የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አን ነምል   አንቀጽ:

සූරා අන් නම්ල්

طٰسٓ ۫— تِلْكَ اٰیٰتُ الْقُرْاٰنِ وَكِتَابٍ مُّبِیْنٍ ۟ۙ
තා, සීන්. මේවා අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُدًی وَّبُشْرٰی لِلْمُؤْمِنِیْنَ ۟ۙ
දේවත්වය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ یُوْقِنُوْنَ ۟
ඔවුන් වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. zසකාත් ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහු ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ زَیَّنَّا لَهُمْ اَعْمَالَهُمْ فَهُمْ یَعْمَهُوْنَ ۟ؕ
නියත වශයෙන් ම මතුලොව පිළිබඳ විශ්වාස නො කරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) මුලාවෙහි සිටින්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ لَهُمْ سُوْٓءُ الْعَذَابِ وَهُمْ فِی الْاٰخِرَةِ هُمُ الْاَخْسَرُوْنَ ۟
නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහු ම ය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහු ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّكَ لَتُلَقَّی الْقُرْاٰنَ مِنْ لَّدُنْ حَكِیْمٍ عَلِیْمٍ ۟
තවද (නබිවරය,) සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන් ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ مُوْسٰی لِاَهْلِهٖۤ اِنِّیْۤ اٰنَسْتُ نَارًا ؕ— سَاٰتِیْكُمْ مِّنْهَا بِخَبَرٍ اَوْ اٰتِیْكُمْ بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُوْنَ ۟
නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَهَا نُوْدِیَ اَنْ بُوْرِكَ مَنْ فِی النَّارِ وَمَنْ حَوْلَهَا ؕ— وَسُبْحٰنَ اللّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟
එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබී ය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰمُوْسٰۤی اِنَّهٗۤ اَنَا اللّٰهُ الْعَزِیْزُ الْحَكِیْمُ ۟ۙ
(එවිට) අහෝ මූසා! නියත වශයෙන් ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَلْقِ عَصَاكَ ؕ— فَلَمَّا رَاٰهَا تَهْتَزُّ كَاَنَّهَا جَآنٌّ وَّلّٰی مُدْبِرًا وَّلَمْ یُعَقِّبْ ؕ— یٰمُوْسٰی لَا تَخَفْ ۫— اِنِّیْ لَا یَخَافُ لَدَیَّ الْمُرْسَلُوْنَ ۟ۗۖ
තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ නලියමින් සිටිනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේ ය. තවද ඔහු නැවත හැරී නො බැලුවේ ය. අහෝ මූසා! නුඹ බිය නො වනු. නියත වශයෙන් ම මම වනාහි, මා ඉදිරියේ ධර්ම දූතයෝ බිය නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوْٓءٍ فَاِنِّیْ غَفُوْرٌ رَّحِیْمٌ ۟
එහෙත් අපරාධයක් සිදු කොට අනතුරුව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَدْخِلْ یَدَكَ فِیْ جَیْبِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ ۫— فِیْ تِسْعِ اٰیٰتٍ اِلٰی فِرْعَوْنَ وَقَوْمِهٖ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَتْهُمْ اٰیٰتُنَا مُبْصِرَةً قَالُوْا هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟ۚ
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَحَدُوْا بِهَا وَاسْتَیْقَنَتْهَاۤ اَنْفُسُهُمْ ظُلْمًا وَّعُلُوًّا ؕ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِیْنَ ۟۠
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතුව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අවධානයෙන් බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا دَاوٗدَ وَسُلَیْمٰنَ عِلْمًا ۚ— وَقَالَا الْحَمْدُ لِلّٰهِ الَّذِیْ فَضَّلَنَا عَلٰی كَثِیْرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِیْنَ ۟
තවද සැබැවින් ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතරින් දේවත්වය විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوَرِثَ سُلَیْمٰنُ دَاوٗدَ وَقَالَ یٰۤاَیُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّیْرِ وَاُوْتِیْنَا مِنْ كُلِّ شَیْءٍ ؕ— اِنَّ هٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِیْنُ ۟
තවද සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේ ය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබී ය. තවද සෑම දෙයකින් ම අපට පිරිනමනු ලැබී ය. නියත වශයෙන් ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَحُشِرَ لِسُلَیْمٰنَ جُنُوْدُهٗ مِنَ الْجِنِّ وَالْاِنْسِ وَالطَّیْرِ فَهُمْ یُوْزَعُوْنَ ۟
සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් වර්ගයාගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදි. පසුව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَاۤ اَتَوْا عَلٰی وَادِ النَّمْلِ ۙ— قَالَتْ نَمْلَةٌ یّٰۤاَیُّهَا النَّمْلُ ادْخُلُوْا مَسٰكِنَكُمْ ۚ— لَا یَحْطِمَنَّكُمْ سُلَیْمٰنُ وَجُنُوْدُهٗ ۙ— وَهُمْ لَا یَشْعُرُوْنَ ۟
කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත්ව නුඹලා පාගා නො දැමිය යුතු යැයි කුහුඹුවක් කීවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَبَسَّمَ ضَاحِكًا مِّنْ قَوْلِهَا وَقَالَ رَبِّ اَوْزِعْنِیْۤ اَنْ اَشْكُرَ نِعْمَتَكَ الَّتِیْۤ اَنْعَمْتَ عَلَیَّ وَعَلٰی وَالِدَیَّ وَاَنْ اَعْمَلَ صَالِحًا تَرْضٰىهُ وَاَدْخِلْنِیْ بِرَحْمَتِكَ فِیْ عِبَادِكَ الصّٰلِحِیْنَ ۟
උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَفَقَّدَ الطَّیْرَ فَقَالَ مَا لِیَ لَاۤ اَرَی الْهُدْهُدَ ۖؗ— اَمْ كَانَ مِنَ الْغَآىِٕبِیْنَ ۟
තවද ඔහු (සුලෙයිමාන්) පක්ෂීන්ව නිරීක්ෂණය කළේ ය. හුද් හුද් කුරුල්ලා මා නො දකිනුයේ ඇයි? නැතහොත් ඌ නො පැමිණියවුන් අතරින් වී දැ? යි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَاُعَذِّبَنَّهٗ عَذَابًا شَدِیْدًا اَوْ لَاَاذْبَحَنَّهٗۤ اَوْ لَیَاْتِیَنِّیْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟
මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَكَثَ غَیْرَ بَعِیْدٍ فَقَالَ اَحَطْتُّ بِمَا لَمْ تُحِطْ بِهٖ وَجِئْتُكَ مِنْ سَبَاٍ بِنَبَاٍ یَّقِیْنٍ ۟
නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නො කළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමඟ නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ وَجَدْتُّ امْرَاَةً تَمْلِكُهُمْ وَاُوْتِیَتْ مِنْ كُلِّ شَیْءٍ وَّلَهَا عَرْشٌ عَظِیْمٌ ۟
නියත වශයෙන් ම ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَدْتُّهَا وَقَوْمَهَا یَسْجُدُوْنَ لِلشَّمْسِ مِنْ دُوْنِ اللّٰهِ وَزَیَّنَ لَهُمُ الشَّیْطٰنُ اَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِیْلِ فَهُمْ لَا یَهْتَدُوْنَ ۟ۙ
තවද ඇය හා ඇයගේ ජනයා අල්ලාහ් හැර දමා හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّا یَسْجُدُوْا لِلّٰهِ الَّذِیْ یُخْرِجُ الْخَبْءَ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَیَعْلَمُ مَا تُخْفُوْنَ وَمَا تُعْلِنُوْنَ ۟
අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් කළ යුතු නො වේ ද? තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු දනියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِیْمِ ۟
අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ سَنَنْظُرُ اَصَدَقْتَ اَمْ كُنْتَ مِنَ الْكٰذِبِیْنَ ۟
නුඹ සත්‍යය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතරින් වූයෙහි දැ? යි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْهَبْ بِّكِتٰبِیْ هٰذَا فَاَلْقِهْ اِلَیْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانْظُرْ مَاذَا یَرْجِعُوْنَ ۟
නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් එය ඔවුන් වෙත දමා පසුව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැ? යි නුඹ අධීක්ෂණය කරනු (යැයි පැවසීය).
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَتْ یٰۤاَیُّهَا الْمَلَؤُا اِنِّیْۤ اُلْقِیَ اِلَیَّ كِتٰبٌ كَرِیْمٌ ۟
අහෝ ප්‍රධානියනි! නියත වශයෙන් ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ مِنْ سُلَیْمٰنَ وَاِنَّهٗ بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ ۟ۙ
නියත වශයෙන් ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන් ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّا تَعْلُوْا عَلَیَّ وَاْتُوْنِیْ مُسْلِمِیْنَ ۟۠
නුඹලා මට එරෙහිව අහංකාර නො වනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَتْ یٰۤاَیُّهَا الْمَلَؤُا اَفْتُوْنِیْ فِیْۤ اَمْرِیْ ۚ— مَا كُنْتُ قَاطِعَةً اَمْرًا حَتّٰی تَشْهَدُوْنِ ۟
අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා පැමිණ සාක්ෂි දරන තෙක් මම කිසිදු කරුණක් තීන්දු කරන්නියක් නො වූයෙමි යැයි ඇය පැවසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا نَحْنُ اُولُوْا قُوَّةٍ وَّاُولُوْا بَاْسٍ شَدِیْدٍ ۙ۬— وَّالْاَمْرُ اِلَیْكِ فَانْظُرِیْ مَاذَا تَاْمُرِیْنَ ۟
අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙත ය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැ? යි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَتْ اِنَّ الْمُلُوْكَ اِذَا دَخَلُوْا قَرْیَةً اَفْسَدُوْهَا وَجَعَلُوْۤا اَعِزَّةَ اَهْلِهَاۤ اَذِلَّةً ۚ— وَكَذٰلِكَ یَفْعَلُوْنَ ۟
නියත වශයෙන් ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ යැයි ඇය පැවසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنِّیْ مُرْسِلَةٌ اِلَیْهِمْ بِهَدِیَّةٍ فَنٰظِرَةٌ بِمَ یَرْجِعُ الْمُرْسَلُوْنَ ۟
තවද නියත වශයෙන් ම මම ඔවුන් වෙත ත්‍යාග එවන්නෙක්මි. එමෙන් ම එම දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැ? යි බලා සිටින්නෙක්මි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَ سُلَیْمٰنَ قَالَ اَتُمِدُّوْنَنِ بِمَالٍ ؗ— فَمَاۤ اٰتٰىنِ اللّٰهُ خَیْرٌ مِّمَّاۤ اٰتٰىكُمْ ۚ— بَلْ اَنْتُمْ بِهَدِیَّتِكُمْ تَفْرَحُوْنَ ۟
එවිට සුලෙයිමාන් වෙත ඔහු (දූතයා) පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම් ය. එහෙත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳව සතුටු වන්නෙහුය යැයි (සුලෙයිමාන්) පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِرْجِعْ اِلَیْهِمْ فَلَنَاْتِیَنَّهُمْ بِجُنُوْدٍ لَّا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِّنْهَاۤ اَذِلَّةً وَّهُمْ صٰغِرُوْنَ ۟
නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින් ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට පත් කරමින් පහත් වූවන් ලෙසින් අපි ඔවුන් එයින් පිටුවහල් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ یٰۤاَیُّهَا الْمَلَؤُا اَیُّكُمْ یَاْتِیْنِیْ بِعَرْشِهَا قَبْلَ اَنْ یَّاْتُوْنِیْ مُسْلِمِیْنَ ۟
අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැ? යි ඔහු (සුලෙයිමාන්) විමසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ عِفْرِیْتٌ مِّنَ الْجِنِّ اَنَا اٰتِیْكَ بِهٖ قَبْلَ اَنْ تَقُوْمَ مِنْ مَّقَامِكَ ۚ— وَاِنِّیْ عَلَیْهِ لَقَوِیٌّ اَمِیْنٌ ۟
ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන් ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතරින් බලවතෙක් පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ الَّذِیْ عِنْدَهٗ عِلْمٌ مِّنَ الْكِتٰبِ اَنَا اٰتِیْكَ بِهٖ قَبْلَ اَنْ یَّرْتَدَّ اِلَیْكَ طَرْفُكَ ؕ— فَلَمَّا رَاٰهُ مُسْتَقِرًّا عِنْدَهٗ قَالَ هٰذَا مِنْ فَضْلِ رَبِّیْ ۫— لِیَبْلُوَنِیْۤ ءَاَشْكُرُ اَمْ اَكْفُرُ ؕ— وَمَنْ شَكَرَ فَاِنَّمَا یَشْكُرُ لِنَفْسِهٖ ۚ— وَمَنْ كَفَرَ فَاِنَّ رَبِّیْ غَنِیٌّ كَرِیْمٌ ۟
ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසී ය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි "මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැ? යි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි" යැයි (සුලෙයිමාන්) පැවසී ය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන් ම ය. තවද කවරෙකු ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන් ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ نَكِّرُوْا لَهَا عَرْشَهَا نَنْظُرْ اَتَهْتَدِیْۤ اَمْ تَكُوْنُ مِنَ الَّذِیْنَ لَا یَهْتَدُوْنَ ۟
ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදිව හඳුනා ගන්නී ද එසේ නැතහොත් හඳුනා නො ගන්නවුන් අතරින් වන්නී දැ? යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَتْ قِیْلَ اَهٰكَذَا عَرْشُكِ ؕ— قَالَتْ كَاَنَّهٗ هُوَ ۚ— وَاُوْتِیْنَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِیْنَ ۟
පසුව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැ? යි විමසනු ලැබී ය. ඇය නියත වශයෙන් ම මෙය එය වගේ මය යැයි (රැජිණ) පැවසුවා ය. තවද ඇයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් වූයෙමු (යැයි සුලෙයිමාන් පැවසීය).
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَصَدَّهَا مَا كَانَتْ تَّعْبُدُ مِنْ دُوْنِ اللّٰهِ ؕ— اِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كٰفِرِیْنَ ۟
අල්ලාහ් හැර දමා ඇය නමදිමින් සිටි දෑ ඇයව වැළැක් වීය. නියත වශයෙන් ම ඇය දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයා අතරින් කෙනෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قِیْلَ لَهَا ادْخُلِی الصَّرْحَ ۚ— فَلَمَّا رَاَتْهُ حَسِبَتْهُ لُجَّةً وَّكَشَفَتْ عَنْ سَاقَیْهَا ؕ— قَالَ اِنَّهٗ صَرْحٌ مُّمَرَّدٌ مِّنْ قَوَارِیْرَ ؕ۬— قَالَتْ رَبِّ اِنِّیْ ظَلَمْتُ نَفْسِیْ وَاَسْلَمْتُ مَعَ سُلَیْمٰنَ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟۠
ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබී ය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවා ය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තා ය. නියත වශයෙන් ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය. මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමඟ සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَرْسَلْنَاۤ اِلٰی ثَمُوْدَ اَخَاهُمْ صٰلِحًا اَنِ اعْبُدُوا اللّٰهَ فَاِذَا هُمْ فَرِیْقٰنِ یَخْتَصِمُوْنَ ۟
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින් ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ یٰقَوْمِ لِمَ تَسْتَعْجِلُوْنَ بِالسَّیِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۚ— لَوْلَا تَسْتَغْفِرُوْنَ اللّٰهَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
මාගේ ජනයිනි! යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නො වේ දැ? යි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوا اطَّیَّرْنَا بِكَ وَبِمَنْ مَّعَكَ ؕ— قَالَ طٰٓىِٕرُكُمْ عِنْدَ اللّٰهِ بَلْ اَنْتُمْ قَوْمٌ تُفْتَنُوْنَ ۟
නුඹ හා නුඹ සමඟ වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් අබියස ඇත. එහෙත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَانَ فِی الْمَدِیْنَةِ تِسْعَةُ رَهْطٍ یُّفْسِدُوْنَ فِی الْاَرْضِ وَلَا یُصْلِحُوْنَ ۟
තවද මහපොළොවේ කලහකම් කරන එමෙන් ම විධිමත් නො කරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَقَاسَمُوْا بِاللّٰهِ لَنُبَیِّتَنَّهٗ وَاَهْلَهٗ ثُمَّ لَنَقُوْلَنَّ لِوَلِیِّهٖ مَا شَهِدْنَا مَهْلِكَ اَهْلِهٖ وَاِنَّا لَصٰدِقُوْنَ ۟
නියත වශයෙන් ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ විනාශ කර දමමු. පසුව ඔහුගේ පවුලේ විනාශය අපි නො දුටුවෙමු. නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු වෙමු යැයි ඔහුගේ භාරකාර අයට පවසන්නෙමු යැයි අල්ලාහ් මත දිවුරා ඔවුහු පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَكَرُوْا مَكْرًا وَّمَكَرْنَا مَكْرًا وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
ඔවුහු දැඩි කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝ ය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ ۙ— اَنَّا دَمَّرْنٰهُمْ وَقَوْمَهُمْ اَجْمَعِیْنَ ۟
ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැ? යි ඔබ මැනවින් බලනු. නියත වශයෙන් ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتِلْكَ بُیُوْتُهُمْ خَاوِیَةً بِمَا ظَلَمُوْا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන් ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْجَیْنَا الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟
තවද දේවත්වය විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلُوْطًا اِذْ قَالَ لِقَوْمِهٖۤ اَتَاْتُوْنَ الْفَاحِشَةَ وَاَنْتُمْ تُبْصِرُوْنَ ۟
තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම අශීලාචාර දෑ වෙත පැමිණෙන්නෙහු දැ? යි විමසූ අවස්ථාව සිහිපත් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَىِٕنَّكُمْ لَتَاْتُوْنَ الرِّجَالَ شَهْوَةً مِّنْ دُوْنِ النِّسَآءِ ؕ— بَلْ اَنْتُمْ قَوْمٌ تَجْهَلُوْنَ ۟
කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතුව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? එසේය, නුඹලා අඥාන පිරිසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوْۤا اَخْرِجُوْۤا اٰلَ لُوْطٍ مِّنْ قَرْیَتِكُمْ ۚ— اِنَّهُمْ اُنَاسٌ یَّتَطَهَّرُوْنَ ۟
නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන් ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْجَیْنٰهُ وَاَهْلَهٗۤ اِلَّا امْرَاَتَهٗ ؗ— قَدَّرْنٰهَا مِنَ الْغٰبِرِیْنَ ۟
එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතර පත් වීමට අපි සැළසුම් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمْطَرْنَا عَلَیْهِمْ مَّطَرًا ۚ— فَسَآءَ مَطَرُ الْمُنْذَرِیْنَ ۟۠
තවද අපි ඔවුන් වෙත (ගල්) වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන් මත පතිත වූ වර්ෂාව නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ الْحَمْدُ لِلّٰهِ وَسَلٰمٌ عَلٰی عِبَادِهِ الَّذِیْنَ اصْطَفٰی ؕ— ءٰٓاللّٰهُ خَیْرٌ اَمَّا یُشْرِكُوْنَ ۟
(නබිවරය!) නුඹ පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَاَنْزَلَ لَكُمْ مِّنَ السَّمَآءِ مَآءً ۚ— فَاَنْۢبَتْنَا بِهٖ حَدَآىِٕقَ ذَاتَ بَهْجَةٍ ۚ— مَا كَانَ لَكُمْ اَنْ تُنْۢبِتُوْا شَجَرَهَا ؕ— ءَاِلٰهٌ مَّعَ اللّٰهِ ؕ— بَلْ هُمْ قَوْمٌ یَّعْدِلُوْنَ ۟ؕ
(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමඟින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ جَعَلَ الْاَرْضَ قَرَارًا وَّجَعَلَ خِلٰلَهَاۤ اَنْهٰرًا وَّجَعَلَ لَهَا رَوَاسِیَ وَجَعَلَ بَیْنَ الْبَحْرَیْنِ حَاجِزًا ؕ— ءَاِلٰهٌ مَّعَ اللّٰهِ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟ؕ
එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කර ඒ අතර ගංගාවන් ඇති කර එහි කඳු ද ඇති කර මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ یُّجِیْبُ الْمُضْطَرَّ اِذَا دَعَاهُ وَیَكْشِفُ السُّوْٓءَ وَیَجْعَلُكُمْ خُلَفَآءَ الْاَرْضِ ؕ— ءَاِلٰهٌ مَّعَ اللّٰهِ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟ؕ
එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා (උතුම්) ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ සුළු වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ یَّهْدِیْكُمْ فِیْ ظُلُمٰتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ یُّرْسِلُ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ؕ— ءَاِلٰهٌ مَّعَ اللّٰهِ ؕ— تَعٰلَی اللّٰهُ عَمَّا یُشْرِكُوْنَ ۟ؕ
එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා (උතුම්) ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවන්නා (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතර ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ یَّبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ وَمَنْ یَّرْزُقُكُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ ؕ— ءَاِلٰهٌ مَّعَ اللّٰهِ ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසුව යළි (ප්‍රාණය දී) ගෙන එන්නා (උතුම්) ද? තවද අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙන්නා (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّا یَعْلَمُ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ الْغَیْبَ اِلَّا اللّٰهُ ؕ— وَمَا یَشْعُرُوْنَ اَیَّانَ یُبْعَثُوْنَ ۟
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්‍යමාන දෑ නො දනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදා දැ? යි ද ඔවුහු නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلِ ادّٰرَكَ عِلْمُهُمْ فِی الْاٰخِرَةِ ۫— بَلْ هُمْ فِیْ شَكٍّ مِّنْهَا ۫— بَلْ هُمْ مِّنْهَا عَمُوْنَ ۟۠
එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. එහෙත් ඔවුන් ඒ ගැන සැකයෙහි ය. එහෙත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْۤا ءَاِذَا كُنَّا تُرٰبًا وَّاٰبَآؤُنَاۤ اَىِٕنَّا لَمُخْرَجُوْنَ ۟
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත්ව සිටියදී නියත වශයෙන් ම අපි බැහැර කරනු ලබන්නෝ වෙමි දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ وُعِدْنَا هٰذَا نَحْنُ وَاٰبَآؤُنَا مِنْ قَبْلُ ۙ— اِنْ هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِیْنَ ۟
මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَحْزَنْ عَلَیْهِمْ وَلَا تَكُنْ فِیْ ضَیْقٍ مِّمَّا یَمْكُرُوْنَ ۟
තවද ඔවුන් කෙරෙහි ඔබ දුක් නො වනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණය හේතුවෙන් ඔබ පීඩනයට පත් නො වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි ඔවුහු විමසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ عَسٰۤی اَنْ یَّكُوْنَ رَدِفَ لَكُمْ بَعْضُ الَّذِیْ تَسْتَعْجِلُوْنَ ۟
නුඹලා ඉක්මනින් පතන දැයින් කොටසක් නුඹලාට ළඟා වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَشْكُرُوْنَ ۟
තවද නියත වශයෙන් ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලී ය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَیَعْلَمُ مَا تُكِنُّ صُدُوْرُهُمْ وَمَا یُعْلِنُوْنَ ۟
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම ඔබේ පරමාධිපති දනී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مِنْ غَآىِٕبَةٍ فِی السَّمَآءِ وَالْاَرْضِ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟
තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذَا الْقُرْاٰنَ یَقُصُّ عَلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ اَكْثَرَ الَّذِیْ هُمْ فِیْهِ یَخْتَلِفُوْنَ ۟
කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන් ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَهُدًی وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۟
තවද නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දේවත්වය විශ්වාස කරන්නන්හට දයාවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ بِحُكْمِهٖ ۚ— وَهُوَ الْعَزِیْزُ الْعَلِیْمُ ۟ۚ
නියත වශයෙන් ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහු මය සර්ව ඥානී සර්ව බලධාරී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— اِنَّكَ عَلَی الْحَقِّ الْمُبِیْنِ ۟
එහෙයින් ඔබ අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන් ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّكَ لَا تُسْمِعُ الْمَوْتٰی وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ اِذَا وَلَّوْا مُدْبِرِیْنَ ۟
නියත වශයෙන් ම නුඹට මළවුන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන්ට ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැකි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَنْتَ بِهٰدِی الْعُمْیِ عَنْ ضَلٰلَتِهِمْ ؕ— اِنْ تُسْمِعُ اِلَّا مَنْ یُّؤْمِنُ بِاٰیٰتِنَا فَهُمْ مُّسْلِمُوْنَ ۟
තවද අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. නුඹට සවන් වැකෙන්නට සැළැස්විය හැක්කේ අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් ලෙස සිටියවුන්ට පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَیْهِمْ اَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ الْاَرْضِ تُكَلِّمُهُمْ ۙ— اَنَّ النَّاسَ كَانُوْا بِاٰیٰتِنَا لَا یُوْقِنُوْنَ ۟۠
තවද ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ විට ‘නියත වශයෙන් ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නො කරමින් සිටියහ’ යැයි ඔවුන් සමඟ කතා කරන සත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ نَحْشُرُ مِنْ كُلِّ اُمَّةٍ فَوْجًا مِّمَّنْ یُّكَذِّبُ بِاٰیٰتِنَا فَهُمْ یُوْزَعُوْنَ ۟
තවද සෑම සමූහයකින් ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනයේ ඔවුහු පෙළ ගස්වා තබනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا جَآءُوْ قَالَ اَكَذَّبْتُمْ بِاٰیٰتِیْ وَلَمْ تُحِیْطُوْا بِهَا عِلْمًا اَمَّاذَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නො තිබිය දී නුඹලා එය බොරු කළෙහු ද? එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක් දැ? යි ඔහු විමසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَوَقَعَ الْقَوْلُ عَلَیْهِمْ بِمَا ظَلَمُوْا فَهُمْ لَا یَنْطِقُوْنَ ۟
තවද ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය නියම වනු ඇත. එවිට ඔවුහු (කිසිවක්) කතා නො කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ یَرَوْا اَنَّا جَعَلْنَا الَّیْلَ لِیَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රිය හා පෙනෙන්නක් ලෙස දහවල නියත වශයෙන් ම අපි ඇති කළ බව ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَفَزِعَ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ اِلَّا مَنْ شَآءَ اللّٰهُ ؕ— وَكُلٌّ اَتَوْهُ دٰخِرِیْنَ ۟
තවද හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත යටහත් වන්නන් ලෙසින් පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَی الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَّهِیَ تَمُرُّ مَرَّ السَّحَابِ ؕ— صُنْعَ اللّٰهِ الَّذِیْۤ اَتْقَنَ كُلَّ شَیْءٍ ؕ— اِنَّهٗ خَبِیْرٌ بِمَا تَفْعَلُوْنَ ۟
තවද ඔබ ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහි ය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකට ම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ خَیْرٌ مِّنْهَا ۚ— وَهُمْ مِّنْ فَزَعٍ یَّوْمَىِٕذٍ اٰمِنُوْنَ ۟
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَكُبَّتْ وُجُوْهُهُمْ فِی النَّارِ ؕ— هَلْ تُجْزَوْنَ اِلَّا مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑට හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද? (යැයි පවසනු ලැබේ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَاۤ اُمِرْتُ اَنْ اَعْبُدَ رَبَّ هٰذِهِ الْبَلْدَةِ الَّذِیْ حَرَّمَهَا وَلَهٗ كُلُّ شَیْءٍ ؗ— وَّاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُسْلِمِیْنَ ۟ۙ
නියත වශයෙන් ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමදුම් කිරීමට ය. තවද සියලු දෑ ඔහු සතු ය. තවද මම (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْ اَتْلُوَا الْقُرْاٰنَ ۚ— فَمَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَقُلْ اِنَّمَاۤ اَنَا مِنَ الْمُنْذِرِیْنَ ۟
තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන් ම මම අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلِ الْحَمْدُ لِلّٰهِ سَیُرِیْكُمْ اٰیٰتِهٖ فَتَعْرِفُوْنَهَا ؕ— وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟۠
සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නො වේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አን ነምል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት