የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ጃሲያህ   አንቀጽ:

සූරා අල් ජාසියා

حٰمٓ ۟ۚ
හා මීම්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّلْمُؤْمِنِیْنَ ۟ؕ
නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَفِیْ خَلْقِكُمْ وَمَا یَبُثُّ مِنْ دَآبَّةٍ اٰیٰتٌ لِّقَوْمٍ یُّوْقِنُوْنَ ۟ۙ
තවද නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَمَاۤ اَنْزَلَ اللّٰهُ مِنَ السَّمَآءِ مِنْ رِّزْقٍ فَاَحْیَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِیْفِ الرِّیٰحِ اٰیٰتٌ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
තවද රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමඟින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تِلْكَ اٰیٰتُ اللّٰهِ نَتْلُوْهَا عَلَیْكَ بِالْحَقِّ ۚ— فَبِاَیِّ حَدِیْثٍ بَعْدَ اللّٰهِ وَاٰیٰتِهٖ یُؤْمِنُوْنَ ۟
ඒවා අල්ලාහ්ගේ සංඥා වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතුව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන්වලට පසුව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیْلٌ لِّكُلِّ اَفَّاكٍ اَثِیْمٍ ۟ۙ
මහත් සේ බොරු ගොතා පවසන සෑම පාපතරයකුට ම විනාශය අත් වේවා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّسْمَعُ اٰیٰتِ اللّٰهِ تُتْلٰی عَلَیْهِ ثُمَّ یُصِرُّ مُسْتَكْبِرًا كَاَنْ لَّمْ یَسْمَعْهَا ۚ— فَبَشِّرْهُ بِعَذَابٍ اَلِیْمٍ ۟
ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන්වලට ඔහු සවන් දෙයි. පසුව ඔහු එයට සවන් නො දුන්නාක් මෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳව (නබිවරය!) නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا عَلِمَ مِنْ اٰیٰتِنَا شَیْـَٔا ١تَّخَذَهَا هُزُوًا ؕ— اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟ؕ
ඔහු අපගේ වදන් අතරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේ ය. නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ وَّرَآىِٕهِمْ جَهَنَّمُ ۚ— وَلَا یُغْنِیْ عَنْهُمْ مَّا كَسَبُوْا شَیْـًٔا وَّلَا مَا اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اَوْلِیَآءَ ۚ— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ؕ
ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොරව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නො වනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا هُدًی ۚ— وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّنْ رِّجْزٍ اَلِیْمٌ ۟۠
මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ سَخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِیَ الْفُلْكُ فِیْهِ بِاَمْرِهٖ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟ۚ
නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ් ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَسَخَّرَ لَكُمْ مَّا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ جَمِیْعًا مِّنْهُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. නියත වශයෙන් ම සිතන ජනයාට මෙහි සංඥා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّلَّذِیْنَ اٰمَنُوْا یَغْفِرُوْا لِلَّذِیْنَ لَا یَرْجُوْنَ اَیَّامَ اللّٰهِ لِیَجْزِیَ قَوْمًا بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
අල්ලාහ්ගේ (දඬුවම්) දිනයන් අපේක්ෂා නො කරන්නන්හට සමාව දෙන්නැයි දේවත්වය විශ්වාස කළවුනට (නබිවරය!) නුඹ පවසනු. එය ඔහු පිරිසකට ඔවුන් උපයමින් සිටි දෑට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهٖ ۚ— وَمَنْ اَسَآءَ فَعَلَیْهَا ؗ— ثُمَّ اِلٰی رَبِّكُمْ تُرْجَعُوْنَ ۟
කවරෙකු යම් යහපතක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) ඔහුට එරෙහිව ය. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ وَفَضَّلْنٰهُمْ عَلَی الْعٰلَمِیْنَ ۟ۚ
තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවනට ධර්ම ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاٰتَیْنٰهُمْ بَیِّنٰتٍ مِّنَ الْاَمْرِ ۚ— فَمَا اخْتَلَفُوْۤا اِلَّا مِنْ بَعْدِ مَا جَآءَهُمُ الْعِلْمُ ۙ— بَغْیًا بَیْنَهُمْ ؕ— اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
තවද සියලු (ආගමික) කරුණුවල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහෙත් ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස වෙනත් කිසිවක් සඳහා ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන් ම ඔබේ පරමාධිපති මතුලොවෙහි තීන්දු දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ جَعَلْنٰكَ عَلٰی شَرِیْعَةٍ مِّنَ الْاَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ اَهْوَآءَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟
පසුව (ධර්ම දූතයින්ට නියෝග කළ) එම කරුණෙන් වූ පිළිවෙතක් මත අපි නුඹව පත් කළෙමු. එහෙයින් නුඹ එය අනුගමනය කරනු. තවද දැනුම නොමැති අයගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ لَنْ یُّغْنُوْا عَنْكَ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاِنَّ الظّٰلِمِیْنَ بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ۚ— وَاللّٰهُ وَلِیُّ الْمُتَّقِیْنَ ۟
නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹව මුදවා ගන්නේ ම නැත. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝ ය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا بَصَآىِٕرُ لِلنَّاسِ وَهُدًی وَّرَحْمَةٌ لِّقَوْمٍ یُّوْقِنُوْنَ ۟
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ حَسِبَ الَّذِیْنَ اجْتَرَحُوا السَّیِّاٰتِ اَنْ نَّجْعَلَهُمْ كَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ— سَوَآءً مَّحْیَاهُمْ وَمَمَاتُهُمْ ؕ— سَآءَ مَا یَحْكُمُوْنَ ۟۠
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَخَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ وَلِتُجْزٰی كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද සෑම ආත්මයක් ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ وَاَضَلَّهُ اللّٰهُ عَلٰی عِلْمٍ وَّخَتَمَ عَلٰی سَمْعِهٖ وَقَلْبِهٖ وَجَعَلَ عَلٰی بَصَرِهٖ غِشٰوَةً ؕ— فَمَنْ یَّهْدِیْهِ مِنْ بَعْدِ اللّٰهِ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේ ය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේ ය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේ ය. අල්ලාහ්ගෙන් පසුව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا مَا هِیَ اِلَّا حَیَاتُنَا الدُّنْیَا نَمُوْتُ وَنَحْیَا وَمَا یُهْلِكُنَاۤ اِلَّا الدَّهْرُ ۚ— وَمَا لَهُمْ بِذٰلِكَ مِنْ عِلْمٍ ۚ— اِنْ هُمْ اِلَّا یَظُنُّوْنَ ۟
තවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නො කරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ اِلَّاۤ اَنْ قَالُوا ائْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නො වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ اللّٰهُ یُحْیِیْكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یَجْمَعُكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසුව නුඹලා මරණයට පත් කරයි; පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّخْسَرُ الْمُبْطِلُوْنَ ۟
තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්ය අල්ලාහ් සතු ය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرٰی كُلَّ اُمَّةٍ جَاثِیَةً ۫ؕ— كُلُّ اُمَّةٍ تُدْعٰۤی اِلٰی كِتٰبِهَا ؕ— اَلْیَوْمَ تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
සෑම සමූහයක් ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක් ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ය.” (යැයි කියනු ලැබේ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا كِتٰبُنَا یَنْطِقُ عَلَیْكُمْ بِالْحَقِّ ؕ— اِنَّا كُنَّا نَسْتَنْسِخُ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
මෙය නුඹලාට එරෙහිව සත්‍යයෙන් යුතුව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන් ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُدْخِلُهُمْ رَبُّهُمْ فِیْ رَحْمَتِهٖ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِیْنُ ۟
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا ۫— اَفَلَمْ تَكُنْ اٰیٰتِیْ تُتْلٰی عَلَیْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنْتُمْ قَوْمًا مُّجْرِمِیْنَ ۟
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නො තිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහු ය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහු ය. (යැයි කියනු ලැබේ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قِیْلَ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّالسَّاعَةُ لَا رَیْبَ فِیْهَا قُلْتُمْ مَّا نَدْرِیْ مَا السَّاعَةُ ۙ— اِنْ نَّظُنُّ اِلَّا ظَنًّا وَّمَا نَحْنُ بِمُسْتَیْقِنِیْنَ ۟
“තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැ? යි අපි නො දනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නො සිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නො වූයෙමු යැයි නුඹලා පැවසුවෙහු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا عَمِلُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
තවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِیْلَ الْیَوْمَ نَنْسٰىكُمْ كَمَا نَسِیْتُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا وَمَاْوٰىكُمُ النَّارُ وَمَا لَكُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ.
.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكُمْ بِاَنَّكُمُ اتَّخَذْتُمْ اٰیٰتِ اللّٰهِ هُزُوًا وَّغَرَّتْكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۚ— فَالْیَوْمَ لَا یُخْرَجُوْنَ مِنْهَا وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟
“මෙයට හේතුව, නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලාව මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නො වනු ඇත. තවද ඔවුහු පිළිගනු ලබන්නන් නො වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلِلّٰهِ الْحَمْدُ رَبِّ السَّمٰوٰتِ وَرَبِّ الْاَرْضِ رَبِّ الْعٰلَمِیْنَ ۟
අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهُ الْكِبْرِیَآءُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
තවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතු ය. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ጃሲያህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት