Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሒጅር   አንቀጽ:
وَلَقَدْ جَعَلْنَا فِی السَّمَآءِ بُرُوْجًا وَّزَیَّنّٰهَا لِلنّٰظِرِیْنَ ۟ۙ
ගොඩබිමේ හෝ සාගරයේ හෝ රාත්රී අන්ධකාරයේ මිනිසුන් ගමන් කරන විට එමගින් මග සොයා ගනු පිණිස අහසේ අති විශාල තාරකාවන් අපි ඇති කළෙමු. එමෙන්ම ඒ දෙස බලන දකින දනන් හට අල්ලාහ්ගේ බලබමහිමය ගැන සාක්ෂි හා සාධක ඒවා මගින් ගනු පිණිස අපි ඒවා අලංකාරවත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَحَفِظْنٰهَا مِنْ كُلِّ شَیْطٰنٍ رَّجِیْمٍ ۟ۙ
අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලද සෑම ෂෙයිතානුවෙකුගෙන්ම අපි අහස ආරක්ෂා කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَاَتْبَعَهٗ شِهَابٌ مُّبِیْنٌ ۟
උසස් ප්රාධානීන් වෙනුවෙන් රහසිගතව සවන් දෙන්නා හැර. ඔහු වෙත ඇවිළෙන උල්කාවක් කඩා වැටී ඔහු ව පුළුස්සා දමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْاَرْضَ مَدَدْنٰهَا وَاَلْقَیْنَا فِیْهَا رَوَاسِیَ وَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ شَیْءٍ مَّوْزُوْنٍ ۟
ජනයා මහපොළොව මත වාසය කරනු පිණිස අපි එය දිග හැරියෙමු. මිනිසුන් චලනය නොවන තරමට ඒ මත අපි ස්ථාවර කඳු ඇති කළෙමු. ප්රඥා ව නියම කරන දෑ අනු ව නිර්ණය කරන ලද විවිධ වර්ගයේ පැළෑටි අපි එහි හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلْنَا لَكُمْ فِیْهَا مَعَایِشَ وَمَنْ لَّسْتُمْ لَهٗ بِرٰزِقِیْنَ ۟
නුඹලා මෙලොව ජීවිතය ගත කරන තාක්කල් නුඹලා වෙනුවෙන් ආහාර පාන වැනි නුඹලාගේ ජීවන සම්පත් අපි එම පොළොව මත ඇති කළෙමු. එමෙන්ම නුඹලා පෝෂණය නොකළා වූ නුඹලා හැර සෙසු මිනිසුන් හා සතුන්ට ද ඔවුන්ගේ ජීවන සම්පත් අපි ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ مِّنْ شَیْءٍ اِلَّا عِنْدَنَا خَزَآىِٕنُهٗ ؗ— وَمَا نُنَزِّلُهٗۤ اِلَّا بِقَدَرٍ مَّعْلُوْمٍ ۟
මිනිසුන් හෝ සතුන් ප්රයෝජනය ලබන යම් දෙයක් වී නම් එය ඇති කිරීමට හා එමගින් ජනයින්ට සෙත සලසන්නට බලය ඇත්තෝ අපමය. අප හැර වෙනත් කිසිවෙකු නැත. ඒවායින් අප ඇති කරන්නට යන දෑ අපගේ ප්රඥාව හා අපගේ අභිමතය නියම කරන නිශ්චිත ප්රමාණයකින් මිස අපි ඒවා ඇති නොකරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَرْسَلْنَا الرِّیٰحَ لَوَاقِحَ فَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً فَاَسْقَیْنٰكُمُوْهُ ۚ— وَمَاۤ اَنْتُمْ لَهٗ بِخٰزِنِیْنَ ۟
වළාකුළු උසුලාගෙන යන සුළඟ අපි එව්වෙමු. එය උසුලාගෙන එන වළාකුළු මගින් වර්ෂාව පහළ කළෙමු. වර්ෂා මගින් අපි නුඹලාට ජලය සැපයූවෙමු. අහෝ ජනයිනි! උල්පත් ලෙස හෝ ළිං ලෙස හෝ පවතින්නට තරම් මහපොළොවේ එම ජලය රඳවා ගෙන සිටින ගබඩාකරුවන් නුඹලා නොවන්නෙහුය. එහි ගබඩා කර තබන්නේ අල්ලාහ්මය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّا لَنَحْنُ نُحْیٖ وَنُمِیْتُ وَنَحْنُ الْوٰرِثُوْنَ ۟
ශුන්ය තත්වයේ සිට ඔවුන් මැවීමෙන් හා මිය ගිය පසු යළි ඔවුන් අවදි කිරීමෙන් මිය ගිය ඇත්තන්හට යළි ජීවය ලබා දෙන්නේ අපමය. ඔවුන් නියමිත ආයු කාලය සම්පූර්ණ කළ විට ජීවීන් මරණයට පත් කරන්නෙමු. මහපොළොව හා ඒ මත සිටින්නන්ට උරුමය ලබා දෙන සදා උරුමක්කරුවෝ අපම ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِیْنَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَاْخِرِیْنَ ۟
නුඹලා අතරින් පෙර බිහි වන අය හා මරණයට පත් වන අය ගැන සැබැවින්ම අපි දනිමු. ඒ දෙකෙහිම ප්රමාද වන්නන් ගැන ද අපි දනිමු. ඒ කිසිවක් අපට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ هُوَ یَحْشُرُهُمْ ؕ— اِنَّهٗ حَكِیْمٌ عَلِیْمٌ ۟۠
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සියලු දෙනා එක්රැස් කරනුයේ සැබැවින්ම නුඹගේ පරමාධිපතිය. එය දැහැමි ලෙස කටයුතු කළ දැහැමියන්ට ප්රතිඵල දීමට හා නපුරු ලෙස කටයුතු කළ නපුරන්ට විපාක දීම පිණිසය. සැබැවින්ම ඔහු යමක් සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. මහා ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ صَلْصَالٍ مِّنْ حَمَاٍ مَّسْنُوْنٍ ۟ۚ
තට්ටු කරනු ලබන විට හඬ නිකුත් වන වේළුණු මැටියෙන් සැබැවින්ම අපි ආදම් ව මැව්වෙමු. ඔහු මවනු ලැබූ එම මැටි දිගු කලක පැවැත්ම හේතුවෙන් ගන්ධය වෙනස් වූ කළු පැහැයෙන් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْجَآنَّ خَلَقْنٰهُ مِنْ قَبْلُ مِنْ نَّارِ السَّمُوْمِ ۟
ආදම් (අලයිහිස් සලාම්) තුමා මැවීමට පෙර ජින් වර්ගයාගේ පියා දැඩි උෂ්ණත්වයකින් යුත් ගින්නෙන් අපි මැව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلٰٓىِٕكَةِ اِنِّیْ خَالِقٌۢ بَشَرًا مِّنْ صَلْصَالٍ مِّنْ حَمَاٍ مَّسْنُوْنٍ ۟
අහෝ දූතය! "තට්ටු කරන විට හඬක් අසෙන, වෙනස් වූ ගන්ධයක් සහිත වේළුණු මැටියෙන් සැබැවින්ම මම මිනිසා මවන්නට යමි" යැයි නුඹේ පරමාධිපති අහස්වාසී මලක්වරුන් හා ඉබ්ලීස්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරන බලනු. - එවිට ඉබ්ලීස් ද ඔවුන් සමග විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا سَوَّیْتُهٗ وَنَفَخْتُ فِیْهِ مِنْ رُّوْحِیْ فَقَعُوْا لَهٗ سٰجِدِیْنَ ۟
ඔහුගේ හැඩරුව සමානුපාතිකව නිසිලෙස සකසා ඔහුගේ මැවීම මා සම්පූර්ණ කළ විට මාගේ නියෝගය පිළිපැද හා ඔහුට සුබ පතමින් ඔහුට සිරස නමනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَجَدَ الْمَلٰٓىِٕكَةُ كُلُّهُمْ اَجْمَعُوْنَ ۟ۙ
එවිට මලක්වරුන් එය පිළිපැද්දාහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට නියෝග කළ පරිදි ඔවුන් සියල්ලෝම ඔහුට සිරස නමා ආචාර කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّاۤ اِبْلِیْسَ ؕ— اَبٰۤی اَنْ یَّكُوْنَ مَعَ السّٰجِدِیْنَ ۟
නමුත් මලක්වරුන් සමගම සිටි ඉබ්ලීස් හැර. ඔහු ඔවුන් අතර කෙනෙකු නොවීය. මලක්වරුන් සමග ආදම් (අලයිහිස් සලාම්) තුමාට සිරස නමා ආචාර කිරීමෙන් වැළකුණේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ينبغي للعبد التأمل والنظر في السماء وزينتها والاستدلال بها على باريها.
•අහස දෙස හා එහි අලංකාරය දෙස බලා ඒ ගැන සිතීමත් ඒ හරහා එහි නිර්මාපකයාණන් නිරූපණය කර ගැනීමට උත්සාහ ගැනීමත් ගැත්තාට අවශ්ය වන්නේය.

• جميع الأرزاق وأصناف الأقدار لا يملكها أحد إلا الله، فخزائنها بيده يعطي من يشاء، ويمنع من يشاء، بحسب حكمته ورحمته.
•සියලුම පෝෂණයන් හා නිර්ණය කරන ලද වර්ග අල්ලාහ්ට මිස වෙනත් කිසිවෙකුට සතු නොවන්නේය. ඒවායෙහි භාණ්ඩාගාරය ඔහු සතුව ඇත. ඔහු අභිමත කරන අයට පිරිනමන අතර ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. එය ඔහුගේ ප්රඥාවේ හා දයාව අනුව සිදුවන්නකි.

• الأرض مخلوقة ممهدة منبسطة تتناسب مع إمكان الحياة البشرية عليها، وهي مثبّتة بالجبال الرواسي؛ لئلا تتحرك بأهلها، وفيها من النباتات المختلفة ذات المقادير المعلومة على وفق الحكمة والمصلحة.
• මහපොළොව මිනිසා ජීවත් වීමට හැකි අයුරින් ඊට ගැලපෙන පරිදි විහිදුවා ව්යාප්ත ව මවන ලද්දකි. එය ඒ මත සිටින්නන් චලනය නොවන පරිදි උස් කඳු මගින් ශක්තිමත් කර ඇත. ප්රඥාවට හා යහපතට අනුකූල ව නියම කරන ලද ප්රමාණයක් සහිත ව විවිධ වර්ගයේ ගහකොළ හා පැලෑටි එහි පිහිටා ඇත.

• الأمر للملائكة بالسجود لآدم فيه تكريم للجنس البشري.
•මිනිස් වර්ගයා ගෞරවයට පත් කරමින් ආදම්ට සිරස නමා ආචාර කරන මෙන් මලක්වරුන්ට කළ නියෝගය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሒጅር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት