የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
110 : 2

وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ؕ— وَمَا تُقَدِّمُوْا لِاَنْفُسِكُمْ مِّنْ خَیْرٍ تَجِدُوْهُ عِنْدَ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟

සලාතය එහි ඇති අර්කාන් හෙවත් මූලිකාංග, වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා සුනන් හෙවත් නබි පිළිවෙත අනුගමනය කරමින් පූර්ණව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ලැබිය යුත්තන් හට සකාත් නිකුත් කරනු. ඒ සමඟම නුඹලාගේ ජීවිතයේ යහකම් ඉටු කරනු. නුඹලාගේ මරණයට පෙර නුඹලා වෙනුවෙන් ඒවා ඉදිරිපත් කොට රැස්කර ගනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස එහි ප්රතිඵල නුඹලා දකිනු ඇත. ඒ වෙනුවෙන් නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ මැනවින් නිරීක්ෂණය කරන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الأمر كله لله، فيبدل ما يشاء من أحكامه وشرائعه، ويبقي ما يشاء منها، وكل ذلك بعلمه وحكمته.
සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔහුගේ තීන්දු හා ෂරීආ පිළිවෙත් ඔහු කැමති පරිදි වෙනස් කරයි. ඒවායින් ඔහු කැමති දෑ ඉතිරි කරයි. මේ සියල්ල සිදු වනුයේ ඔහුගේ අනුදැනුමෙන් හා ඔහුගේ ප්රඥාවෙනි. info

• حَسَدُ كثيرٍ من أهل الكتاب هذه الأمة، لما خصَّها الله من الإيمان واتباع الرسول، حتى تمنوا رجوعها إلى الكفر كما كانت.
ආගම් ලත් ජනයා අතර බොහෝ දෙනා මෙම සමූහයා සමග ක්රෝධය හා ඊර්ෂ්යාව ඇති කර ගත්හ. දේව විශ්වාසය හා රසූල්වරයා පිළිපදින මෙන් අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණි පසු පවා ඔවුන් නැවත එම සමූහයා පෙර සිටි දේව ප්රතික්ෂේපයේ තත්ත්වයට යොමු කරන්නට ආශා කරන තරම් එම ඊර්ෂ්යාව හා ක්රෝධය පිහිටින. info