የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ፉርቃን   አንቀጽ:

සූරා අල් ෆුර්කාන්

تَبٰرَكَ الَّذِیْ نَزَّلَ الْفُرْقَانَ عَلٰی عَبْدِهٖ لِیَكُوْنَ لِلْعٰلَمِیْنَ نَذِیْرَا ۟ۙ
ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَمْ یَتَّخِذْ وَلَدًا وَّلَمْ یَكُنْ لَّهٗ شَرِیْكٌ فِی الْمُلْكِ وَخَلَقَ كُلَّ شَیْءٍ فَقَدَّرَهٗ تَقْدِیْرًا ۟
ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය සතු අයයි. තවද ඔහු දරුවකු නො ගත්තේ ය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේ ය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً لَّا یَخْلُقُوْنَ شَیْـًٔا وَّهُمْ یُخْلَقُوْنَ وَلَا یَمْلِكُوْنَ لِاَنْفُسِهِمْ ضَرًّا وَّلَا نَفْعًا وَّلَا یَمْلِكُوْنَ مَوْتًا وَّلَا حَیٰوةً وَّلَا نُشُوْرًا ۟
තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝ ය. ඔවුන් කිසිවක් නො මවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නො දරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නො දරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ هٰذَاۤ اِلَّاۤ اِفْكُ ١فْتَرٰىهُ وَاَعَانَهٗ عَلَیْهِ قَوْمٌ اٰخَرُوْنَ ۛۚ— فَقَدْ جَآءُوْ ظُلْمًا وَّزُوْرًا ۟ۚۛ
තවද මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය. එහෙයින් සැබැවින් ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْۤا اَسَاطِیْرُ الْاَوَّلِیْنَ اكْتَتَبَهَا فَهِیَ تُمْلٰی عَلَیْهِ بُكْرَةً وَّاَصِیْلًا ۟
තවද ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَنْزَلَهُ الَّذِیْ یَعْلَمُ السِّرَّ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اِنَّهٗ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟
අහස්හි හා මහපොළොවේ රහස්‍ය දෑ දන්නා, එය පහළ කළේ ය. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا مَالِ هٰذَا الرَّسُوْلِ یَاْكُلُ الطَّعَامَ وَیَمْشِیْ فِی الْاَسْوَاقِ ؕ— لَوْلَاۤ اُنْزِلَ اِلَیْهِ مَلَكٌ فَیَكُوْنَ مَعَهٗ نَذِیْرًا ۟ۙ
තවද මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළවල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමඟ (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නො වේ ද? යැයි ඔවුහු පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یُلْقٰۤی اِلَیْهِ كَنْزٌ اَوْ تَكُوْنُ لَهٗ جَنَّةٌ یَّاْكُلُ مِنْهَا ؕ— وَقَالَ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا ۟
එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නො වේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමඟින් අනුභව කළ යුතු නො වේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُنْظُرْ كَیْفَ ضَرَبُوْا لَكَ الْاَمْثَالَ فَضَلُّوْا فَلَا یَسْتَطِیْعُوْنَ سَبِیْلًا ۟۠
(නබිවරය!) ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ? යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියෝ ය. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නො දරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَبٰرَكَ الَّذِیْۤ اِنْ شَآءَ جَعَلَ لَكَ خَیْرًا مِّنْ ذٰلِكَ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— وَیَجْعَلْ لَّكَ قُصُوْرًا ۟
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ كَذَّبُوْا بِالسَّاعَةِ وَاَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِیْرًا ۟ۚ
එහෙත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝ ය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذَا رَاَتْهُمْ مِّنْ مَّكَانٍ بَعِیْدٍ سَمِعُوْا لَهَا تَغَیُّظًا وَّزَفِیْرًا ۟
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَاۤ اُلْقُوْا مِنْهَا مَكَانًا ضَیِّقًا مُّقَرَّنِیْنَ دَعَوْا هُنَالِكَ ثُبُوْرًا ۟ؕ
තවද ඔවුන් විලංගු දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَدْعُوا الْیَوْمَ ثُبُوْرًا وَّاحِدًا وَّادْعُوْا ثُبُوْرًا كَثِیْرًا ۟
අද දින නුඹලා එක් විනාශයක් පමණක් නො අයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු. (යැයි ඔවුනට පවසනු ලැබේ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَذٰلِكَ خَیْرٌ اَمْ جَنَّةُ الْخُلْدِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ— كَانَتْ لَهُمْ جَزَآءً وَّمَصِیْرًا ۟
එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය උතුම් ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා අවසානයේ යොමු වන ස්ථානයක් විය යැයි (නබිවරය!) නුඹ පවසනු!
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهُمْ فِیْهَا مَا یَشَآءُوْنَ خٰلِدِیْنَ ؕ— كَانَ عَلٰی رَبِّكَ وَعْدًا مَّسْـُٔوْلًا ۟
ඔවුනට එහි ඔවුන් අභිමත කරන දෑ ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. මෙය නුඹගේ පරමාධිපති වෙතින් ඉටු කරනු ලබන ප්‍රතිඥාවක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَحْشُرُهُمْ وَمَا یَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ فَیَقُوْلُ ءَاَنْتُمْ اَضْلَلْتُمْ عِبَادِیْ هٰۤؤُلَآءِ اَمْ هُمْ ضَلُّوا السَّبِیْلَ ۟ؕ
තවද එදින ඔවුන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ? යි (අල්ලාහ්) විමසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا سُبْحٰنَكَ مَا كَانَ یَنْۢبَغِیْ لَنَاۤ اَنْ نَّتَّخِذَ مِنْ دُوْنِكَ مِنْ اَوْلِیَآءَ وَلٰكِنْ مَّتَّعْتَهُمْ وَاٰبَآءَهُمْ حَتّٰی نَسُوا الذِّكْرَ ۚ— وَكَانُوْا قَوْمًا بُوْرًا ۟
නුඹ සුපිවිතුරු ය. නුඹගෙන් තොරව භාරකරුවන් ගැනීමට අපට යුතු නො වීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන්හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහි ය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ යැයි ඔවුහු පවසා සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَدْ كَذَّبُوْكُمْ بِمَا تَقُوْلُوْنَ ۙ— فَمَا تَسْتَطِیْعُوْنَ صَرْفًا وَّلَا نَصْرًا ۚ— وَمَنْ یَّظْلِمْ مِّنْكُمْ نُذِقْهُ عَذَابًا كَبِیْرًا ۟
එහෙත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින් ම ඔවුහු නුඹලා බොරු කළෝ ය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නො දරන්නෙහු ය. තවද නුඹලා අතරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِیْنَ اِلَّاۤ اِنَّهُمْ لَیَاْكُلُوْنَ الطَّعَامَ وَیَمْشُوْنَ فِی الْاَسْوَاقِ ؕ— وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً ؕ— اَتَصْبِرُوْنَ ۚ— وَكَانَ رَبُّكَ بَصِیْرًا ۟۠
තවද නුඹට පෙර වූ ධර්ම දූතයින් අතරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا لَوْلَاۤ اُنْزِلَ عَلَیْنَا الْمَلٰٓىِٕكَةُ اَوْ نَرٰی رَبَّنَا ؕ— لَقَدِ اسْتَكْبَرُوْا فِیْۤ اَنْفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِیْرًا ۟
තවද අපගේ හමුව බලාපොරොත්තු නො වන්නන් අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නො වේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නො වේ ද? යැයි පැවසුවෝ ය. සැබැවින් ම ඔවුන් ඔවුන් විෂයෙහි උඩඟු වූහ. තවද මහත් ලෙස සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَرَوْنَ الْمَلٰٓىِٕكَةَ لَا بُشْرٰی یَوْمَىِٕذٍ لِّلْمُجْرِمِیْنَ وَیَقُوْلُوْنَ حِجْرًا مَّحْجُوْرًا ۟
මලක්වරුන්ව ඔවුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدِمْنَاۤ اِلٰی مَا عَمِلُوْا مِنْ عَمَلٍ فَجَعَلْنٰهُ هَبَآءً مَّنْثُوْرًا ۟
තවද ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසුව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَصْحٰبُ الْجَنَّةِ یَوْمَىِٕذٍ خَیْرٌ مُّسْتَقَرًّا وَّاَحْسَنُ مَقِیْلًا ۟
(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහන) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ تَشَقَّقُ السَّمَآءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلٰٓىِٕكَةُ تَنْزِیْلًا ۟
තවද එදින වලාකුළු මඟින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْمُلْكُ یَوْمَىِٕذِ ١لْحَقُّ لِلرَّحْمٰنِ ؕ— وَكَانَ یَوْمًا عَلَی الْكٰفِرِیْنَ عَسِیْرًا ۟
එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතු ය. තවද එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දුෂ්කර දිනයක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَعَضُّ الظَّالِمُ عَلٰی یَدَیْهِ یَقُوْلُ یٰلَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُوْلِ سَبِیْلًا ۟
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ! දූතයාණන් සමඟ මා මගක් ගන්නට තිබුණා නො වේ දැ? යි ඔහු පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰوَیْلَتٰی لَیْتَنِیْ لَمْ اَتَّخِذْ فُلَانًا خَلِیْلًا ۟
අහෝ මාගේ විනාශය! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නො ගන්නට තිබුණා නො වේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ اَضَلَّنِیْ عَنِ الذِّكْرِ بَعْدَ اِذْ جَآءَنِیْ ؕ— وَكَانَ الشَّیْطٰنُ لِلْاِنْسَانِ خَذُوْلًا ۟
මෙනෙහි කිරීම (අල් කුර්ආනය) මා වෙත පැමිණි පසුව සැබැවින් ම ඔහු මා එයින් නොමග යැවී ය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الرَّسُوْلُ یٰرَبِّ اِنَّ قَوْمِی اتَّخَذُوْا هٰذَا الْقُرْاٰنَ مَهْجُوْرًا ۟
තවද අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මෙම අල් කුර්ආනය පිටුදකිනු ලබන්නක් ලෙස ගත්තෝය යැයි රසූල්වරයා පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِیٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِیْنَ ؕ— وَكَفٰی بِرَبِّكَ هَادِیًا وَّنَصِیْرًا ۟
තවද එලෙස අපි සෑම නබිවරයෙකුට ම අපරාධකරුවන් අතරින් සතුරෙකු පත් කළෙමු. තවද යහ මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَوْلَا نُزِّلَ عَلَیْهِ الْقُرْاٰنُ جُمْلَةً وَّاحِدَةً ۛۚ— كَذٰلِكَ ۛۚ— لِنُثَبِّتَ بِهٖ فُؤَادَكَ وَرَتَّلْنٰهُ تَرْتِیْلًا ۟
තවද ඔහු වෙත අල් කුර්ආනය එකවර එක ම ගොනුවක් සේ පහළ කළ යුතු නො වේ දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය. (අහෝ මුහම්මද්!) එලෙස අපි එමඟින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිස අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَاْتُوْنَكَ بِمَثَلٍ اِلَّا جِئْنٰكَ بِالْحَقِّ وَاَحْسَنَ تَفْسِیْرًا ۟ؕ
තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ یُحْشَرُوْنَ عَلٰی وُجُوْهِهِمْ اِلٰی جَهَنَّمَ ۙ— اُولٰٓىِٕكَ شَرٌّ مَّكَانًا وَّاَضَلُّ سَبِیْلًا ۟۠
තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහු මය නවාතැනින් නපුරු දනන් වන්නෝ, තවද මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් වන්නෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَجَعَلْنَا مَعَهٗۤ اَخَاهُ هٰرُوْنَ وَزِیْرًا ۟ۚۖ
තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමඟ ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقُلْنَا اذْهَبَاۤ اِلَی الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ؕ— فَدَمَّرْنٰهُمْ تَدْمِیْرًا ۟ؕ
එවිට අපි අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. පසුව අපි ඔවුන් සහමුලින් ම විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَوْمَ نُوْحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ اَغْرَقْنٰهُمْ وَجَعَلْنٰهُمْ لِلنَّاسِ اٰیَةً ؕ— وَاَعْتَدْنَا لِلظّٰلِمِیْنَ عَذَابًا اَلِیْمًا ۟ۚۙ
තවද නූහ්ගේ ජනයා ද ඔවුන් එම ධර්ම දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّعَادًا وَّثَمُوْدَاۡ وَاَصْحٰبَ الرَّسِّ وَقُرُوْنًا بَیْنَ ذٰلِكَ كَثِیْرًا ۟
තවද ආද් ජනයා, සමූද් ජනයා, රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكُلًّا ضَرَبْنَا لَهُ الْاَمْثَالَ ؗ— وَكُلًّا تَبَّرْنَا تَتْبِیْرًا ۟
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සෑම කෙනෙකුවම අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَتَوْا عَلَی الْقَرْیَةِ الَّتِیْۤ اُمْطِرَتْ مَطَرَ السَّوْءِ ؕ— اَفَلَمْ یَكُوْنُوْا یَرَوْنَهَا ۚ— بَلْ كَانُوْا لَا یَرْجُوْنَ نُشُوْرًا ۟
තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින් ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නො දුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නො කරන්නන් ලෙස සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا رَاَوْكَ اِنْ یَّتَّخِذُوْنَكَ اِلَّا هُزُوًا ؕ— اَهٰذَا الَّذِیْ بَعَثَ اللّٰهُ رَسُوْلًا ۟
තවද ඔවුන් නුඹව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’ යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹව නො ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ كَادَ لَیُضِلُّنَا عَنْ اٰلِهَتِنَا لَوْلَاۤ اَنْ صَبَرْنَا عَلَیْهَا ؕ— وَسَوْفَ یَعْلَمُوْنَ حِیْنَ یَرَوْنَ الْعَذَابَ مَنْ اَضَلُّ سَبِیْلًا ۟
අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නො සිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන් දැ? යි ඔවුහු මතු දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ ؕ— اَفَاَنْتَ تَكُوْنُ عَلَیْهِ وَكِیْلًا ۟ۙ
තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ تَحْسَبُ اَنَّ اَكْثَرَهُمْ یَسْمَعُوْنَ اَوْ یَعْقِلُوْنَ ؕ— اِنْ هُمْ اِلَّا كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ سَبِیْلًا ۟۠
නියත වශයෙන් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නො ව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلٰی رَبِّكَ كَیْفَ مَدَّ الظِّلَّ ۚ— وَلَوْ شَآءَ لَجَعَلَهٗ سَاكِنًا ۚ— ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَیْهِ دَلِیْلًا ۟ۙ
නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැ? යි නුඹ නො බැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසුව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ قَبَضْنٰهُ اِلَیْنَا قَبْضًا یَّسِیْرًا ۟
පසුව අපි එය (හෙවණැල්ල) හීන් සීරුවෙන් අප වෙත අත්පත් කර ගන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِبَاسًا وَّالنَّوْمَ سُبَاتًا وَّجَعَلَ النَّهَارَ نُشُوْرًا ۟
තවද රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහු ය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේ ද ඔහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْۤ اَرْسَلَ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ۚ— وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً طَهُوْرًا ۟ۙ
තවද ඔහුගේ ආශිර්වාදය අතරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහු ය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّنُحْیِ بِهٖ بَلْدَةً مَّیْتًا وَّنُسْقِیَهٗ مِمَّا خَلَقْنَاۤ اَنْعَامًا وَّاَنَاسِیَّ كَثِیْرًا ۟
එමඟින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَرَّفْنٰهُ بَیْنَهُمْ لِیَذَّكَّرُوْا ۖؗ— فَاَبٰۤی اَكْثَرُ النَّاسِ اِلَّا كُفُوْرًا ۟
තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. එහෙත් ජනයා අතරින් බොහෝමයක් දෙනා ගුණමකුවන්නන් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِیْ كُلِّ قَرْیَةٍ نَّذِیْرًا ۟ؗۖ
තවද අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකට ම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَجَاهِدْهُمْ بِهٖ جِهَادًا كَبِیْرًا ۟
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නුඹ අවනත නො වනු. තවද නුඹ ඔවුන් සමඟ එමඟින් දැඩි පරිශ්‍රමයකින් යුතුව උත්සාහ කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ مَرَجَ الْبَحْرَیْنِ هٰذَا عَذْبٌ فُرَاتٌ وَّهٰذَا مِلْحٌ اُجَاجٌ ۚ— وَجَعَلَ بَیْنَهُمَا بَرْزَخًا وَّحِجْرًا مَّحْجُوْرًا ۟
තවද මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහු ය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූවක් ලෙස තහනම් සීමාවක් ඔහු ඇති කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ خَلَقَ مِنَ الْمَآءِ بَشَرًا فَجَعَلَهٗ نَسَبًا وَّصِهْرًا ؕ— وَكَانَ رَبُّكَ قَدِیْرًا ۟
තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහු ය. පසුව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේ ය. තවද නුඹගේ පරමාධිපති සර්ව බලධාරී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُهُمْ وَلَا یَضُرُّهُمْ ؕ— وَكَانَ الْكَافِرُ عَلٰی رَبِّهٖ ظَهِیْرًا ۟
තවද ඔවුහු අල්ලාහ් හැර දමා තමන්හට ප්‍රයෝජනයක් ලබා නො දෙන එමෙන් ම තමන්හට හානියක් සිදු නො කරන දෑට නැමදුම් කරති. තවද දේවතත්වය ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහිව උර දෙන්නකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِیْرًا ۟
තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹව නො එව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ اِلَّا مَنْ شَآءَ اَنْ یَّتَّخِذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නො ඉල්ලමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَوَكَّلْ عَلَی الْحَیِّ الَّذِیْ لَا یَمُوْتُ وَسَبِّحْ بِحَمْدِهٖ ؕ— وَكَفٰی بِهٖ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرَا ۟
තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۛۚ— اَلرَّحْمٰنُ فَسْـَٔلْ بِهٖ خَبِیْرًا ۟
ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ ය. පසුව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳව අභිඥානවත් අයෙකුගෙන් විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قِیْلَ لَهُمُ اسْجُدُوْا لِلرَّحْمٰنِ ۚ— قَالُوْا وَمَا الرَّحْمٰنُ ۗ— اَنَسْجُدُ لِمَا تَاْمُرُنَا وَزَادَهُمْ نُفُوْرًا ۟
තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැ? යි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَبٰرَكَ الَّذِیْ جَعَلَ فِی السَّمَآءِ بُرُوْجًا وَّجَعَلَ فِیْهَا سِرٰجًا وَّقَمَرًا مُّنِیْرًا ۟
අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා) ද ආලෝකය විහිදු වන සඳු ද ඔහු එහි ඇති කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ جَعَلَ الَّیْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ اَرَادَ اَنْ یَّذَّكَّرَ اَوْ اَرَادَ شُكُوْرًا ۟
තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල අනුපිළිවලින් (ගමන් කරන්නට) ඇති කළේ ඔහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعِبَادُ الرَّحْمٰنِ الَّذِیْنَ یَمْشُوْنَ عَلَی الْاَرْضِ هَوْنًا وَّاِذَا خَاطَبَهُمُ الْجٰهِلُوْنَ قَالُوْا سَلٰمًا ۟
තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානීව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමඟ කතා කළ විට සාමය වේවා! යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَبِیْتُوْنَ لِرَبِّهِمْ سُجَّدًا وَّقِیَامًا ۟
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද, නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖۗ— اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۟ۗۖ
තවද ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම එහි දඬුවම නියම වන්නක් වී ඇතැයි ඔවුහු පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهَا سَآءَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
නියත වශයෙන් ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් ද නපුරු වී ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اِذَاۤ اَنْفَقُوْا لَمْ یُسْرِفُوْا وَلَمْ یَقْتُرُوْا وَكَانَ بَیْنَ ذٰلِكَ قَوَامًا ۟
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ لَا یَدْعُوْنَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ وَلَا یَقْتُلُوْنَ النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ وَلَا یَزْنُوْنَ ۚؕ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ یَلْقَ اَثَامًا ۟ۙ
තවද ඔවුහු වනාහි අල්ලාහ් සමඟ තවත් දෙවියකුට අයද නො සිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොරව මිස ඔවුහු ඝාතනය නො කරති. තවද කාම අපචාරයේ නිරත නො වෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّضٰعَفْ لَهُ الْعَذَابُ یَوْمَ الْقِیٰمَةِ وَیَخْلُدْ فِیْهٖ مُهَانًا ۟ۗۖ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත්ව සදාකල් වෙසෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَاُولٰٓىِٕكَ یُبَدِّلُ اللّٰهُ سَیِّاٰتِهِمْ حَسَنٰتٍ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
එහෙත් පශ්චාත්තාප වී දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහු ම ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ تَابَ وَعَمِلَ صَالِحًا فَاِنَّهٗ یَتُوْبُ اِلَی اللّٰهِ مَتَابًا ۟
තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන් ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ لَا یَشْهَدُوْنَ الزُّوْرَ ۙ— وَاِذَا مَرُّوْا بِاللَّغْوِ مَرُّوْا كِرَامًا ۟
තවද ඔවුහු වනාහි බොරු සාක්ෂි නො දරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු පසුකර යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اِذَا ذُكِّرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَمْ یَخِرُّوْا عَلَیْهَا صُمًّا وَّعُمْیَانًا ۟
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නො වැටෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا هَبْ لَنَا مِنْ اَزْوَاجِنَا وَذُرِّیّٰتِنَا قُرَّةَ اَعْیُنٍ وَّاجْعَلْنَا لِلْمُتَّقِیْنَ اِمَامًا ۟
තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පින වන සිසිල අපට ඇති කරනු මැනව! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව! යැයි පවසන්නන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ یُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوْا وَیُلَقَّوْنَ فِیْهَا تَحِیَّةً وَّسَلٰمًا ۟ۙ
ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමඟ හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خٰلِدِیْنَ فِیْهَا ؕ— حَسُنَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
ඔවුන් එහි සදාතනිකයින් ය. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَا یَعْبَؤُا بِكُمْ رَبِّیْ لَوْلَا دُعَآؤُكُمْ ۚ— فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ یَكُوْنُ لِزَامًا ۟۠
නුඹලාගේ කන්නලව්ව නො වී නම් මාගේ පරමාධිපති නුඹලාව ඉතිරි නො කරනු ඇත. එහෙත් නුඹලා බොරු කළෙහු ය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ፉርቃን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት