Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: አል-ማኢዳህ   አንቀጽ:
وَحَسِبُوْۤا اَلَّا تَكُوْنَ فِتْنَةٌ فَعَمُوْا وَصَمُّوْا ثُمَّ تَابَ اللّٰهُ عَلَیْهِمْ ثُمَّ عَمُوْا وَصَمُّوْا كَثِیْرٌ مِّنْهُمْ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟
තමන්ට කිසිදු පිරික්සුමක් නො වනු ඇතැයි ඔවුහු සිතූහ. ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන් පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේ ය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ كَفَرَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ هُوَ الْمَسِیْحُ ابْنُ مَرْیَمَ ؕ— وَقَالَ الْمَسِیْحُ یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اعْبُدُوا اللّٰهَ رَبِّیْ وَرَبَّكُمْ ؕ— اِنَّهٗ مَنْ یُّشْرِكْ بِاللّٰهِ فَقَدْ حَرَّمَ اللّٰهُ عَلَیْهِ الْجَنَّةَ وَمَاْوٰىهُ النَّارُ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
අල්ලාහ් වන ඔහු මය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින් ම ප්‍රතික්ෂේප කළෝ ය. ඉස්රාඊල් දරුවනි! මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේ ය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේ ය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ كَفَرَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ ثَالِثُ ثَلٰثَةٍ ۘ— وَمَا مِنْ اِلٰهٍ اِلَّاۤ اِلٰهٌ وَّاحِدٌ ؕ— وَاِنْ لَّمْ یَنْتَهُوْا عَمَّا یَقُوْلُوْنَ لَیَمَسَّنَّ الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
සැබැවින් ම අල්ලාහ් (ත්‍රිත්වය හෙවත් පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ඒක දේවත්වය ප්‍රතික්ෂේප කළෝ ය. එක ම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නො වැළකුණේ නම් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන් ම අත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَلَا یَتُوْبُوْنَ اِلَی اللّٰهِ وَیَسْتَغْفِرُوْنَهٗ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නො වේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا الْمَسِیْحُ ابْنُ مَرْیَمَ اِلَّا رَسُوْلٌ ۚ— قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ؕ— وَاُمُّهٗ صِدِّیْقَةٌ ؕ— كَانَا یَاْكُلٰنِ الطَّعَامَ ؕ— اُنْظُرْ كَیْفَ نُبَیِّنُ لَهُمُ الْاٰیٰتِ ثُمَّ انْظُرْ اَنّٰی یُؤْفَكُوْنَ ۟
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත්ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනා ම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේ දැ? යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ? යි ද අවධානයෙන් බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَتَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا نَفْعًا ؕ— وَاللّٰهُ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමාන කරන්නෙහු දැ? යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව
ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ لَا تَغْلُوْا فِیْ دِیْنِكُمْ غَیْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوْۤا اَهْوَآءَ قَوْمٍ قَدْ ضَلُّوْا مِنْ قَبْلُ وَاَضَلُّوْا كَثِیْرًا وَّضَلُّوْا عَنْ سَوَآءِ السَّبِیْلِ ۟۠
ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නො වන දෑ (පැවසීමෙ)හි සීමාව ඉක්මවා නො යනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නො කරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ ረቦዋ የዳዋ ማህበር እና ከ እስላማዊ ይዘት አገልግሎት ማህበር ጋር በመተባበር የተረጎመ።

መዝጋት