የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አር ሩም   አንቀጽ:

සූරා අර් රූම්

الٓمّٓ ۟ۚ
අලිෆ්, ලාම්, මීම්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
غُلِبَتِ الرُّوْمُ ۟ۙ
රෝමය පරාජයට පත් කරනු ලැබී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْۤ اَدْنَی الْاَرْضِ وَهُمْ مِّنْ بَعْدِ غَلَبِهِمْ سَیَغْلِبُوْنَ ۟ۙ
රෝම රාජ්‍යය (අසල පිහිටි) පහත් භූමියෙහි ඔවුන් පරාජයට පත් කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ජයග්‍රහණය කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ بِضْعِ سِنِیْنَ ؕ۬— لِلّٰهِ الْاَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ؕ— وَیَوْمَىِٕذٍ یَّفْرَحُ الْمُؤْمِنُوْنَ ۟ۙ
(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු බලය අල්ලාහ් සතු ය. තවද එදින දේවත්වය විශ්වාස කරන්නෝ සතුටු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِنَصْرِ اللّٰهِ ؕ— یَنْصُرُ مَنْ یَّشَآءُ ؕ— وَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟ۙ
අල්ලාහ්ගේ උදව්ව මඟින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා කරුණාවන්ත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعْدَ اللّٰهِ ؕ— لَا یُخْلِفُ اللّٰهُ وَعْدَهٗ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
තවද (රෝම ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නො කරයි. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعْلَمُوْنَ ظَاهِرًا مِّنَ الْحَیٰوةِ الدُّنْیَا ۖۚ— وَهُمْ عَنِ الْاٰخِرَةِ هُمْ غٰفِلُوْنَ ۟
මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. එහෙත් මතු ලොව පිළිබඳව ඔවුහු අනවධානීන් ලෙස ම සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَتَفَكَّرُوْا فِیْۤ اَنْفُسِهِمْ ۫— مَا خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَاۤ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّی ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكٰفِرُوْنَ ۟
තවද ඔවුහු තමන් ගැන කල්පනා නො කළෝ ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල නිර්ණයකට අනුව මිස අල්ලාහ් මැව්වේ නැත. තවද ජනයා අතරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَانُوْۤا اَشَدَّ مِنْهُمْ قُوَّةً وَّاَثَارُوا الْاَرْضَ وَعَمَرُوْهَاۤ اَكْثَرَ مِمَّا عَمَرُوْهَا وَجَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ ؕ— فَمَا كَانَ اللّٰهُ لِیَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟ؕ
තවද මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු නො බැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝ ය. ඔවුන් මහපොළොවේ අස්වද්දා, මොවුන් පාලනය කළ දෑට වඩා බලවත් ලෙස ඔවුහු එය පරිපාලනය කළෝ ය. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නො වීය. එනමුත් ඔවුහු ඔවුනට ම අපරාධ කරගන්නන් වූවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِیْنَ اَسَآءُوا السُّوْٓاٰۤی اَنْ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ وَكَانُوْا بِهَا یَسْتَهْزِءُوْنَ ۟۠
පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කරමින් සිටි බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟
අල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසුව එය නැවත නිර්මාණය කරයි. පසුව ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یُبْلِسُ الْمُجْرِمُوْنَ ۟
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේ දී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمْ یَكُنْ لَّهُمْ مِّنْ شُرَكَآىِٕهِمْ شُفَعٰٓؤُا وَكَانُوْا بِشُرَكَآىِٕهِمْ كٰفِرِیْنَ ۟
ඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නො වීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّتَفَرَّقُوْنَ ۟
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන්ව යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصَّلِحٰتِ فَهُمْ فِیْ رَوْضَةٍ یُّحْبَرُوْنَ ۟
එහෙත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَا وَلِقَآئِ الْاٰخِرَةِ فَاُولٰٓىِٕكَ فِی الْعَذَابِ مُحْضَرُوْنَ ۟
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමුව බොරු කළ අය වූ කලී ඔවුහු මය දඬුවම් දීමට ගෙන එනු ලබන්නෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسُبْحٰنَ اللّٰهِ حِیْنَ تُمْسُوْنَ وَحِیْنَ تُصْبِحُوْنَ ۟
අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهُ الْحَمْدُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَعَشِیًّا وَّحِیْنَ تُظْهِرُوْنَ ۟
අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යාහ්න කාලයට එළැඹෙන විටත් (සුවිශුද්ධ කරනු).
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ وَیُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— وَكَذٰلِكَ تُخْرَجُوْنَ ۟۠
ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසුව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ اِذَاۤ اَنْتُمْ بَشَرٌ تَنْتَشِرُوْنَ ۟
නුඹලා පසින් මැවීම, පසුව නුඹලා (මහපොළොවේ) මිනිසුන් ලෙසින් විසිර සිටීම ඔහුගේ සංඥා අතරිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ خَلَقَ لَكُمْ مِّنْ اَنْفُسِكُمْ اَزْوَاجًا لِّتَسْكُنُوْۤا اِلَیْهَا وَجَعَلَ بَیْنَكُمْ مَّوَدَّةً وَّرَحْمَةً ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
තවද නුඹලා ඇය සමඟ වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින් ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේ ය. නියත වශයෙන් ම එහි සිතන ජනයාට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖ خَلْقُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافُ اَلْسِنَتِكُمْ وَاَلْوَانِكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّلْعٰلِمِیْنَ ۟
තවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖ مَنَامُكُمْ بِالَّیْلِ وَالنَّهَارِ وَابْتِغَآؤُكُمْ مِّنْ فَضْلِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّسْمَعُوْنَ ۟
තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖ یُرِیْكُمُ الْبَرْقَ خَوْفًا وَّطَمَعًا وَّیُنَزِّلُ مِنَ السَّمَآءِ مَآءً فَیُحْیٖ بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමඟින් මහපොළොව එය මළ පසුව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන් ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ تَقُوْمَ السَّمَآءُ وَالْاَرْضُ بِاَمْرِهٖ ؕ— ثُمَّ اِذَا دَعَاكُمْ دَعْوَةً ۖۗ— مِّنَ الْاَرْضِ اِذَاۤ اَنْتُمْ تَخْرُجُوْنَ ۟
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— كُلٌّ لَّهٗ قٰنِتُوْنَ ۟
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ وَهُوَ اَهْوَنُ عَلَیْهِ ؕ— وَلَهُ الْمَثَلُ الْاَعْلٰى فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසුව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහු ය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ضَرَبَ لَكُمْ مَّثَلًا مِّنْ اَنْفُسِكُمْ ؕ— هَلْ لَّكُمْ مِّنْ مَّا مَلَكَتْ اَیْمَانُكُمْ مِّنْ شُرَكَآءَ فِیْ مَا رَزَقْنٰكُمْ فَاَنْتُمْ فِیْهِ سَوَآءٌ تَخَافُوْنَهُمْ كَخِیْفَتِكُمْ اَنْفُسَكُمْ ؕ— كَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْقِلُوْنَ ۟
නුඹලා අතරින් ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වී ය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමාන ද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلِ اتَّبَعَ الَّذِیْنَ ظَلَمُوْۤا اَهْوَآءَهُمْ بِغَیْرِ عِلْمٍ ۚ— فَمَنْ یَّهْدِیْ مَنْ اَضَلَّ اللّٰهُ ؕ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
එහෙත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝ ය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවු ද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَقِمْ وَجْهَكَ لِلدِّیْنِ حَنِیْفًا ؕ— فِطْرَتَ اللّٰهِ الَّتِیْ فَطَرَ النَّاسَ عَلَیْهَا ؕ— لَا تَبْدِیْلَ لِخَلْقِ اللّٰهِ ؕ— ذٰلِكَ الدِّیْنُ الْقَیِّمُ ۙۗ— وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟ۗۙ
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංකව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُنِیْبِیْنَ اِلَیْهِ وَاتَّقُوْهُ وَاَقِیْمُوا الصَّلٰوةَ وَلَا تَكُوْنُوْا مِنَ الْمُشْرِكِیْنَ ۟ۙ
ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නො වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنَ الَّذِیْنَ فَرَّقُوْا دِیْنَهُمْ وَكَانُوْا شِیَعًا ؕ— كُلُّ حِزْبٍ بِمَا لَدَیْهِمْ فَرِحُوْنَ ۟
(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُمْ مُّنِیْبِیْنَ اِلَیْهِ ثُمَّ اِذَاۤ اَذَاقَهُمْ مِّنْهُ رَحْمَةً اِذَا فَرِیْقٌ مِّنْهُمْ بِرَبِّهِمْ یُشْرِكُوْنَ ۟ۙ
තවද මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසුව එයින් ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَكْفُرُوْا بِمَاۤ اٰتَیْنٰهُمْ ؕ— فَتَمَتَّعُوْا ۥ— فَسَوْفَ تَعْلَمُوْنَ ۟
(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ اَنْزَلْنَا عَلَیْهِمْ سُلْطٰنًا فَهُوَ یَتَكَلَّمُ بِمَا كَانُوْا بِهٖ یُشْرِكُوْنَ ۟
එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන සාධකයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَاۤ اَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوْا بِهَا ؕ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ اِذَا هُمْ یَقْنَطُوْنَ ۟
තවද ජනයාට ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමඟින් සතුටු වෙති. එහෙත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
තවද නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاٰتِ ذَا الْقُرْبٰى حَقَّهٗ وَالْمِسْكِیْنَ وَابْنَ السَّبِیْلِ ؕ— ذٰلِكَ خَیْرٌ لِّلَّذِیْنَ یُرِیْدُوْنَ وَجْهَ اللّٰهِ ؗ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
එහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන්හට එය උතුම් ය. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اٰتَیْتُمْ مِّنْ رِّبًا لِّیَرْبُوَاۡ فِیْۤ اَمْوَالِ النَّاسِ فَلَا یَرْبُوْا عِنْدَ اللّٰهِ ۚ— وَمَاۤ اٰتَیْتُمْ مِّنْ زَكٰوةٍ تُرِیْدُوْنَ وَجْهَ اللّٰهِ فَاُولٰٓىِٕكَ هُمُ الْمُضْعِفُوْنَ ۟
තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහු මය ගුණ කරනු ලබන්නෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یُحْیِیْكُمْ ؕ— هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّفْعَلُ مِنْ ذٰلِكُمْ مِّنْ شَیْءٍ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰى عَمَّا یُشْرِكُوْنَ ۟۠
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේ ය. නුඹලාට පෝෂණය දුන්නේ ය. පසුව ඔහු නුඹලා මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ජීවය දෙන්නේ ය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුර ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ظَهَرَ الْفَسَادُ فِی الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ اَیْدِی النَّاسِ لِیُذِیْقَهُمْ بَعْضَ الَّذِیْ عَمِلُوْا لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلُ ؕ— كَانَ اَكْثَرُهُمْ مُّشْرِكِیْنَ ۟
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَقِمْ وَجْهَكَ لِلدِّیْنِ الْقَیِّمِ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَ یَوْمٌ لَّا مَرَدَّ لَهٗ مِنَ اللّٰهِ یَوْمَىِٕذٍ یَّصَّدَّعُوْنَ ۟
එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන්ව විසිර යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ كَفَرَ فَعَلَیْهِ كُفْرُهٗ ۚ— وَمَنْ عَمِلَ صَالِحًا فَلِاَنْفُسِهِمْ یَمْهَدُوْنَ ۟ۙ
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට ම එරෙහිව ය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන් ම ඔවුහු සැලසුම් කර ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصَّلِحٰتِ مِنْ فَضْلِهٖ ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْكٰفِرِیْنَ ۟
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නො කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ یُّرْسِلَ الرِّیٰحَ مُبَشِّرٰتٍ وَّلِیُذِیْقَكُمْ مِّنْ رَّحْمَتِهٖ وَلِتَجْرِیَ الْفُلْكُ بِاَمْرِهٖ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන් ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا اِلٰى قَوْمِهِمْ فَجَآءُوْهُمْ بِالْبَیِّنٰتِ فَانْتَقَمْنَا مِنَ الَّذِیْنَ اَجْرَمُوْا ؕ— وَكَانَ حَقًّا عَلَیْنَا نَصْرُ الْمُؤْمِنِیْنَ ۟
තවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින් ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. පසුව (එය ඔවුහු නො පිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ یُرْسِلُ الرِّیٰحَ فَتُثِیْرُ سَحَابًا فَیَبْسُطُهٗ فِی السَّمَآءِ كَیْفَ یَشَآءُ وَیَجْعَلُهٗ كِسَفًا فَتَرَی الْوَدْقَ یَخْرُجُ مِنْ خِلٰلِهٖ ۚ— فَاِذَاۤ اَصَابَ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖۤ اِذَا هُمْ یَسْتَبْشِرُوْنَ ۟
සුළඟ එවනුයේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එසේ එය ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ كَانُوْا مِنْ قَبْلِ اَنْ یُّنَزَّلَ عَلَیْهِمْ مِّنْ قَبْلِهٖ لَمُبْلِسِیْنَ ۟
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْظُرْ اِلٰۤی اٰثٰرِ رَحْمَتِ اللّٰهِ كَیْفَ یُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— اِنَّ ذٰلِكَ لَمُحْیِ الْمَوْتٰى ۚ— وَهُوَ عَلٰى كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසුව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන් ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නා ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ اَرْسَلْنَا رِیْحًا فَرَاَوْهُ مُصْفَرًّا لَّظَلُّوْا مِنْ بَعْدِهٖ یَكْفُرُوْنَ ۟
තවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنَّكَ لَا تُسْمِعُ الْمَوْتٰى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ اِذَا وَلَّوْا مُدْبِرِیْنَ ۟
(නබිවරය!) එහෙයින් ඔබ මළවුන්ට සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන් පසුපස හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَنْتَ بِهٰدِ الْعُمْیِ عَنْ ضَلٰلَتِهِمْ ؕ— اِنْ تُسْمِعُ اِلَّا مَنْ یُّؤْمِنُ بِاٰیٰتِنَا فَهُمْ مُّسْلِمُوْنَ ۟۠
තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ خَلَقَكُمْ مِّنْ ضُؔعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضُؔعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضُؔعْفًا وَّشَیْبَةً ؕ— یَخْلُقُ مَا یَشَآءُ ۚ— وَهُوَ الْعَلِیْمُ الْقَدِیْرُ ۟
දුබලත්වයේ සිට නුඹලාව මැව්වේ ඔහු ය. අනතුරුව දුබලත්වයෙන් පසුව ඔහු ශක්තිමත් භාවයට පත් කළේ ය. අනතුරුව ශක්තිමත් භාවයෙන් පසුව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේ ය. ඔහු සර්ව ඥානී ය; සර්ව බලසම්පන්න ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یُقْسِمُ الْمُجْرِمُوْنَ ۙ۬— مَا لَبِثُوْا غَیْرَ سَاعَةٍ ؕ— كَذٰلِكَ كَانُوْا یُؤْفَكُوْنَ ۟
තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නො සිටි බවට දිවුරා සිටිති. එලෙසය, ඔවුහු වෙනතකට යොමු කරනු ලබමින් සිටියේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ وَالْاِیْمَانَ لَقَدْ لَبِثْتُمْ فِیْ كِتٰبِ اللّٰهِ اِلٰى یَوْمِ الْبَعْثِ ؗ— فَهٰذَا یَوْمُ الْبَعْثِ وَلٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
තවද නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහු ය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවෝ පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَوْمَىِٕذٍ لَّا یَنْفَعُ الَّذِیْنَ ظَلَمُوْا مَعْذِرَتُهُمْ وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟
එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِیْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍ ؕ— وَلَىِٕنْ جِئْتَهُمْ بِاٰیَةٍ لَّیَقُوْلَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ اَنْتُمْ اِلَّا مُبْطِلُوْنَ ۟
තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින් ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත නුඹ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්‍යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන් ම පවසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ یَطْبَعُ اللّٰهُ عَلٰى قُلُوْبِ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟
වටහා නො ගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلَا یَسْتَخِفَّنَّكَ الَّذِیْنَ لَا یُوْقِنُوْنَ ۟۠
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසා සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නො කරන්නන් ඔබව සුළු කොට නොතැකිය යුතු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አር ሩም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት