የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ጋፊር   አንቀጽ:

සූරා ගාෆිර්

حٰمٓ ۟ۚ
හා මීම්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْعَلِیْمِ ۟ۙ
(මෙය) සර්ව බලධාරී, සර්වඥානී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
غَافِرِ الذَّنْۢبِ وَقَابِلِ التَّوْبِ شَدِیْدِ الْعِقَابِ ذِی الطَّوْلِ ؕ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— اِلَیْهِ الْمَصِیْرُ ۟
(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්‍යාගශීලීය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا یُجَادِلُ فِیْۤ اٰیٰتِ اللّٰهِ اِلَّا الَّذِیْنَ كَفَرُوْا فَلَا یَغْرُرْكَ تَقَلُّبُهُمْ فِی الْبِلَادِ ۟
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් හැර වෙනත් කිසිවකු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නො කරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබව රවටා නො දැමිය යුතු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ وَّالْاَحْزَابُ مِنْ بَعْدِهِمْ ۪— وَهَمَّتْ كُلُّ اُمَّةٍ بِرَسُوْلِهِمْ لِیَاْخُذُوْهُ وَجٰدَلُوْا بِالْبَاطِلِ لِیُدْحِضُوْا بِهِ الْحَقَّ فَاَخَذْتُهُمْ ۫— فَكَیْفَ كَانَ عِقَابِ ۟
ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ ධර්ම දූතවරුන්ව) බොරු කළෝ ය. සෑම සමූහයක් ම තමන්ගේ ධර්ම දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝ ය. තවද ඔවුන් සත්‍යය විනාශ කරනු පිණිස ව්‍යාජ දැයින් තර්ක කළෝ ය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَی الَّذِیْنَ كَفَرُوْۤا اَنَّهُمْ اَصْحٰبُ النَّارِ ۟
තවද එලෙස ම නියත වශයෙන් ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි නුඹේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ یَحْمِلُوْنَ الْعَرْشَ وَمَنْ حَوْلَهٗ یُسَبِّحُوْنَ بِحَمْدِ رَبِّهِمْ وَیُؤْمِنُوْنَ بِهٖ وَیَسْتَغْفِرُوْنَ لِلَّذِیْنَ اٰمَنُوْا ۚ— رَبَّنَا وَسِعْتَ كُلَّ شَیْءٍ رَّحْمَةً وَّعِلْمًا فَاغْفِرْ لِلَّذِیْنَ تَابُوْا وَاتَّبَعُوْا سَبِیْلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِیْمِ ۟
අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහි ය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَا وَاَدْخِلْهُمْ جَنّٰتِ عَدْنِ ١لَّتِیْ وَعَدْتَّهُمْ وَمَنْ صَلَحَ مِنْ اٰبَآىِٕهِمْ وَاَزْوَاجِهِمْ وَذُرِّیّٰتِهِمْ ؕ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟ۙ
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන් ම ඔබ සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِهِمُ السَّیِّاٰتِ ؕ— وَمَنْ تَقِ السَّیِّاٰتِ یَوْمَىِٕذٍ فَقَدْ رَحِمْتَهٗ ؕ— وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠
තවද ඔබ ඔවුන් නපුරු දැයින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු දැයින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහි ය. තවද එයයි අතිමහත් ජයග්‍රහණ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا یُنَادَوْنَ لَمَقْتُ اللّٰهِ اَكْبَرُ مِنْ مَّقْتِكُمْ اَنْفُسَكُمْ اِذْ تُدْعَوْنَ اِلَی الْاِیْمَانِ فَتَكْفُرُوْنَ ۟
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا رَبَّنَاۤ اَمَتَّنَا اثْنَتَیْنِ وَاَحْیَیْتَنَا اثْنَتَیْنِ فَاعْتَرَفْنَا بِذُنُوْبِنَا فَهَلْ اِلٰی خُرُوْجٍ مِّنْ سَبِیْلٍ ۟
අපගේ පරමාධිපතියාණනි! ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහි ය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහි ය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ? යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නනෝ) විමසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكُمْ بِاَنَّهٗۤ اِذَا دُعِیَ اللّٰهُ وَحْدَهٗ كَفَرْتُمْ ۚ— وَاِنْ یُّشْرَكْ بِهٖ تُؤْمِنُوْا ؕ— فَالْحُكْمُ لِلّٰهِ الْعَلِیِّ الْكَبِیْرِ ۟
එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළ බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ یُرِیْكُمْ اٰیٰتِهٖ وَیُنَزِّلُ لَكُمْ مِّنَ السَّمَآءِ رِزْقًا ؕ— وَمَا یَتَذَكَّرُ اِلَّا مَنْ یُّنِیْبُ ۟
ඔහු වනාහි ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) උපදෙස් නො ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَادْعُوا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَفِیْعُ الدَّرَجٰتِ ذُو الْعَرْشِ ۚ— یُلْقِی الرُّوْحَ مِنْ اَمْرِهٖ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ لِیُنْذِرَ یَوْمَ التَّلَاقِ ۟ۙ
(ඔහු) තරාතිරම් උසස් කරන්නා ය. අර්ෂ් (හෙවත් දේවාසනයෙ)හි හිමිපාණන් ය. එකිනෙකා හමු වන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන්නන් වෙත ඔහුගේ නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ هُمْ بَارِزُوْنَ ۚ۬— لَا یَخْفٰی عَلَی اللّٰهِ مِنْهُمْ شَیْءٌ ؕ— لِمَنِ الْمُلْكُ الْیَوْمَ ؕ— لِلّٰهِ الْوَاحِدِ الْقَهَّارِ ۟
එදින ඔවුන් බැහැරව එති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙත නො සැඟවෙයි. එදින ආධිපත්‍යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْیَوْمَ تُجْزٰی كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ؕ— لَا ظُلْمَ الْیَوْمَ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
අද දින සෑම ආත්මයක් ම උපයා ගත් දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබයි. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْذِرْهُمْ یَوْمَ الْاٰزِفَةِ اِذِ الْقُلُوْبُ لَدَی الْحَنَاجِرِ كٰظِمِیْنَ ؕ۬— مَا لِلظّٰلِمِیْنَ مِنْ حَمِیْمٍ وَّلَا شَفِیْعٍ یُّطَاعُ ۟ؕ
තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු සමීප මිතුරෙකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعْلَمُ خَآىِٕنَةَ الْاَعْیُنِ وَمَا تُخْفِی الصُّدُوْرُ ۟
ඇස්වලින් සිදු කරන වංචාව හා හදවත් සඟවන දෑ ද ඔහු (අල්ලාහ්) දනී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ یَقْضِیْ بِالْحَقِّ ؕ— وَالَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِهٖ لَا یَقْضُوْنَ بِشَیْءٍ ؕ— اِنَّ اللّٰهَ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟۠
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. තවද ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් තීන්දු නො දෙති. නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක වනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ كَانُوْا مِنْ قَبْلِهِمْ ؕ— كَانُوْا هُمْ اَشَدَّ مِنْهُمْ قُوَّةً وَّاٰثَارًا فِی الْاَرْضِ فَاَخَذَهُمُ اللّٰهُ بِذُنُوْبِهِمْ ؕ— وَمَا كَانَ لَهُمْ مِّنَ اللّٰهِ مِنْ وَّاقٍ ۟
තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණයෙන් නො බැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණුවලින් බලවත් අය වූවෝ ය. එමෙන් ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේ ය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِاَنَّهُمْ كَانَتْ تَّاْتِیْهِمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ فَكَفَرُوْا فَاَخَذَهُمُ اللّٰهُ ؕ— اِنَّهٗ قَوِیٌّ شَدِیْدُ الْعِقَابِ ۟
එය ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම ඔහු බලවත් ය. දඬුවම් දීමෙහි දැඩි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَا وَسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۙ
තවද සැබැවින් ම අපි මූසාව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමඟ යැව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلٰی فِرْعَوْنَ وَهَامٰنَ وَقَارُوْنَ فَقَالُوْا سٰحِرٌ كَذَّابٌ ۟
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත (යැව්වෙමු). එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි පැවසුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَهُمْ بِالْحَقِّ مِنْ عِنْدِنَا قَالُوا اقْتُلُوْۤا اَبْنَآءَ الَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ وَاسْتَحْیُوْا نِسَآءَهُمْ ؕ— وَمَا كَیْدُ الْكٰفِرِیْنَ اِلَّا فِیْ ضَلٰلٍ ۟
අප වෙතින් වූ සත්‍යය සමඟ ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමඟ වූ දේවත්වය විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසුවෝ ය. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ فِرْعَوْنُ ذَرُوْنِیْۤ اَقْتُلْ مُوْسٰی وَلْیَدْعُ رَبَّهٗ ۚؕ— اِنِّیْۤ اَخَافُ اَنْ یُّبَدِّلَ دِیْنَكُمْ اَوْ اَنْ یُّظْهِرَ فِی الْاَرْضِ الْفَسَادَ ۟
තවද “නුඹලා මා අතහැර දමනු. මම මූසාව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත. එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ මතු කරනු ඇතැයි සැබැවින් ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ مُوْسٰۤی اِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ مِّنْ كُلِّ مُتَكَبِّرٍ لَّا یُؤْمِنُ بِیَوْمِ الْحِسَابِ ۟۠
තවද “විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නො කරන සෑම අහංකාරයකුගෙන් ම, මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි” යැයි මූසා පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ ۖۗ— مِّنْ اٰلِ فِرْعَوْنَ یَكْتُمُ اِیْمَانَهٗۤ اَتَقْتُلُوْنَ رَجُلًا اَنْ یَّقُوْلَ رَبِّیَ اللّٰهُ وَقَدْ جَآءَكُمْ بِالْبَیِّنٰتِ مِنْ رَّبِّكُمْ ؕ— وَاِنْ یَّكُ كَاذِبًا فَعَلَیْهِ كَذِبُهٗ ۚ— وَاِنْ یَّكُ صَادِقًا یُّصِبْكُمْ بَعْضُ الَّذِیْ یَعِدُكُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِیْ مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ ۟
තවද “මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවම ය. තවද ඔහු සත්‍යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හටගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින් ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පරපුර තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰقَوْمِ لَكُمُ الْمُلْكُ الْیَوْمَ ظٰهِرِیْنَ فِی الْاَرْضِ ؗ— فَمَنْ یَّنْصُرُنَا مِنْ بَاْسِ اللّٰهِ اِنْ جَآءَنَا ؕ— قَالَ فِرْعَوْنُ مَاۤ اُرِیْكُمْ اِلَّا مَاۤ اَرٰی وَمَاۤ اَهْدِیْكُمْ اِلَّا سَبِیْلَ الرَّشَادِ ۟
අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. එහෙත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසී ය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නො පෙන්වමි. එමෙන් ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නො පෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْۤ اٰمَنَ یٰقَوْمِ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ مِّثْلَ یَوْمِ الْاَحْزَابِ ۟ۙ
තවද අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදු වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි යැයි දේවත්වය විශ්වාස කළ තැනැත්තා පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِثْلَ دَاْبِ قَوْمِ نُوْحٍ وَّعَادٍ وَّثَمُوْدَ وَالَّذِیْنَ مِنْ بَعْدِهِمْ ؕ— وَمَا اللّٰهُ یُرِیْدُ ظُلْمًا لِّلْعِبَادِ ۟
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදු වූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදු වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි). තවද ගැත්තන්හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි.” යැයි දේවත්වය විශ්වාස කළ එම තැනැත්තා පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیٰقَوْمِ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ یَوْمَ التَّنَادِ ۟ۙ
“තවද, අහෝ මාගේ ජනයිනි! ඇරයුම් කරන දිනය නුඹලා වෙත පැමිණීම ගැන මම බිය වෙමි.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ تُوَلُّوْنَ مُدْبِرِیْنَ ۚ— مَا لَكُمْ مِّنَ اللّٰهِ مِنْ عَاصِمٍ ۚ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟
“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ جَآءَكُمْ یُوْسُفُ مِنْ قَبْلُ بِالْبَیِّنٰتِ فَمَا زِلْتُمْ فِیْ شَكٍّ مِّمَّا جَآءَكُمْ بِهٖ ؕ— حَتّٰۤی اِذَا هَلَكَ قُلْتُمْ لَنْ یَّبْعَثَ اللّٰهُ مِنْ بَعْدِهٖ رَسُوْلًا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابُ ۟ۚۖ
“තවද මීට පෙර සැබැවින් ම යූසුෆ් පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. එහෙත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි ම සිටියෙහු ය. ඔහුගෙන් පසුව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේ ම නැතැයි’ නුඹලා පැවසුවෙහු ය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙස ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِ اللّٰهِ بِغَیْرِ سُلْطٰنٍ اَتٰىهُمْ ؕ— كَبُرَ مَقْتًا عِنْدَ اللّٰهِ وَعِنْدَ الَّذِیْنَ اٰمَنُوْا ؕ— كَذٰلِكَ یَطْبَعُ اللّٰهُ عَلٰی كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ ۟
“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බල සාධකයකින් තොරව අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අතරත් විශ්වාස කළවුන් අතරත් එය මහත් සේ කෝපය ඇති කළේ ය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙස ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ فِرْعَوْنُ یٰهَامٰنُ ابْنِ لِیْ صَرْحًا لَّعَلِّیْۤ اَبْلُغُ الْاَسْبَابَ ۟ۙ
තවද ෆිර්අවුන් මෙසේ පැවසීය “අහෝ හාමාන්! මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් ඉදි කරනු මැනව! අහස්හි මාර්ග වෙත මා පිවිසීමට හැකි වනු පිණිස.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَسْبَابَ السَّمٰوٰتِ فَاَطَّلِعَ اِلٰۤی اِلٰهِ مُوْسٰی وَاِنِّیْ لَاَظُنُّهٗ كَاذِبًا ؕ— وَكَذٰلِكَ زُیِّنَ لِفِرْعَوْنَ سُوْٓءُ عَمَلِهٖ وَصُدَّ عَنِ السَّبِیْلِ ؕ— وَمَا كَیْدُ فِرْعَوْنَ اِلَّا فِیْ تَبَابٍ ۟۠
අහස්හි මාර්ග වෙත (මා පිවිස) මූසාගේ දෙවියා මා දැකබලා ගත යුතුයි. "එනමුත් නියත වශයෙන් ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙස ය. තවද ඍජු මාර්ගයෙන් ඔහුව අවහිර කරනු ලැබී ය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْۤ اٰمَنَ یٰقَوْمِ اتَّبِعُوْنِ اَهْدِكُمْ سَبِیْلَ الرَّشَادِ ۟ۚ
තවද “අහෝ මාගේ ජනයිනි! මා අනුගමනය කරනු. මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වමි” යැයි විශ්වාස කළ එම තැනැත්තා පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰقَوْمِ اِنَّمَا هٰذِهِ الْحَیٰوةُ الدُّنْیَا مَتَاعٌ ؗ— وَّاِنَّ الْاٰخِرَةَ هِیَ دَارُ الْقَرَارِ ۟
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මෙලොව මේ ජීවිතය සුළු භුක්ති විඳීමක් පමණි. තවද නියත වශයෙන් ම මතු ලොව සදා නිවහනයි.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ عَمِلَ سَیِّئَةً فَلَا یُجْزٰۤی اِلَّا مِثْلَهَا ۚ— وَمَنْ عَمِلَ صَالِحًا مِّنْ ذَكَرٍ اَوْ اُ وَهُوَ مُؤْمِنٌ فَاُولٰٓىِٕكَ یَدْخُلُوْنَ الْجَنَّةَ یُرْزَقُوْنَ فِیْهَا بِغَیْرِ حِسَابٍ ۟
“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නො ලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තාවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකුව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොරව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහු ම ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیٰقَوْمِ مَا لِیْۤ اَدْعُوْكُمْ اِلَی النَّجٰوةِ وَتَدْعُوْنَنِیْۤ اِلَی النَّارِ ۟ؕ
තවද “අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්‍යතාව කුමක් ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. එහෙත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහු ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَدْعُوْنَنِیْ لِاَكْفُرَ بِاللّٰهِ وَاُشْرِكَ بِهٖ مَا لَیْسَ لِیْ بِهٖ عِلْمٌ ؗ— وَّاَنَا اَدْعُوْكُمْ اِلَی الْعَزِیْزِ الْغَفَّارِ ۟
“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහු ය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අතික්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙත ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا جَرَمَ اَنَّمَا تَدْعُوْنَنِیْۤ اِلَیْهِ لَیْسَ لَهٗ دَعْوَةٌ فِی الدُّنْیَا وَلَا فِی الْاٰخِرَةِ وَاَنَّ مَرَدَّنَاۤ اِلَی اللّٰهِ وَاَنَّ الْمُسْرِفِیْنَ هُمْ اَصْحٰبُ النَّارِ ۟
“නියත වශයෙන් ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින් ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන් ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَتَذْكُرُوْنَ مَاۤ اَقُوْلُ لَكُمْ ؕ— وَاُفَوِّضُ اَمْرِیْۤ اِلَی اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ بَصِیْرٌ بِالْعِبَادِ ۟
එබැවින් මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَوَقٰىهُ اللّٰهُ سَیِّاٰتِ مَا مَكَرُوْا وَحَاقَ بِاٰلِ فِرْعَوْنَ سُوْٓءُ الْعَذَابِ ۟ۚ
එමෙන් ම ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම්වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේ ය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلنَّارُ یُعْرَضُوْنَ عَلَیْهَا غُدُوًّا وَّعَشِیًّا ۚ— وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ ۫— اَدْخِلُوْۤا اٰلَ فِرْعَوْنَ اَشَدَّ الْعَذَابِ ۟
(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදු වන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ یَتَحَآجُّوْنَ فِی النَّارِ فَیَقُوْلُ الضُّعَفٰٓؤُا لِلَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ اَنْتُمْ مُّغْنُوْنَ عَنَّا نَصِیْبًا مِّنَ النَّارِ ۟
තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන් ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෝ” දැ? යි දුබලයින් උඩඟු වූ අයගෙන් විමසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ الَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُلٌّ فِیْهَاۤ اِنَّ اللّٰهَ قَدْ حَكَمَ بَیْنَ الْعِبَادِ ۟
“නියත වශයෙන් ම අප සියල්ලෝ ම සිටින්නේ එහි ය. නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ” යි උඩඟු වූවෝ පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ فِی النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوْا رَبَّكُمْ یُخَفِّفْ عَنَّا یَوْمًا مِّنَ الْعَذَابِ ۟
තවද “දිනකට අපෙන් දඬුවම සැහැල්ලු කරන මෙන් නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَوَلَمْ تَكُ تَاْتِیْكُمْ رُسُلُكُمْ بِالْبَیِّنٰتِ ؕ— قَالُوْا بَلٰی ؕ— قَالُوْا فَادْعُوْا ۚ— وَمَا دُعٰٓؤُا الْكٰفِرِیْنَ اِلَّا فِیْ ضَلٰلٍ ۟۠
“නුඹලාගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ නො පැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِیْنَ اٰمَنُوْا فِی الْحَیٰوةِ الدُّنْیَا وَیَوْمَ یَقُوْمُ الْاَشْهَادُ ۟ۙ
මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින් ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ لَا یَنْفَعُ الظّٰلِمِیْنَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوْٓءُ الدَّارِ ۟
එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නො වනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන් ම නපුරු නිවහනද ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْهُدٰی وَاَوْرَثْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ الْكِتٰبَ ۟ۙ
තවද අපි සැබැවින් ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُدًی وَّذِكْرٰی لِاُولِی الْاَلْبَابِ ۟
(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّاسْتَغْفِرْ لِذَنْۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِیِّ وَالْاِبْكَارِ ۟
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද නුඹේ පාපය සඳහා නුඹ සමාව අයදිනු. තවද නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِ اللّٰهِ بِغَیْرِ سُلْطٰنٍ اَتٰىهُمْ ۙ— اِنْ فِیْ صُدُوْرِهِمْ اِلَّا كِبْرٌ مَّا هُمْ بِبَالِغِیْهِ ۚ— فَاسْتَعِذْ بِاللّٰهِ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟
නියත වශයෙන් ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නො තිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නො වෙති. එහෙයින් නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَخَلْقُ السَّمٰوٰتِ وَالْاَرْضِ اَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අතිමහත් ය. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ۙ۬— وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَلَا الْمُسِیْٓءُ ؕ— قَلِیْلًا مَّا تَتَذَكَّرُوْنَ ۟
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නො වෙති. තවද විශ්වාස කොට යහකම් සිදු කළවුන් හා නපුරුකම් කරන්නා ද (සමාන) නො වෙති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ السَّاعَةَ لَاٰتِیَةٌ لَّا رَیْبَ فِیْهَا ؗ— وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یُؤْمِنُوْنَ ۟
නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නක්ම ය. එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා (එය) විශ්වාස නො කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ رَبُّكُمُ ادْعُوْنِیْۤ اَسْتَجِبْ لَكُمْ ؕ— اِنَّ الَّذِیْنَ یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِیْ سَیَدْخُلُوْنَ جَهَنَّمَ دٰخِرِیْنَ ۟۠
තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِتَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ— اِنَّ اللّٰهَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَشْكُرُوْنَ ۟
රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් ය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍යය පිරිනමන්නා ය. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَیْءٍ ۘ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؗ— فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරු ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ یُؤْفَكُ الَّذِیْنَ كَانُوْا بِاٰیٰتِ اللّٰهِ یَجْحَدُوْنَ ۟
අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ قَرَارًا وَّالسَّمَآءَ بِنَآءً وَّصَوَّرَكُمْ فَاَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُمْ مِّنَ الطَّیِّبٰتِ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ ۖۚ— فَتَبٰرَكَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟
මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් ය. තවද නුඹලාව හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේ ය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමී ය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الْحَیُّ لَاۤ اِلٰهَ اِلَّا هُوَ فَادْعُوْهُ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ؕ— اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟
ඔහු ජීවමානයා ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙස ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنِّیْ نُهِیْتُ اَنْ اَعْبُدَ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ لَمَّا جَآءَنِیَ الْبَیِّنٰتُ مِنْ رَّبِّیْ ؗ— وَاُمِرْتُ اَنْ اُسْلِمَ لِرَبِّ الْعٰلَمِیْنَ ۟
මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අයට මා නැමදුම් කිරීමෙන් නියත වශයෙන් ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ یُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوْۤا اَشُدَّكُمْ ثُمَّ لِتَكُوْنُوْا شُیُوْخًا ۚ— وَمِنْكُمْ مَّنْ یُّتَوَفّٰی مِنْ قَبْلُ وَلِتَبْلُغُوْۤا اَجَلًا مُّسَمًّی وَّلَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
මැටියෙන් ද පසුව ශුක්‍රාණු බිඳුවකින් ද පසුව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහු ය. පසුව ඔහු නුඹලා බිළිදෙකු ලෙස බැහැර කරයි. පසුව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. තවද (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරිනු පිණිස හා නුඹලා වටහා ගත හැකි වනු පිණිස ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ ۚ— فَاِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟۠
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහු ය. එහෙයින් ඔහු යම් කරුණක් සිදු වීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදු වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِ اللّٰهِ ؕ— اَنّٰی یُصْرَفُوْنَ ۟ۙۛ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? යැයි (නබිවරය!) නුඹ නො දුටුවෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ كَذَّبُوْا بِالْكِتٰبِ وَبِمَاۤ اَرْسَلْنَا بِهٖ رُسُلَنَا ۛ۫— فَسَوْفَ یَعْلَمُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමඟ අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන් ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذِ الْاَغْلٰلُ فِیْۤ اَعْنَاقِهِمْ وَالسَّلٰسِلُ ؕ— یُسْحَبُوْنَ ۟ۙ
එවිට ඔවුන්ගේ ගෙලවල්වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِی الْحَمِیْمِ ۙ۬— ثُمَّ فِی النَّارِ یُسْجَرُوْنَ ۟ۚ
නටන ජලයෙහි. පසුව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ قِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تُشْرِكُوْنَ ۟ۙ
පසුව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේ දැ?” යි ඔවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ دُوْنِ اللّٰهِ ؕ— قَالُوْا ضَلُّوْا عَنَّا بَلْ لَّمْ نَكُنْ نَّدْعُوْا مِنْ قَبْلُ شَیْـًٔا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ الْكٰفِرِیْنَ ۟
අල්ලාහ් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේ ද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නො සිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُوْنَ ۟ۚ
එය, යුක්තියෙන් තොරව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා ගර්වයෙන් කටයුතු කළ බැවින් ද වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُدْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ۚ— فَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ ۚ— فَاِمَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِلَیْنَا یُرْجَعُوْنَ ۟
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින් ම අපි නුඹට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑහි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි නුඹ මරණයට පත් කරන්නෙමු. පසුව ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙත ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَرْسَلْنَا رُسُلًا مِّنْ قَبْلِكَ مِنْهُمْ مَّنْ قَصَصْنَا عَلَیْكَ وَمِنْهُمْ مَّنْ لَّمْ نَقْصُصْ عَلَیْكَ ؕ— وَمَا كَانَ لِرَسُوْلٍ اَنْ یَّاْتِیَ بِاٰیَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ۚ— فَاِذَا جَآءَ اَمْرُ اللّٰهِ قُضِیَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُوْنَ ۟۠
නුඹට පෙර ධර්ම දූතවරු සැබැවින් ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි නුඹ වෙත කතා විස්තර කළ අය වෙති. තවද නුඹ වෙත අපි කතා විස්තර නො කළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු ධර්ම දූතයකුට නො වීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගතව තීන්දු කරනු ලැබී ය. එහි දී ව්‍යාජව කටයුතු කරන්නෝ පරාජිත වූවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ جَعَلَ لَكُمُ الْاَنْعَامَ لِتَرْكَبُوْا مِنْهَا وَمِنْهَا تَاْكُلُوْنَ ۟ؗ
ඒවායෙහි නුඹලා ප්‍රවාහනය කරනු පිණිසත් ඒවායින් නුඹලා අනුභව කරනු පිණිසත් නුඹලා වෙනුවෙන් ගොවිපළ සතුන් ඇති කළේ අල්ලාහ් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَكُمْ فِیْهَا مَنَافِعُ وَلِتَبْلُغُوْا عَلَیْهَا حَاجَةً فِیْ صُدُوْرِكُمْ وَعَلَیْهَا وَعَلَی الْفُلْكِ تُحْمَلُوْنَ ۟ؕ
තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්‍යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ් ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُرِیْكُمْ اٰیٰتِهٖ ۖۗ— فَاَیَّ اٰیٰتِ اللّٰهِ تُنْكِرُوْنَ ۟
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා හෙළා දකිනුයේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَانُوْۤا اَكْثَرَ مِنْهُمْ وَاَشَدَّ قُوَّةً وَّاٰثَارًا فِی الْاَرْضِ فَمَاۤ اَغْنٰی عَنْهُمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟
ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණය නො කළෝ ද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණුවලින් ඉතා බලවත් හා අධික වූවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ فَرِحُوْا بِمَا عِنْدَهُمْ مِّنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
එවිට ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا رَاَوْا بَاْسَنَا قَالُوْۤا اٰمَنَّا بِاللّٰهِ وَحْدَهٗ وَكَفَرْنَا بِمَا كُنَّا بِهٖ مُشْرِكِیْنَ ۟
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمْ یَكُ یَنْفَعُهُمْ اِیْمَانُهُمْ لَمَّا رَاَوْا بَاْسَنَا ؕ— سُنَّتَ اللّٰهِ الَّتِیْ قَدْ خَلَتْ فِیْ عِبَادِهٖ ۚ— وَخَسِرَ هُنَالِكَ الْكٰفِرُوْنَ ۟۠
එහෙත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නො වීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙත ය. එහිදී දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ጋፊር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት