Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (105) ምዕራፍ: አን-ነሕል
اِنَّمَا یَفْتَرِی الْكَذِبَ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِاٰیٰتِ اللّٰهِ ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الْكٰذِبُوْنَ ۟
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද ඒ් සම්බන්ධයෙන් එතුමා බොරු පවසන්නෙකු නොවේ. සැබැවින්ම බොරු ගොතා පවසනුයේ අල්ලාහ්ගේ පාඨ සත්ය බව පිළි නොගන්නන්ය. ඊට හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවෙති. කුසල් බලාපොරොත්තු නොවෙති. දේව ප්රතික්ෂේපය සමඟ වර්ණනා කරනු ලැබු ඔවුන් මුසාවාදීන් ම ය. ඊට හේතුව සැබැවින්ම බොරුව ඔවුන් පුරුද්දක් බවට පත් කර ගත් සිරිතක් වූ බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الترخيص للمُكرَه بالنطق بالكفر ظاهرًا مع اطمئنان القلب بالإيمان.
හදවත දේව විශ්වාසයෙන් තැන්පත් වීමත් සමඟ බල කිරීම හේතුවෙන් මතුපිටින් දේව ප්රතික්ෂේපයේ වදන පවසා සිටීම සඳහා එසේ බල කරනු ලබන්නාට හිමි අනුමැතිය.

• المرتدون استوجبوا غضب الله وعذابه؛ لأنهم استحبوا الحياة الدنيا على الآخرة، وحرموا من هداية الله، وطبع الله على قلوبهم وسمعهم وأبصارهم، وجعلوا من الغافلين عما يراد بهم من العذاب الشديد يوم القيامة.
දහමින් පිටත හැරී යන්නා අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවම අනිවාර්යයෙන් උපයා ගෙන ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොව ජීවිතයට ඇලුම් කොට අල්ලාහ්ගේ මඟ පෙන්වීමෙන් ඔවුන් වැළකී සිටි බැවිනි. අල්ලාහ් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්රා තැබීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බරපතල දඬුවම් ඔවුනට අත්වීම ගැන නොසැලකිලිමත් වූවන් අතරට ඔවුහු පත්වූහ.

• كَتَبَ الله المغفرة والرحمة للذين آمنوا، وهاجروا من بعد ما فتنوا، وصبروا على الجهاد.
අල්ලාහ්ව විශ්වාස කොට, පරීක්ෂාවට භාජනය වීමෙන් පසු හිජ්රත් හෙවත් මක්කාවෙන් මදීනාව වෙත නික්ම ගොස් ජිහාද් හෙවත් සාධාරණත්ව මත වෙහෙසීම ඉවසීමෙන් දරාගත් අයහට අල්ලාහ් සමාව හා කරුණාව නියම කළේය.

 
የይዘት ትርጉም አንቀጽ: (105) ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት