Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (16) ምዕራፍ: አር-ረዕድ
قُلْ مَنْ رَّبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— قُلِ اللّٰهُ ؕ— قُلْ اَفَاتَّخَذْتُمْ مِّنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ لَا یَمْلِكُوْنَ لِاَنْفُسِهِمْ نَفْعًا وَّلَا ضَرًّا ؕ— قُلْ هَلْ یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ۙ۬— اَمْ هَلْ تَسْتَوِی الظُّلُمٰتُ وَالنُّوْرُ ۚ۬— اَمْ جَعَلُوْا لِلّٰهِ شُرَكَآءَ خَلَقُوْا كَخَلْقِهٖ فَتَشَابَهَ الْخَلْقُ عَلَیْهِمْ ؕ— قُلِ اللّٰهُ خَالِقُ كُلِّ شَیْءٍ وَّهُوَ الْوَاحِدُ الْقَهَّارُ ۟
"අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ප්රතික්ෂේපකයින්ගෙන්, ‘අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි කටයුතු පාලනය කරන පාලකයාණන් කවුරුන් දැ?’යි විමසනු. අහෝ දූතය! ‘ඒ දෙකෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි පාලකයාණන් අල්ලාහ්ය. ඒ බව නුඹලා පිළිගනිමින් සිටින්නෙහුය.’ යැයි පවසනු. අහෝ දූතය! තවදුරටත් ඔවුන්ගෙන්, ‘අල්ලාහ් හැර කිසිදු හැකියාවක් නැති භාරකරුවන් නුඹලා වෙනුවෙන් ගත්තෙහු ද? ඔවුන් ඔවුනටම පවා සෙතක් සලසා ගත නොහැකි, ඔවුනට අත් වන හිංසාවන් ඉවත් කර ගත නොහැකි තත්ත්වයක සිටියදී ඔවුන් හැර වෙනත් අය කෙරෙහි එසේ සිදු කිරීම කෙසේනම් හැකි වන්නේද?!’ යැයි විමසනු. අහෝ දූතය! ‘පෙනුම නැති වූ අන්ධභාවයේ පෙළෙන දේව ප්රතික්ෂේපකයා හා යහමග ලැබූ දැක්මක් ඇති දේව විශ්වාසියා සමාන වන්නේ ද? එසේ නැතිනම් අන්ධකාරයෙන් පිරුණු දේව ප්රතික්ෂේපය හා ආලෝකයෙන් පිරුණු දේව විශ්වාසය සමාන වන්නේද? එසේ නැතහොත් මැවීමෙහිදී ශුද්ධවන්ත අල්ලාහ්ට හවුල් කරුවන් එකතු කරමින් අල්ලාහ්ගේ මැවීම් හා සමාන දෑ මවා අල්ලාහ්ගේ මැවීම් ඔවුන්ගේ හවුල්කරුවන්ගේ මැවීම් සමග මිශ්ර වී ඇත්තේ ද?’ යැයි විමසනු. අහෝ දූතය! ‘සියලු දෑහි මැවුම්කරුවාණන් අල්ලාහ් පමණය. මැවීම් හි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. දේවත්වයෙන් ඔහු ඛේවලය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහු සියල්ල අබිබවා යන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان ضلال المشركين في دعوتهم واستغاثتهم بغير الله تعالى، وتشبيه حالهم بحال من يريد الشرب فيبسط يده للماء بلا تناول له، وليس بشارب مع هذه الحالة؛ لكونه لم يتخذ وسيلة صحيحة لذلك.
•උත්තරීතර අල්ලාහ්ගෙන් තොර ව දේව ආදේශකයින් තමන් කරන ඇරයුමෙහි හා උදව් පැතීමෙහි පවතින මුළාව පැහැදිලි කිරීම. ඔවුන්ගේ තත්ත්වය ජලය පානය කිරීම සඳහා කිසිදු මාධ්යයක් භාවිතා කිරීමෙන් තොර ව තම අත දිගු කර එම තත්ත්වය මත ජලය පානය කිරීමට නොහැකි අයකුට සමානය. ඊට හේතුව ඒ සඳහා නිවැරදි මාධ්යයක් ඔහු භාවිතා නොකළ බැවිණි.

• أن من وسائل الإيضاح في القرآن: ضرب الأمثال وهي تقرب المعقول من المحسوس، وتعطي صورة ذهنية تعين على فهم المراد.
•අල් කුර්ආනය තුළ පැහැදිලි කිරීමෙහි මාධ්යයක් ලෙස උපමා භාවිතය. එය බුද්ධිමය වශයෙන් වටහා ගන්නට වඩාත් උචිතය. කරුණු අවබෝධ කර ගත හැකි අයුරින් බුද්ධිමය දර්ශනයක් එය පිරිනමයි.

• إثبات سجود جميع الكائنات لله تعالى طوعًا، أو كرهًا بما تمليه الفطرة من الخضوع له سبحانه.
•කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සියලුම නිර්මාණ අල්ලාහ්ට අවනත වන බව ස්ථීර කිරීම. ඔහුට යටහත් වීම සඳහා ඒවාට සහජයෙන්ම නැඹුරුතාවක් පිහිටා ඇති බැවිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (16) ምዕራፍ: አር-ረዕድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት