Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (71) ምዕራፍ: አን-ነሕል
وَاللّٰهُ فَضَّلَ بَعْضَكُمْ عَلٰی بَعْضٍ فِی الرِّزْقِ ۚ— فَمَا الَّذِیْنَ فُضِّلُوْا بِرَآدِّیْ رِزْقِهِمْ عَلٰی مَا مَلَكَتْ اَیْمَانُهُمْ فَهُمْ فِیْهِ سَوَآءٌ ؕ— اَفَبِنِعْمَةِ اللّٰهِ یَجْحَدُوْنَ ۟
අල්ලාහ් නුඹලාට දායාද කළ පෝෂණ සම්පත්හි නුඹලා ඇතැමෙකු ඇතැමෙක්ට වඩා උත්තරීතර අල්ලාහ් උසස් කොට ඇත. නුඹලා අතර පොහොසතුන් හා දුප්පතුන් ද නායකයින් හා නායකත්වය යටතේ පාලනය වන්නන් ද පත් කළේය. පෝෂණ සම්පත්හි අල්ලාහ් උසස් කළ ජනයා ආධිපත්යයේ ඔවුන්ගේ වහලුන් ඔවුනට සමානයන් වන තෙක් ඔවුනට පිරිනැමූ දෑ ඔවුන්ගේ වහලුන් හටත් පිරිනැමීම ප්රතික්සේප කිරීම සුදුසු නැත. ඔවුන්ගේ වහලුන් ඔවුනට සමාන වී ඔවුන්ගේ හවුල් කරුවන් වීම ඔවුන් පිළි නොගන්නේ නම් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ඔහු ට සමානයන් තැබීමෙන් ඔවුන් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? මෙය මොනයම් ආකාරයේ අපරාධයක් ද? අල්ලාහ්ගේ ආශිර්වාදයන් වළක්වාලන මීට වඩා බරපතල යමක් තිබිය හැකිද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• جعل تعالى لعباده من ثمرات النخيل والأعناب منافع للعباد، ومصالح من أنواع الرزق الحسن الذي يأكله العباد طريًّا ونضيجًا وحاضرًا ومُدَّخَرًا وطعامًا وشرابًا.
•අල්ලාහ් තම ගැත්තන් හට ඉඳි, මිදි වැනි පළතුරුවල ප්රයෝජන තබා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ දී ආහාර හෝ පාන ආකාරයෙන් නැවුම් සහ ඉදුණු ලෙස පරිභෝජනය කළ හැකි විවිධ පෝෂණ සම්පත් වල ප්රතිලාභ තබා ඇත.

• في خلق النحلة الصغيرة وما يخرج من بطونها من عسل لذيذ مختلف الألوان بحسب اختلاف أرضها ومراعيها، دليل على كمال عناية الله تعالى، وتمام لطفه بعباده، وأنه الذي لا ينبغي أن يوحَّد غيره ويُدْعى سواه.
•කුඩා මී මැස්සියගේ නිමැයුමේ හා උන් ජීවත්වන භූමිය හා ආහාර ලබා ගන්නා තැන්වන වෙනස්වීම්වලට අනුව විවිධ වර්ණයෙන් යුතුව උන්ගේ උදරවලින් පිටවන ප්රණීත මී පැණිවල අල්ලාහ්ගේ පූර්ණවත් අවදානය හා ඔහු තම ගැත්තන් කෙරෙහි තබා ඇති පූර්ණවත් සෙනෙහස විදහා දක්වන සාධක ඇත. ඔහු හැර වෙනත් කෙනෙකු ඒකීයභාවයට පත් කිරීම හෝ වෙනත් කෙනෙකුගෙන් කණ්ණලව් කිරීම සුදුසු නොවන්නේය.

• من منن الله العظيمة على عباده أن جعل لهم أزواجًا ليسكنوا إليها، وجعل لهم من أزواجهم أولادًا تقرُّ بهم أعينهم، ويخدمونهم ويقضون حوائجهم، وينتفعون بهم من وجوه كثيرة.
•අල්ලාහ් තම ගැත්තන් හට පිරිනැමූ අතිමහත් ආශිර්වාද අතරින් ඔවුන් සැනසුම ලබනු පිණිස ඔවුන්ගේ අඹුවන් පත් කර තිබීමද එකකි. ඔවුන්ගේ අඹුවන් තුළින් ඔවුනට නෙත් පිණවන දරුවන් ද ඔහු ඇති කළේය. ඔවුහු ඔවුනට ඇප උපස්ථාන කරති. ඔවුන්ගේ අවශ්යතාවන් ඉටු කර දෙති. ඔවුන් තුළින් විවිධ ප්රයෝජන බොහෝමයක් ඔවුහු ලබති.

 
የይዘት ትርጉም አንቀጽ: (71) ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት