Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (42) ምዕራፍ: አን-ነሕል
الَّذِیْنَ صَبَرُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟
අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මොවූහු වනාහි, ඔවුන්ගේ ප්රජාවෙන් අත් වූ හිංසා පීඩාවන් මත සහ ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දේශයෙන් වෙන්වීම ගැන ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ්ට අවනත වීමෙහි ද ඉවසීමෙන් කටයුතු කළවුන් වෙති. ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත ම ස්ථාවරයෙන් සිටියහ. එහෙයින් අල්ලාහ් ඔවුනට අතිමහත් ප්රතිඵල පිරිනැමුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• العاقل من يعتبر ويتعظ بما حل بالضالين المكذبين كيف آل أمرهم إلى الدمار والخراب والعذاب والهلاك.
•බුද්ධිමතා යනු නොමග ගිය බොරුකාරයින්ට අත් වූ ඉරණම හා ඔවුන් සුන්බුන් බවට පත්වීම, ගරා වැටීම, දඩුවම හා විනාශයේ මුඛයට පත් වූයේ කෙසේ දැයි සැලකිලිමත් වී ඒ ගැන පාඩම් ලබන්නාය.

• الحكمة من البعث والمعاد إظهار الله الحقَّ فيما يختلف فيه الناس من أمر البعث وكل شيء.
•යළි නැගිටුවීම, ගෙන්වා ගැනීම යනාදියෙහි යථාර්ථය වනුයේ ඔවුන් මතභේද ඇති කර ගත් යළි නැගිටුවීම හා අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් සත්යය අල්ලාහ් හෙළි කිරීමය.

• فضيلة الصّبر والتّوكل: أما الصّبر: فلما فيه من قهر النّفس، وأما التّوكل: فلأن فيه الثقة بالله تعالى والتعلق به.
•ඉවසීමේ හා සියල්ල භාර කිරීමෙහි මහිමය. ඉවසීම යනු ස්වයං පාලනය අන්තර්ගත වන්නකි. සියල්ල අල්ලාහ් වෙත භාර කිරීම යනු අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය හා ඔහු සමග සියල්ල සම්බන්ධ කිරීම අන්තර්ගත වන්නකි.

• جزاء المهاجرين الذين تركوا ديارهم وأموالهم وصبروا على الأذى وتوكّلوا على ربّهم، هو الموطن الأفضل، والمنزلة الحسنة، والعيشة الرّضية، والرّزق الطّيّب الوفير، والنّصر على الأعداء، والسّيادة على البلاد والعباد.
•හිංසා පීඩාවන් ඉවසා දරා, තම පරමාධිපති මත සියල්ල පවරා, තම නිවෙස් හා තම දේපොළ සම්පත් හැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් සතු ප්රතිඵල. එනම් විශිෂ්ඨ පදිංචි ස්ථානය, යහපත් නිවහන, නැවුම් ජීවිතය, සාරවත් පිරිපුන් පෝෂණ සම්පත්, සතුරන්ට එරෙහිව උදව් උපකාර, දේශයන් හා ගැත්තන් මත දරණ නායකත්වය යනාදියයි.

 
የይዘት ትርጉም አንቀጽ: (42) ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት