Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ   አንቀጽ:
لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِنْ قَبْلُ وَقَلَّبُوْا لَكَ الْاُمُوْرَ حَتّٰی جَآءَ الْحَقُّ وَظَهَرَ اَمْرُ اللّٰهِ وَهُمْ كٰرِهُوْنَ ۟
මීට පෙර ද ඔවුහු අර්බුද (ඇති කිරීමට) මාන බලමින් සිටියෝ ය. තවද එම කටයුතු නුඹ වෙතට හැරෙව්වෝ ය. අවසානයේ සත්‍යය පැමිණියේ ය. තවද ඔවුන් පිළිකුල් කරන්නන්ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්යක්ෂ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْهُمْ مَّنْ یَّقُوْلُ ائْذَنْ لِّیْ وَلَا تَفْتِنِّیْ ؕ— اَلَا فِی الْفِتْنَةِ سَقَطُوْا ؕ— وَاِنَّ جَهَنَّمَ لَمُحِیْطَةٌ بِالْكٰفِرِیْنَ ۟
(මා නිවසෙහි රැදී සිටීමට) මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නො කරනු යැයි පවසන්නන් ද ඔවුන් අතරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින් ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වටලන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۚ— وَاِنْ تُصِبْكَ مُصِیْبَةٌ یَّقُوْلُوْا قَدْ اَخَذْنَاۤ اَمْرَنَا مِنْ قَبْلُ وَیَتَوَلَّوْا وَّهُمْ فَرِحُوْنَ ۟
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරවනු ඇත. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අප මීට පෙර ම අපගේ කටයුත්ත (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّنْ یُّصِیْبَنَاۤ اِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَا ۚ— هُوَ مَوْلٰىنَا ۚ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නො වන්නේ ම ය. ඔහු අපගේ භාරකරු ය. තවද දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් වෙත ම (සියල්ල) භාර කළ යුතු යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هَلْ تَرَبَّصُوْنَ بِنَاۤ اِلَّاۤ اِحْدَی الْحُسْنَیَیْنِ ؕ— وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ اَنْ یُّصِیْبَكُمُ اللّٰهُ بِعَذَابٍ مِّنْ عِنْدِهٖۤ اَوْ بِاَیْدِیْنَا ۖؗۗ— فَتَرَبَّصُوْۤا اِنَّا مَعَكُمْ مُّتَرَبِّصُوْنَ ۟
(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එක් ප්‍රතිලාභයක් හැර වෙනත් කිසිවක් අප තුළින් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් නුඹලාගේ විෂයෙහි අපි අපේක්ෂා කරන්නේ “අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් නුඹලා හසු කර ගන්නවා ද? නැත්නම් එය අපේ අතින් දෙන්නට සළස්වනවාද” යන්නයි. එබැවින් නියත වශයෙන් ම (ඔබ වෙත පැමිණිය යුතු දේ) අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَنْفِقُوْا طَوْعًا اَوْ كَرْهًا لَّنْ یُّتَقَبَّلَ مِنْكُمْ ؕ— اِنَّكُمْ كُنْتُمْ قَوْمًا فٰسِقِیْنَ ۟
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරනු. නුඹලාගෙන් එය පිළිගනු නො ලබන්නේ ම ය. නියත වශයෙන් ම නුඹලා පාපතර පිරිසක් ලෙසින් සිටියෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مَنَعَهُمْ اَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقٰتُهُمْ اِلَّاۤ اَنَّهُمْ كَفَرُوْا بِاللّٰهِ وَبِرَسُوْلِهٖ وَلَا یَاْتُوْنَ الصَّلٰوةَ اِلَّا وَهُمْ كُسَالٰی وَلَا یُنْفِقُوْنَ اِلَّا وَهُمْ كٰرِهُوْنَ ۟
ඔවුන්ගේ වියදම් ඔවුන්ගෙන් පිළිගනු ලැබීමෙන් ඔවුන්ව වැළක්වූයේ ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කිරීමේ හේතුව මිස වෙනකක් නො වීය. තවද ඔවුහු මැළිවූවන් ලෙසින් මිස සලාතයට නො පැමිණෙති. එමෙන් ම ඔවුන් පිළිකුල් කරන්නන්ව සිටියදී මිස වියදම් නො කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ ረቦዋ የዳዋ ማህበር እና ከ እስላማዊ ይዘት አገልግሎት ማህበር ጋር በመተባበር የተረጎመ።

መዝጋት