የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
51 : 12

قَالَ مَا خَطْبُكُنَّ اِذْ رَاوَدْتُّنَّ یُوْسُفَ عَنْ نَّفْسِهٖ ؕ— قُلْنَ حَاشَ لِلّٰهِ مَا عَلِمْنَا عَلَیْهِ مِنْ سُوْٓءٍ ؕ— قَالَتِ امْرَاَتُ الْعَزِیْزِ الْـٰٔنَ حَصْحَصَ الْحَقُّ ؗ— اَنَا رَاوَدْتُّهٗ عَنْ نَّفْسِهٖ وَاِنَّهٗ لَمِنَ الصّٰدِقِیْنَ ۟

රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من كمال أدب يوسف أنه أشار لحَدَث النسوة ولم يشر إلى حَدَث امرأة العزيز.
•අසීස්ගේ බිරියට සිදු වූ දෑ පෙන්වා නොදී කාන්තාවන්ට සිදු වූ දෑ පෙන්වා දෙමින් කටයුතු කළ යූසුෆ්ගේ උදාර ගතිගුණ. info

• كمال علم يوسف عليه السلام في حسن تعبير الرؤى.
•යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සතුව තිබූ, සිහිනවලට ඉතා හොදින් පලාපල කීමේ පූර්ණ දැනුම. info

• مشروعية تبرئة النفس مما نُسب إليها ظلمًا، وطلب تقصّي الحقائق لإثبات الحق.
•අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා නගනු ලබන විට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හා සත්යය තහවුරු කිරීම උදෙසා කරුණු සොයන මෙන් ඉල්ලීම ආගමානුගත කරනු ලැබ ඇත. info

• فضيلة الصدق وقول الحق ولو كان على النفس.
•තමන්ට විරුද්ධ ව පිහිටිය ද සත්ය කතා කිරීමේ හා ඍජු ලෙස කතා කිරීමේ මහිමය. info