Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹራ   አንቀጽ:
وَالَّذِیْنَ یُحَآجُّوْنَ فِی اللّٰهِ مِنْ بَعْدِ مَا اسْتُجِیْبَ لَهٗ حُجَّتُهُمْ دَاحِضَةٌ عِنْدَ رَبِّهِمْ وَعَلَیْهِمْ غَضَبٌ وَّلَهُمْ عَذَابٌ شَدِیْدٌ ۟
තවද ඔහුට පිළිතුරු දෙනු ලැබුවායින් පසු අල්ලාහ් විෂයයෙහි වාද කරන්නන් වනාහි ඔවුන්ගේ වාදය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵල ය. තවද ඔවුන් වෙත කෝපය ඇත. තවද ඔවුනට දැඩි දඬුවමක් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْۤ اَنْزَلَ الْكِتٰبَ بِالْحَقِّ وَالْمِیْزَانَ ؕ— وَمَا یُدْرِیْكَ لَعَلَّ السَّاعَةَ قَرِیْبٌ ۟
සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය හා (ෂරීආව නම්) තුලාව පහළ කළේ අල්ලාහ් ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَسْتَعْجِلُ بِهَا الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِهَا ۚ— وَالَّذِیْنَ اٰمَنُوْا مُشْفِقُوْنَ مِنْهَا ۙ— وَیَعْلَمُوْنَ اَنَّهَا الْحَقُّ ؕ— اَلَاۤ اِنَّ الَّذِیْنَ یُمَارُوْنَ فِی السَّاعَةِ لَفِیْ ضَلٰلٍۢ بَعِیْدٍ ۟
ඒ (අවසන් හෝරාව) පිළිබඳ විශ්වාස නො කරන්නෝ එය ඉක්මණින් පතති. තවද විශ්වාස කරන්නෝ ඒ ගැන බිය වන්නෝ වෙති. නියත වශයෙන් ම එය සැබෑවක් යැයි ඔවුහු දනිති. දැන ගනු! නියත වශයෙන් ම අවසන් හෝරාව පිළිබඳ තර්ක කරන්නෝ අන්ත මුළාවෙහි ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ لَطِیْفٌ بِعِبَادِهٖ یَرْزُقُ مَنْ یَّشَآءُ ۚ— وَهُوَ الْقَوِیُّ الْعَزِیْزُ ۟۠
අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රි ය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ كَانَ یُرِیْدُ حَرْثَ الْاٰخِرَةِ نَزِدْ لَهٗ فِیْ حَرْثِهٖ ۚ— وَمَنْ كَانَ یُرِیْدُ حَرْثَ الدُّنْیَا نُؤْتِهٖ مِنْهَا ۙ— وَمَا لَهٗ فِی الْاٰخِرَةِ مِنْ نَّصِیْبٍ ۟
කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. එහෙත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَهُمْ شُرَكٰٓؤُا شَرَعُوْا لَهُمْ مِّنَ الدِّیْنِ مَا لَمْ یَاْذَنْ بِهِ اللّٰهُ ؕ— وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِیَ بَیْنَهُمْ ؕ— وَاِنَّ الظّٰلِمِیْنَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නො දුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නො වී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَرَی الظّٰلِمِیْنَ مُشْفِقِیْنَ مِمَّا كَسَبُوْا وَهُوَ وَاقِعٌ بِهِمْ ؕ— وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فِیْ رَوْضٰتِ الْجَنّٰتِ ۚ— لَهُمْ مَّا یَشَآءُوْنَ عِنْدَ رَبِّهِمْ ؕ— ذٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِیْرُ ۟
අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහි ය. තවද එය ඔවුනට සිදු වන්නකි. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් ස්වර්ග උයන්වල ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්‍ය ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹራ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ ረብዋ የዳዕዋ ማህበር እና ከ የእስልምና ይዘት በተለያዩ ቋንቋዎች አገልግሎት ማህበር ጋር በመተባበር የተተረጎመ

መዝጋት