْبَعَ سَبَبًا ۟
එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِیْ عَیْنٍ حَمِئَةٍ وَّوَجَدَ عِنْدَهَا قَوْمًا ؕ۬— قُلْنَا یٰذَا الْقَرْنَیْنِ اِمَّاۤ اَنْ تُعَذِّبَ وَاِمَّاۤ اَنْ تَتَّخِذَ فِیْهِمْ حُسْنًا ۟
හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේ ය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේ ය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهٗ ثُمَّ یُرَدُّ اِلٰی رَبِّهٖ فَیُعَذِّبُهٗ عَذَابًا نُّكْرًا ۟
අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا مَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا فَلَهٗ جَزَآءَ ١لْحُسْنٰی ۚ— وَسَنَقُوْلُ لَهٗ مِنْ اَمْرِنَا یُسْرًا ۟ؕ
තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතු ය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَتْبَعَ سَبَبًا ۟
පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلٰی قَوْمٍ لَّمْ نَجْعَلْ لَّهُمْ مِّنْ دُوْنِهَا سِتْرًا ۟ۙ
හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නො කළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ ؕ— وَقَدْ اَحَطْنَا بِمَا لَدَیْهِ خُبْرًا ۟
එලෙස ය. ඔහු සතුව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَتْبَعَ سَبَبًا ۟
පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا بَلَغَ بَیْنَ السَّدَّیْنِ وَجَدَ مِنْ دُوْنِهِمَا قَوْمًا ۙ— لَّا یَكَادُوْنَ یَفْقَهُوْنَ قَوْلًا ۟
ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰذَا الْقَرْنَیْنِ اِنَّ یَاْجُوْجَ وَمَاْجُوْجَ مُفْسِدُوْنَ فِی الْاَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلٰۤی اَنْ تَجْعَلَ بَیْنَنَا وَبَیْنَهُمْ سَدًّا ۟
අහෝ දුල් කර්නයින්! නියත වශයෙන් ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහු ය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැ? යි ඔවුහු විමසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ مَا مَكَّنِّیْ فِیْهِ رَبِّیْ خَیْرٌ فَاَعِیْنُوْنِیْ بِقُوَّةٍ اَجْعَلْ بَیْنَكُمْ وَبَیْنَهُمْ رَدْمًا ۟ۙ
මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨ ය. එබැවින් නුඹලා ශක්තිමත්ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اٰتُوْنِیْ زُبَرَ الْحَدِیْدِ ؕ— حَتّٰۤی اِذَا سَاوٰی بَیْنَ الصَّدَفَیْنِ قَالَ انْفُخُوْا ؕ— حَتّٰۤی اِذَا جَعَلَهٗ نَارًا ۙ— قَالَ اٰتُوْنِیْۤ اُفْرِغْ عَلَیْهِ قِطْرًا ۟ؕ
කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේ ය. ඒ මත උණු කළ තඹ, මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا اسْطَاعُوْۤا اَنْ یَّظْهَرُوْهُ وَمَا اسْتَطَاعُوْا لَهٗ نَقْبًا ۟
එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නො දැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නො දැරූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هٰذَا رَحْمَةٌ مِّنْ رَّبِّیْ ۚ— فَاِذَا جَآءَ وَعْدُ رَبِّیْ جَعَلَهٗ دَكَّآءَ ۚ— وَكَانَ وَعْدُ رَبِّیْ حَقًّا ۟ؕ
මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَكْنَا بَعْضَهُمْ یَوْمَىِٕذٍ یَّمُوْجُ فِیْ بَعْضٍ وَّنُفِخَ فِی الصُّوْرِ فَجَمَعْنٰهُمْ جَمْعًا ۟ۙ
එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّعَرَضْنَا جَهَنَّمَ یَوْمَىِٕذٍ لِّلْكٰفِرِیْنَ عَرْضَا ۟ۙ
එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْنَ كَانَتْ اَعْیُنُهُمْ فِیْ غِطَآءٍ عَنْ ذِكْرِیْ وَكَانُوْا لَا یَسْتَطِیْعُوْنَ سَمْعًا ۟۠
ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَحَسِبَ الَّذِیْنَ كَفَرُوْۤا اَنْ یَّتَّخِذُوْا عِبَادِیْ مِنْ دُوْنِیْۤ اَوْلِیَآءَ ؕ— اِنَّاۤ اَعْتَدْنَا جَهَنَّمَ لِلْكٰفِرِیْنَ نُزُلًا ۟
මාගෙන් තොරව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْاَخْسَرِیْنَ اَعْمَالًا ۟ؕ
ක්‍රියාවන්ගෙන් වඩාත් අලාභහානි කර ගත්තවුන් පිළිබඳව අපි නුඹලාට දන්වන්න දැ? යි (නබිවරය!) නුඹ විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ ضَلَّ سَعْیُهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَهُمْ یَحْسَبُوْنَ اَنَّهُمْ یُحْسِنُوْنَ صُنْعًا ۟
ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන් ය. නියත වශයෙන් ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ رَبِّهِمْ وَلِقَآىِٕهٖ فَحَبِطَتْ اَعْمَالُهُمْ فَلَا نُقِیْمُ لَهُمْ یَوْمَ الْقِیٰمَةِ وَزْنًا ۟
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමුව ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේ ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නො දෙන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوْا وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَرُسُلِیْ هُزُوًا ۟
එය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ كَانَتْ لَهُمْ جَنّٰتُ الْفِرْدَوْسِ نُزُلًا ۟ۙ
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خٰلِدِیْنَ فِیْهَا لَا یَبْغُوْنَ عَنْهَا حِوَلًا ۟
එහි ඔවුන් සදාතනිකයින් ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නො කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمٰتِ رَبِّیْ لَنَفِدَ الْبَحْرُ قَبْلَ اَنْ تَنْفَدَ كَلِمٰتُ رَبِّیْ وَلَوْ جِئْنَا بِمِثْلِهٖ مَدَدًا ۟
මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතරව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නො වනු ඇත.) යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّمَاۤ اَنَا بَشَرٌ مِّثْلُكُمْ یُوْحٰۤی اِلَیَّ اَنَّمَاۤ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَمَنْ كَانَ یَرْجُوْا لِقَآءَ رَبِّهٖ فَلْیَعْمَلْ عَمَلًا صَالِحًا وَّلَا یُشْرِكْ بِعِبَادَةِ رَبِّهٖۤ اَحَدًا ۟۠
මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමුව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි
ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නො කරත්වා! යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት