የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል-ፋቲሃ   አንቀጽ:

සූරා අල් ෆාතිහා

ከመዕራፉ ዓላማዎች:
تحقيق العبودية الخالصة لله تعالى.
අල්ලාහ්ට පමණක් පූර්ණ ගැතිභාවය සහතික කිරීම.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ ۟
අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි. අල්ලාහ්ගේ අලංකාර නාම අතුරින් නම් තුනක් මෙහි ඇතුළත් වේ. 1. ‘අල්ලාහ්’ එනම්: නැමදුමට සුදුස්සා යන්නය. එය අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ නාමයකි. එය ඔහු හැර වෙනත් කිසිවකුට භාවිත නොකෙරේ. 2. ‘රහ්මාන්’ එනම්: මහත් දයා ගුණයෙන් යුක්තය. ඔහුගේ පැවැත්ම දයාවකි. 3. ‘රහීම්’ කරුණාදායක ය. ඔහුගේ මැවීම් අතුරින් තමන් අභිමත කරන අයට තම කරුණාගුණයෙන් කරුණාව දක්වයි. ‘අල් මුඃමිනූන්’ -දේව විශ්වාසවන්තයෝ- එසේ ඔහුගේ අභිමතයට පාත්ර වූ ඔහුගේ ගැත්තන් අතුරින් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
ඔහුට පමණක් සතු, වෙන කිසිවකුට හිමි නැති, පූර්ණ හා කීර්තිමත් ගුණාංග අතරින් පැසසුමට ලක් සියලුම ආකාරයේ ප්රශංසා ඔහු සතුය. එය සියලු දෑහි පරමාධිපති, මැවුම්කරු හා සියල්ල සැලසුම් කරන්නා ඔහු වන බැවිනි. ‘අල් ආලමූන්’ යනු ‘ආලම්’ යන පදයේ බහු වචනයයි. එනම් අල්ලාහ් හැර සෙසු සියල්ල ඉන් අදහස් කෙරේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الرَّحْمٰنِ الرَّحِیْمِ ۟ۙ
මෙය පෙර ආයතයේ අල්ලාහ්ව ප්රශංසා කිරීමෙන් පසු ව ඔහු වෙත කෙරෙන පැසසුමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مٰلِكِ یَوْمِ الدِّیْنِ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කිසිවෙක් කිසිවකුට අයිති නැති, සියලු දෑට හිමිකම් කියන එකම අධිපති අල්ලාහ් වන බව පවසා ඔහු කීර්තියට පත් කිරීම. ‘යව්මුද් දීන්’ යනු ප්රතිඵල ලබා දෙන විනිශ්චය දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِیَّاكَ نَعْبُدُ وَاِیَّاكَ نَسْتَعِیْنُ ۟ؕ
විවිධ වර්ගයේ නැමදුම් හා අවනතභාවයන් ඔබට පමණක් පුද කරමින් අපි ඔබ සුවිශේෂී කරමු. ඔබ සමග වෙන කිසිවකු ආදේශ නොකරමු. අපගේ සියලු කටයුතු සඳහා අපි ඔබගෙන් පමණක් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබෙන් තොර ව කිසිදු උදව් කරුවකු නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِیْمَ ۟ۙ
අප වෙත ඍජු මග පෙන්වා දෙනු මැනව! එහි අප ගමන් කරවනු මැනව! ඒ මත අප ස්ථාවර කරනු මැනව! අපහට යහමඟ වැඩි කර දෙනු මැනව! ‘අස්සිරාත් අල් මුස්තකීම්’ යනු කිසිදු ඇඳයක් නොමැති පැහැදිලි මාර්ගයයි. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට පිරිනැමූ ඉස්ලාමයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
صِرَاطَ الَّذِیْنَ اَنْعَمْتَ عَلَیْهِمْ ۙ۬— غَیْرِ الْمَغْضُوْبِ عَلَیْهِمْ وَلَا الضَّآلِّیْنَ ۟۠
‘නබිවරුන්’- ශාස්ත්රවරුන්- ‘සිද්දීකීන්වරුන්’ -සත්යවාදීන්-, ‘ෂුහදාවරුන්’ -දිවි පිදූවන්- ‘සාලිහීන්වරුන් - දැහැමියන්- හා ඔබට ඉතා සමීපව අලංකාර ලෙස කටයුතු කළවුන් මෙන් ඔබගේ ගැත්තන් අතුරින් ඔබ මඟපෙන්වා ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. යුදෙව්වන් මෙන් සත්යය දැන දැනත් එය අනුගමනය නොකර කෝපයට භාජනය වූ මාර්ගය නොව. එමෙන්ම කිතුනුවන් මෙන් සත්ය හා යහමඟ සොයන්නට අතපසු වීම හේතුවෙන් යහමඟ නොලබාම සත්යයෙන් මුළා වී ගිය අයගේ මාර්ගයද නොව.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• افتتح الله تعالى كتابه بالبسملة؛ ليرشد عباده أن يبدؤوا أعمالهم وأقوالهم بها طلبًا لعونه وتوفيقه.
•අල්ලාහ් තම ග්රන්ථය බිස්මිල්ලාහ් යන ප්රකාශයෙන් ආරම්භ කරයි. එය තම ගැත්තැන් ඔවුන්ගේ ක්රියා හා ප්රකාශ ඔහුගේ උදව් උපකාර හා භාග්යය පතමින් ආරම්භ කරන්නට මග පෙන්වමිනි.

• من هدي عباد الله الصالحين في الدعاء البدء بتمجيد الله والثناء عليه سبحانه، ثم الشروع في الطلب.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් ප්රාර්ථනාව කළ යුතු ආකාරය පෙන්වා දී ඇත. එනම් අල්ලාහ් කීර්තියට පත් කරමින් ඔහුට ප්රශංසා කරමින් පසුව ප්රාර්ථනාවෙහි නිරත වීමය.

• تحذير المسلمين من التقصير في طلب الحق كالنصارى الضالين، أو عدم العمل بالحق الذي عرفوه كاليهود المغضوب عليهم.
•සත්ය සෙවීමේදී මුළා වී ගිය කිතුනුවන් මෙන් නොසැලකිලිමත් වීම ගැන හා යුදෙව්වන් හා කෝපයට භාජනය වූවන් මෙන් සත්යය දැනගත් පසුත් එය ක්රියා නොකර සිටීම ගැන මුස්ලිම්වරුන් වෙත කෙරෙන අවවාදය.

• دلَّت السورة على أن كمال الإيمان يكون بإخلاص العبادة لله تعالى وطلب العون منه وحده دون سواه.
•අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමෙන් හා වෙනත් කිසිවකුගෙන් තොරව ඔහුගෙන් පමණක් උපකාර පතමින් පමණක් ඊමානයේ පරිපූර්ණත්වය ලැබිය හැකි යැයි මෙම සූරාව පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል-ፋቲሃ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት