Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (148) ምዕራፍ: አል-በቀራህ
وَلِكُلٍّ وِّجْهَةٌ هُوَ مُوَلِّیْهَا فَاسْتَبِقُوْا الْخَیْرٰتِ ؔؕ— اَیْنَ مَا تَكُوْنُوْا یَاْتِ بِكُمُ اللّٰهُ جَمِیْعًا ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
සෑම සමූහයකටම ආධ්යාත්මික වශයෙන් හෝ භෞතික වශයෙන් හැරෙන දිශාවක් ඇත. ඔවුන්ගේ කිබ්ලා දිශාවෙහි හා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ දෑහි පවතින වෙනස්කම් ඒ අතුරින් වන්නේය. අල්ලාහ්ගේ නියෝගයක් හෝ ඔහුගේ පිළිවෙතක් වී නම් ඔවුන්ගේ දිශාවන් කවර වෙනස්කම් වලින් පැවතුණ ද කිසිදු හානියක් නැත. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, ඉටු කරන්නට නියෝග කරනු ලැබූ ක්රියාවන් ඉටු කිරීම සඳහා තරඟ වදිනු. නුඹලා කවර ස්ථානයක සිටියද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු නුඹලා ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තාය. නුඹලාගේ සියලු දෙනා එක් වුව ද ඔහු ව පරාජය කළ නොහැක. ඔහු හැර නුඹලාට වෙනත් මගක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إطالة الحديث في شأن تحويل القبلة؛ لما فيه من الدلالة على نبوة محمد صلى الله عليه وسلم.
•කිබ්ලා දිශාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දිගුවට ප්රකාශ කර තිබීම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය පෙන්වා දෙන සාධකයකි.

• ترك الجدال والاشتغالُ بالطاعات والمسارعة إلى الله أنفع للمؤمن عند ربه يوم القيامة.
•නොමනා තර්ක අතහැර දමා අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු වෙත නැඹුරු වීමෙහි තමන් නිරත කරවීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති අබියස දෙවියන් විශ්වාස කරන්නාහට වඩාත් ඵලදායී වනු ඇත.

• أن الأعمال الصالحة الموصلة إلى الله متنوعة ومتعددة، وينبغي للمؤمن أن يسابق إلى فعلها؛ طلبًا للأجر من الله تعالى.
•අල්ලාහ් වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් විවිධාකාරය. ඔහු වෙතට නැඹුරු කරවන තත්ත්වයෙන් වඩාත් ගැලපෙන ක්රියාවලියක් මුඃමින්වරයකු තෝරා ගැනීම අවශ්ය වන්නේය.

• عظم شأن ذكر الله -جلّ وعلا- حيث يكون ثوابه ذكر العبد في الملأ الأعلى.
•ගැත්තෙක් අල්ලාහ් ව මෙනෙහි කිරීමේ වැදගත්කම. එසේ සිහිපත් කරන එම ගැත්තා උසස් පිරිස අතර අල්ලාහ් මෙනෙහි කරනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (148) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት