Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ዩሱፍ   አንቀጽ:
یٰبَنِیَّ اذْهَبُوْا فَتَحَسَّسُوْا مِنْ یُّوْسُفَ وَاَخِیْهِ وَلَا تَایْـَٔسُوْا مِنْ رَّوْحِ اللّٰهِ ؕ— اِنَّهٗ لَا یَایْـَٔسُ مِنْ رَّوْحِ اللّٰهِ اِلَّا الْقَوْمُ الْكٰفِرُوْنَ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන තොරතුරු දැනගෙන එනු. අල්ලාහ් තම ගැත්තන් හට ලබා දෙන සහනය ගැන හා ගැලවීම ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. එසේ ඔහුගේ සහනය හා ගැලවීම ගැන බලපොරොත්තු සුන් කර ගනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පමණි. ඊට හේතුව අල්ලාහ්ගේ ශක්තියේ තරම හා ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති භාග්යයේ රහස සැබැවින්ම ඔවුන් නොදන්නා බැවිණි." යැයි කීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا دَخَلُوْا عَلَیْهِ قَالُوْا یٰۤاَیُّهَا الْعَزِیْزُ مَسَّنَا وَاَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُّزْجٰىةٍ فَاَوْفِ لَنَا الْكَیْلَ وَتَصَدَّقْ عَلَیْنَا ؕ— اِنَّ اللّٰهَ یَجْزِی الْمُتَصَدِّقِیْنَ ۟
ඔවුන්ගේ පියාණන්ගේ නියෝගය ඔවුහු පිළිපැද්දාහ. යූසුෆ් හා ඔහුගේ සහෝදරයා සොයා පිටත් ව ගියහ. ඔවුහු යූසුෆ් වෙත ගිය කල්හි, ඔවුහු ඔහුට, "දිළිඳුකම හා දුෂ්කරතාව අපහට අත්විණ. නොවටිනා සුළු භාණ්ඩ ප්රමාණයක් ගෙන ආවෙමු. මීට පෙර අපට ඔබ කිරා දුන්නාක් මෙන් පූර්ණ ලෙස කිරා දෙනු. හැකිනම් ඊට වඩා අමතර දෙයකින් හෝ මෙම අල්ප භාණ්ඩ නොසළකා හැරීමෙන් අපහට දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් එසේ දන් දෙන්නන්හට යහපත් ප්රතිඵල පිරිනමනු ඇත."යැයි කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هَلْ عَلِمْتُمْ مَّا فَعَلْتُمْ بِیُوْسُفَ وَاَخِیْهِ اِذْ اَنْتُمْ جٰهِلُوْنَ ۟
ඔවුන්ගේ කතාවට ඔහු සවන් දුන් කල්හි ඔවුන් කෙරෙහි කරුණාවක් ඔහුට ඇති විය. තමන් ගැන ඔහු ඔවුනට හඳුන්වා දෙමින් ඔහු ඔවුනට, "යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට නුඹලා සිදු කළ දෑ දෑහි අවසානය ගැන නුඹලා නොදැන සිටියදී ඔවුන් දෙදෙනාට නුඹලා සිදු කළ දෑ ගැන සැබැවින්ම නුඹලා මැනවින් දන්නෙහුය." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا ءَاِنَّكَ لَاَنْتَ یُوْسُفُ ؕ— قَالَ اَنَا یُوْسُفُ وَهٰذَاۤ اَخِیْ ؗ— قَدْ مَنَّ اللّٰهُ عَلَیْنَا ؕ— اِنَّهٗ مَنْ یَّتَّقِ وَیَصْبِرْ فَاِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
ඔවුන් තිගැස්සී ගොස් "සැබැවින්ම ඔබ ද යූසුෆ්?" යැයි විමසා සිටියහ. යූසුෆ් තුමා ඔවුනට, "එසේය, මමයි යූසුෆ්. මා සමග නුඹලා දකින මොහු මාගේ එක කුස උපන් සහෝදරයාය. අප කවර විෂයක සිටියේ ද ඉන් මුදවා අපගේ ඉරණම උසස් කරමින් අප වෙත අල්ලාහ් ආශිර්වාද කර ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කර දුෂ්කරතා මත ඉවසා කටයුතු කරන්නේද සැබැවින්ම ඔහුගේ ක්රියාව දැහැමි වේ. දැහැමියන්ගේ ප්රතිඵල අල්ලාහ් නිශ්ඵල කරන්නේ නැත. ඔහු එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තබනු ඇත." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَاللّٰهِ لَقَدْ اٰثَرَكَ اللّٰهُ عَلَیْنَا وَاِنْ كُنَّا لَخٰطِـِٕیْنَ ۟
ඔහුගේ සහෝදරයෝ ඔහුට ඔවුන් සිදු කළ දෑ ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමු. පූර්ණ ගුණාංග අල්ලාහ් නුඹට ලබා දීමෙන් අපට වඩා ඔහු ඔබට ආශිර්වාද කර ඇත. ඔබට අප සිදු කළ දෑහි අපි නපුරු අපාරධකාරියන් වූයෙමු." යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَا تَثْرِیْبَ عَلَیْكُمُ الْیَوْمَ ؕ— یَغْفِرُ اللّٰهُ لَكُمْ ؗ— وَهُوَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟
ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම යූසුෆ් පිළිගෙන, "අද දින නුඹලාට දඬුවම නියමවන පරිදි නුඹලා වෙත කිසිදු දොසක් හෝ හෙළා දැකීමක් හෝ නැත. නුඹලාට සමාව දානය කරන මෙන් මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. ඔහු සුවිශුද්ධය. කරුණාවන්තයින් අතර සිටින මහා කාරුණිකය." යි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْهَبُوْا بِقَمِیْصِیْ هٰذَا فَاَلْقُوْهُ عَلٰی وَجْهِ اَبِیْ یَاْتِ بَصِیْرًا ۚ— وَاْتُوْنِیْ بِاَهْلِكُمْ اَجْمَعِیْنَ ۟۠
පසුව තම පියාගේ ඇස් පෙනීම තමන් වෙත හැරී ඇති බව ඔවුහු ඔහුට දන්වා සිටි බැවින් ඔහුගේ කමිසය ඔවුනට පිරිනමා: "නුඹලා මේ මාගේ කමිසය රැගෙන ගොස්, මාගේ පියාගේ මුහුනට දමන්න. ඔහුට නැවතත් ඔහුගේ බැල්ම හිමිවනු ඇත. එමෙන්ම නුඹලාගේ පවුල්වල සාමාජිකයින් සියලු දෙනා මා වෙත රැගෙන එන්න" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمَّا فَصَلَتِ الْعِیْرُ قَالَ اَبُوْهُمْ اِنِّیْ لَاَجِدُ رِیْحَ یُوْسُفَ لَوْلَاۤ اَنْ تُفَنِّدُوْنِ ۟
එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا تَاللّٰهِ اِنَّكَ لَفِیْ ضَلٰلِكَ الْقَدِیْمِ ۟
ඔහු ළඟ සිටි ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකු, "අල්ලාහ් මත දිවුරා පවසමි. යූසුෆ් ගැන වූ ඔබේ පෙර ස්ථාවරයෙහි හා ඔහුව දෙවැනි වරට දැකිය හැකිවනු ඇතැයි යන ඔබේ පෙර සැකයෙහි ඔබ තවමත් සිටින්නෙහිය" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم معرفة يعقوب عليه السلام بالله حيث لم يتغير حسن ظنه رغم توالي المصائب ومرور السنين.
•වසර ගණනාවක් ගත වුව ද, එකදිගට පරීක්ෂණවලට මුහුණ දුන්න ද, යඃකූබ් අලයිහිස් සලාම් තුමාගේ නොවෙනස් අල්ලාහ් පිළිබඳ ඇති කරගත් අවබෝධයේ ඉමහත්භාවය.

• من خلق المعتذر الصادق أن يطلب التوبة من الله، ويعترف على نفسه ويطلب الصفح ممن تضرر منه.
•අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැ ද සිටීමත්, වරද පිළිගැනීමත්, තමන් විසින් හිංසාවක් සිදු වූ තැනැත්තාගෙන් ඒ සඳහා සමාව අයැද සිටීමත්, සැබෑ ලෙස නිදහසට කරුණු දක්වන්නන්ගේ ගුණාංගයකි.

• بالتقوى والصبر تنال أعظم الدرجات في الدنيا وفي الآخرة.
•තක්වා නොහොත් දේව සවිඥානකත්වය හා ඉවසීම තුළින් මෙලොව හා මතුලොව උසස් නිලයන් හිමි කර ගනී.

• قبول اعتذار المسيء وترك الانتقام، خاصة عند التمكن منه، وترك تأنيبه على ما سلف منه.
•වැරදිකරු විසින් නිදහසට කරුණු දැක්වීම, පළිගැනීම හා පළිගැනීමේ චේතනාව අතහැර දැමීම. විශේෂයෙන් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ඇති වී විටෙක, එමෙන්ම පෙර සිදු වූ දෑ ඔහු වෙත ආරෝපණය කිරීම අතහැර දැමීම.

 
የይዘት ትርጉም ምዕራፍ: ዩሱፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት