Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (31) ምዕራፍ: ዩኑስ
قُلْ مَنْ یَّرْزُقُكُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ اَمَّنْ یَّمْلِكُ السَّمْعَ وَالْاَبْصَارَ وَمَنْ یُّخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ وَمَنْ یُّدَبِّرُ الْاَمْرَ ؕ— فَسَیَقُوْلُوْنَ اللّٰهُ ۚ— فَقُلْ اَفَلَا تَتَّقُوْنَ ۟
අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් නුඹ මෙසේ විමසනු. අහසින් නුඹලාට වර්ෂාව පහළ කරවා නුඹලාගේ පෝෂණය නුඹලාට පිරිනමනුයේ කවුරුන්ද? මහපොළොවෙන් පැලෑටි හා නුඹලා පරිහරනය කරන ඛනිජ වස්තු හට ගන්වා එමගින් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුන් ද? මිනිසා ශුක්රාණුවෙන් හා පක්ෂීන් බිත්තරයෙන් යනාදී ආකාරයෙන් අප්රාණ වස්තුවකින් ජීවී වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? එමෙන්ම සතුන්ගෙන් ශුක්රාණුව හා පක්ෂීන්ගෙන් බිත්තරය යනාදී ආකාරයෙන් ජීවී වස්තුවකින් අප්රාණික වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති සෙසු මැවීම් ද සැලසුම් කරනුයේ කවුරුන් ද? යැයි විමසනු. එවිට ඔවුන්ගේ පිළිතුරු වනුයේ සැබැවින්ම මේ සියල්ල සිදු කරන්නා අල්ලාහ්ය යන්නයි. එවිට නුඹ ඔවුනට මෙසේ පවසනු. ඒ පිළිබඳ නුඹලා දැනුවත් විය යුතු නොවේ ද? අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أعظم نعيم يُرَغَّب به المؤمن هو النظر إلى وجه الله تعالى.
•මහඟු ආශිර්වාදයක් ලෙස දේව විශ්වාසී මුඃමින්වරයා දිරි ගන්වන ආශිර්වාදය වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ මුහුණ බැලීමට ලැබීමය.

• بيان قدرة الله، وأنه على كل شيء قدير.
•අල්ලාහ්ගේ ශක්තිය හා සැබැවින්ම ඔහු සියලු දෑහි සර්ව බලධාරීයා වේ යන වග පැහැදිලි කිරීම.

• التوحيد في الربوبية والإشراك في الإلهية باطل، فلا بد من توحيدهما معًا.
•දේව පරිපාලනත්වයේ ඒකීභාවය පිළිගෙන දේවත්වයෙහි ඔහුට ආදේශ තැබීම අයුතු මෙන්ම නිෂ්ඵල ක්රියාවකි. එහෙයින් ඒ දෙකෙහිම ඒකීයත්වය පිළිගැනීම අවශ්ය වන්නේය.

• إذا قضى الله بعدم إيمان قوم بسبب معاصيهم فإنهم لا يؤمنون.
•සමූහයක් කරන පාපකම් හේතුවෙන් ඔවුන් දෙවියන් විශ්වාස නොකරන පිරිසක් බව අල්ලාහ්ගේ නියමය පිහිටන විට සැබැවින්ම ඔවුන් දෙවියන් විශ්වාස කරන්නේ නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (31) ምዕራፍ: ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት